15th Love

341 125 13
                                    

Jin's POV

 

අප්පා නිදාගන්නකන්  ඉදල මම පපා එක්ක ෆිල්ම් එකක් බලන්න ආවේ අප්පා මගේ ෆිල්ම් එක ගැන දැනගත්තොත් හෙට උදේම යන එකත් මතක් කර කර බනියි කියලා දන්න නිසා. අපි දෙන්නම මගේ කාමරේට අප්පාට හොරෙන් ඇවිල්ලා ඇදට පැනලා ටීවී දාගන්නකොට පපා අපි දෙන්නටම බියර් කෑන් දෙකක් ගෙනත් තිබ්බා.

මම පපා එක්ක ෆිල්ම් එකක් තෝරලා ඒක ප්ලේ වෙන්න දාලා පපා එහා පැත්තෙන් නිදාගත්තේ ෆිල්ම් එක බලන්න තියන ආසාවට වඩා පපා ලග ඉන්න තියන ආසාවෙන්. පපාගේ උරහිසට හේත්තු වෙලා මම ටීවී එක දිහා බලාගෙන හිටියත් මගේ හිත තිබ්බේ ආයේ මම කාලෙකට පපා ලගින් ඈත් වෙන එක ගැන විතරයි

"ජිනී."

"පපා."

"හෙට හැමදේම ලෑස්තිද?"

'ම්ම්"

පපා ආයේ මොකුත් නොකියා ඉන්නකොට මම ඔහේ ටීවී එක දිහා බලාගෙන හිටියා. එහා පැත්තෙන් ගහනකොට මේ පැත්තෙන් තව කට්ටියක් ගහගහ්න්නවා දැක්කත් කවුද කතාවේ වීරයා, කවුද කතාවේ දුශ්ටයා කියන එකවත් මම දැනගෙන හිටියේ නෑ.

"කුකීගේ කතාව කිව්වට ඔයා මට ඔයාගේ කතාව කිව්වේ නෑනේ."

මම එක පාරටම නැගිටලා පපාගේ මූණ බැලුවත් පපා හරි සන්සුන් විදිහට අහනකොට මට තේරුනා පපා ඒ දේවල් අහන්නේ ඇත්තටමයි කියලා. ඒත් කෙලින් උත්තරයක් දෙන්න බැරි කමට මම පපාට එහෙම දෙයක් නෑ කියලා කිව්වත් පපා ඒක පිලිගන්න ලෑස්ති උනේ නෑ.

"ඔයාගේ ඇස් කතා කරනවා ජිනී. ඔයා දෙයක් කටින් පිට කරන්න කලින් ඔයාගේ ඇස් ඒ ගැන කතා කරලා ඉවරයි. ඒක කාට කියවන්න අමාරු උනත් පපාට ඒක අමාරු දෙයක් නෙවෙයි. දැන් පපාට කියන්න ඒ කතාව ගැන."

"පපා කැප්ටන් යුන්ගිට කැමත්ත දුන්නේ ඇයි?"

"මින් ෆැමිලි එක මම ගොඩක් දන්න කට්ටියක්. අනික කැප්ටන් යුන්ගිට කිසිම හිස්ට්‍රි එකක් නෑ. මම හොයලා බැලුවා ඔයා කුකි ගැන කිව්වට පස්සේ ගොඩක්. ඉතින් පපාට හිතෙනවා කැප්ටන් යුන්ගි කුකීට හොද කෙනෙක් කියලා."

"එතකොට මම හොයාගන්නත් ඕනේ ඒ වගේ නමක් තියන හොද ෆැමිලි එකක කෙනෙක්ද?.."

"ජිනී. අහන්න. අප්පාවත් පපාවත් ඔයාලගේ ජිවිතේ ගැන තීරණ වලදි ඔයාලට බලපෑම් කරන්නේ නෑ. අප්පා ඔයාලා තෝරගත්ත ජොබ් එකට පොඩ්ඩක් එක එක ඒවා කියනවා තමයි. ඒත් මම හිතන්නෙ ඔයාලා දෙන්නම දන්නවා අප්පා ඒක කරන්නේ ආදරේට කියලා. අප්පායි මමයි මේක ගැන කතා කරලා තියෙන්නේ කලින් ඉදන්ම.  අපි දෙන්නගෙන් කවුරුවත් ඔයාලා දෙන්නගේ තේරීමකට අකමැති වෙන්නේ නෑ. මොකද ඔයාලයි දන්නේ ඔයාලා දෙන්නගේ ජීවිතේ සතුට කා ලගට තියෙන්නේ කියලා.  එයා හොද ෆැමිලි එකක උනත්, නැති උනත් ඔයාව අනතුරක දාන්නේ නැත්තන්, ඔයාව අඩවන්නේ නැත්තන්, ඔයාව සතුටින් තියනවා නම් ඒ කෙනාට අපි අපේ අනුමැතිය දෙන්නම්. ඔයා ඔයාගේ සතුට තියන තැන හොයාගන්න. එච්චරයි අපිට ඕනේ."

"අයි ලව් යූ පපා."

"ලව් යූ ටූ බෝයි. දැන් පපාට කියන්න කවුද ඒ කියලා?'

"මට නිදිමතයි. හෙට උදේම ෆ්ලයිට් එක. තව පොඩ්ඩෙන් අමතක වෙනවත් එක්ක. දැන් නිදාගත්තා නම් හරි වගේ පපා."

මම බොරු නිදිමතක් මවාගෙන කතා කරනකොට මුලදි පපා පුදුම උනත් පස්සේ එයාට තේරුනා මම කරන්නේ බොරුවක් කියලා. මගේ අතට හයියෙන් එකක් ගහපු පපා මම බාගෙට බීපු බියර් කෑන් එකත් උදුරගෙන යන්න ගියාම මම කාමරේ තනි උනා. ඒත් මගේ හිත තනි උනේ නැත්තේ මම ඒ වෙද්දිත් ටේයුන්ව ගෙදර අයට අදුන්නලා දෙන විදිහ හිත හිත හිටපු නිසා.



To be continued ....

Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now