19th Love

323 127 23
                                    

Jin's POV



ටේටේ කිව්ව විදිහට මම ආරෙම් ආච්චම්මාගේ ගෙදර ලගට එනකොට මම දැක්කා ටේටේ ඒ ලග ඉදන් ඈත බලාගෙන ඉන්නවා. මම සද්ද නොකර ලගට ගිහින් එයාව බය කරන්න හැදුවත් මම එයාගේ ලගටම ගියාට පස්සේ එක පාරටම එයා මගේ පැත්ත හැරනකොට මම බය උනා. ටේටේ ඒකට මට හිනා වෙද්දි මට කරන්න පුලුවන් උනේ එයා දිහා පව්ට් එකක් එක්ක බලන් ඉන්න විතරයි.

"ඔයා ඔය විදිහට හරි ලස්සනයි ජිනී. මට ඔයාව කිස් කරන්න හිතෙනවා."

මම ඊට පස්සේ පව්ට් එක කිස් එකක් වෙන තරමට දිගු කරනකොට ටේටෙ හිනා වෙලා මට පෙක් එකක් දුන්නා. නැවක් බලාපොරොත්තු වෙලා ඉන්නකොට ෆුට්සයිකල් එකක් හම්බුනාම ඇති වෙන හැගීමට සමාන හැගීමක් මට හම්බෙනකොට ටේටේ මගේ අත එයාගේ අත් වල පටලගත්තා.

''අපි අද කොහෙද යන්නේ?"

"දිව්‍ය ලෝකෙට."

ටේටේ හිනා වෙලා මගේ දිහා බලලා කියනකොට මම අද එයා මාව කොහෙද අරන් යන්නේ කියන දේ හිතෙන් ගෙස් කර කර එයා එක්ක ගියා. ඇවිදින එක හරි කම්මැලි වැඩක් උනත් ටේටේ එක්ක ඇවිදින එකට මම ගොඩක් ආස උනේ එයා මාව අරන් යන්නේ ලස්සනම තැන් වලට නිසා. ඊටත් වඩා එයා මගේ ලග ඉන්න හැම තත්පරයකටම මම ගොඩක් ආස උනා.

"තව දුරයිද?"

"තව ටික දුරයි."

පැයක් තිස්සේ ටේටේ තව ටික දුරයි , තව ටික දුරයි කිව්වත් මට ඒ ටික දුර ඉවර වෙන පාටක් තිබ්බේ නෑ. ටේටේ මගේ අතින් ඇදගෙන අන්තිම ටික යනකොට මම බිම වාඩි උනේ තව එක අඩියක් වත් හෙල්ලෙන්නේ නෑ කියලා. ඒක ඇහුන ගමන් ටෙටේ මාව එයාගේ කරෙන් තියාගෙන ඉතුරු ටික එක්කන් ගියා.

"ඔයා පුලුන් වගේ ජිනී."

"පපාත් ඕක කියනවා."

ටේටේ අන්තිමට මාව කැලේ ඇතුලෙන් ටිකක් එලිමහන් තැනකට එක්කන් එනකොට මගේ ඇස් ඉස්සරහා පෙනුන දේට මම හොදටම පුදුම උනා. ගොඩක් ඈතින් වැටෙන දිය ඇල්ලා පේනකොට මගේ ඇස් ඉස්සරහා මම මේ ලෝකේ දැකපු ලස්සනම වතුර පාර ගලාගෙන ගියා.

"වාව්... වාව්... වාව්.."

මම වතුර පාර ලගට ගිහින් පොඩි ලමයෙක් වගේ කෑ ගහනකොට ටේටේ මගේ ලගට ඇවිල්ලා මගේ ඉණෙන් අත දාගත්තා. මම එයාට පෙක් එකක් දීලා වතුරට බහින්න හදනකොටම එයා මාව නවත්තද්දි මම එයා දිහා පව්ට් එකක් එක්ක බැලුවේ මට ඒකට හරි ආසාවක් තිබ්බ හන්දා.

Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now