14th Love

355 131 19
                                    

Jin's POV


.
ගෙදර ඇවිල්ලත් මම නිදාගෙන කල්පනා කරේ ජන්ග්කුක් ඒ දේ කිව්වෙ ඇත්තටමද නැත්‍තන් විහිලුවටද කියලා. එයාගේ මූනේ විහිලු කරන පාටක් තිබ්බේ නැති උනත් ඒක විහිලුවක් නම් මම මෙච්චර මේ ගැන හිතලා වැඩක් නෑ කියලා හිතලා මම ආයෙ ජන්ග්කුක්ට කෝල් එකක් ගන්නකොට එයා පුරුදු විදිහට මගේ කෝල් එක කට් කරා.

මම හැමදේම ලෑස්ති කරගෙන කාර් එකට නැග්ගට පස්සේ ජන්ග්කුක් මට එයාගේ අගය කර කර හිටපු රහස කිව්වා. එයා කැප්ටන් යුන්ගි එක්ක එෆයා එකක් තියනවා කියලා කියනකොට මම උඩ ගියත් ඒක විහිලුවක් කියලා හිතාගෙන හිනා උනා.  මෙච්චර ඉක්මනට ඒක කොහොමද උනේ කියලා අහනකොට ජන්ග්කුක් ඒක එයාට හිතාගන්නත් බෑ කියලා කියනකොට මට තේරුනා එතන මොකක් හරි ප්‍රශ්නයක් තියනවා කියලා. කපටි කොල්ලා මම යන වෙලාවෙම බලලා ඕක කිව්වේ මම ආයේ එනකොට ශේප් වෙන හන්දා කියලා දන්න මම එදා ගෙදර ආවත් මට ඔකෙන් එහාට දෙයක් හිතාගන්න බැරි උනා.

පපා ආව සද්දේ ඇහුනට පස්සේ මම කොර ගගහා පහලට යනකොට මම දැක්කා පපා වාඩි වෙලා නිව්ස් බලනවා. අප්පා විතරක් නිව්ස් බලනවා කියලා පපා හිනා උනාට පපාගේ හැටි ගැන මම ඇස් වලින්ම දැක්කම මම පපාව ටීස් කරන්න කියලා හිතාගෙන පපා ලගට ගිහින් එයාගේ ලැප් එකෙන් වාඩි උනා.

"ජිනී. ඔයා කන්නේ නැද්ද? ඔයා නිකන් පුලුන් වගේ."

"මාත් ඕක කල්පනා කරා පපා. මිනිස්සු මාව පුලුන් කොට්ටයක් වගේ උස්සනකොට මාත් කල්පනා කරා මම බර නැද්ද කියලා. "

"කවුද මිනිස්සු?"

පපා මගේ දිහා බලනකොට මට උත්තර නැතිවෙනකොට මම පපාගේ බෙල්ලේ මගේ ඔලුව හන්ගගත්තේ පපා දිහා බලල මට මේ අවුරුදු විසි හතරට තාම එක බොරුවක්වත් කියාගන්න බැරි උන එක ගැන මතක් වෙලා.

"ජ්-ජ්නග්කුක්."

"ජන්ග්කුක් නම් ඔයාව පොඩි කාලේ ඉදලම උස්සන්නවනේ. ඒ කාලේ හිතුනේ නැති දේ මගේ ජිනීට දැන් හිතුනේ ඇයි කියලා මම කල්පනා කරේ."

පපා මගෙන් අහන ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට මම පපාගේ බෙල්ල බදාගෙන එයාගේ බෙල්ලේ තව තව හැන්ගුනා. පපාගේ අත් මගේ වටේ එතෙනකොට මම පපාගේ මූනට කිස් එකක් දෙනකොට පපාගෙයි ලමයගෙයි කතාවට දුශ්ටයා ආවා.

Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now