16th Love

363 126 27
                                    

Jin's POV

මම ටෙන්ට් එකට වෙලා ජන්ග්කුක් එනකන් හිටියේ එයාව පොඩ්ඩක් අවුස්සන්නත් එක්ක. හවස ටේයුන් හම්බෙන්නත් යන්න ඕනේ නිසා මම ජන්ග්කුක්ගේ ශිෆ්ට් එක ඉවර වෙනකන් ඇදට වෙලා හිටියේ එයාව අවුස්සන්න හොදම විදිහ කල්පනා කරන ගමන්. ඒත් මම හිතන්නත් කලින් ජන්ග්කුක් ටෙන්ට් එකට කඩන් පාත් උනා.

"හ්‍යුන්ග් ඔයා ඇවිල්ලා. කීයටද ආවේ? කව්ද ඔයාව ගන්න ආවේ?"

"කැප්ටන් යුන්ගි කෙනෙක්ව එවල තිබ්බා. එහෙන් ආවේ හතට."

"හ්‍යුන්ග් අයි මිස් යූ."

ජන්ග්කුක් මාව එයාගේ මකුලු අත් වලට හිර කරගන්න කොට මම පුලුවන් තරම් එයාව ඇත් කරන්න උත්සාහ කරා. මගේ ඇටකටු ඔක්කොම වගේ කැඩෙනකොට මම ජන්ග්කුක්ව එහාට කරල අනිත් ඇදෙන් වාඩි වෙනකොට ජන්ග්කුක් එයාගේ ප්‍රශ්න පත්‍රය දිග අරිද්දි මම ඒ ඔක්කොටම උත්තර දුන්නා.

"ඒක නෙවෙයි කුක්..මම ඔයාගෙයි කැප්ටන් යුන්ගිගෙයි එෆයා එක ගැන ගෙදරට කිව්වා."

"මොකක්? හ්‍යුන්ග් ඔයා මොකක්ද කරේ?මම මේ නිවාඩුවට ගියාම කියන්න හිටියේ. අයියෝ ඔයා වැඩේ ඔක්කොම අවුල් කරලා. අප්පා මට බැන්නද?"

"අප්පා නෙවෙයි කුක්. පපා අවුල්."

මම අවස්තාවට මූන හදාගන්නකොට ජන්ග්කුක් හරිම කුතුහලයක් එක්ක මගේ දිහා බැලුවා. මම එයාව අවුස්සන්න තවත් නරක විදිහට මූන හදාගන්නකොට එයා හොදටම බය උනා.

''අ-ඇයි?"

මම මේක ගැන කිව්වා විතරයි පපා එයාගේ ගන් කලෙක්ශන් එකෙන් ගන් එකක් ගත්තා. කෙලින්ම කැප්ටන් යුන්ගිගේ ගෙදර යන්න ගියේ. මමයි අප්පායි හරි අමාරුවෙන් බේරගත්තේ පපාට යන්න නොදි. ලමයි මැරුවත් මින් පවුලට දෙන්නේ නෑ කිව්වා. මට කිව්වා ඔයාට කියන්න කියලා ඔය එෆයා එක දැන්ම නතර කරන්න පපා මැදිහත් වෙන්න කලින් කියලා.

"ප-පපා එහෙම ක්-කිව්වද හ්‍යුන්ග්"

මම ඔව් කියලා ඔලුව වනනකොට ජන්ග්කුක් ගේ ඇස් වලින් කදුලු වැටුනා. පොඩ්ඩක් ඇඩුවට කමක් නෑ කියලා හිතාගෙන මම එයාව තවත් අවුස්සද්දි ජන්ග්කුක් අඩාගෙන ටෙන්ට් එකෙන් එලියට දුවනකොට මම ඇදට වෙලා ඔහේ බලන් හිටියේ මට හන්ගලා මේ දෙවල් කරනවට හොද වැඩේ කියලා.

මම ඇදෙන් වාඩි වෙලා අප්පා මට එවලා තියන දේවල් එකින් එක අරන් බැලුවා. බැගේජ් හතරක් පිරෙන්න අප්පා ඕනේ එකයි එපා එකයි ඔක්කොම එවනකොට මට ආයේ ඕවා අරන් ආව විදිහටම  අරන් යන්න වෙනවා කියලා මතක් උනාම  ඒ ටික කෙන්ගේ ගෙදරවත් දාලා ආවේ නැත්තේ අපරාදේ කියලා මට හිතුනා. තියන ඔක්කොම උඩින් උඩින් අස් කරලා වෙලාව බලනකොට මම දැක්කා හතර වෙන්න තව හරිම ටික වෙලාවයි කියලා.

ඉක්මනට මූන හෝදගෙන මම ගෙනාව අලුත්ම ඇදුම් වලින් එකක් ඇදගෙන මම යන්න ලෑස්ති උනේ අද මගේ පලවෙනි ඩේට් එක නිසා. මේ කැලේ ඇතුලේ මොන ඩේට්ද කියලා හිතුනත් මොකක්දෝ හේතුවකට මම ටේයුන් බලන්න යන එක ගැන හරි සතුටෙන් හිටියා. ඒ නිසාම හොදම විදිහට ලෑස්ති වෙලා මම එලියට එන්න හදද්දිම ජන්ග්කුක් ටෙන්ට් එකෙන් එලියේ ඉදන් කෑ ගැහුවා.

"හ්‍යුන්ග්"



To be continued ...


A/N: හරියට නිදාගත්තත් තාම හරි නිදිමතයි 😪

Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now