5th Love

383 133 11
                                    

Jin's POV

මම ජන්ග්කුක්ට මගේ ටෙන්ට් එකේම ඉන්න හදලා දුන්නේ එයා එලියේ ඉන්නකොට මොනවා කරයිද කියලා දන්නේ නැති නිසා. කෑම්ප් එක වටේ වටයක් අරන් ගිහින් වැදගත් දේවල් ඔක්කොම කියලා දීලා මම එයාට නිදාගන්න කියලා කිව්වේ අද දවසේ කරපු දේවල් නිසා එයාට හොදටම මහන්සියි ඇති කියලා හිතුන නිසා. ජන්ග්කුක්ට වතුට බෝතයක්, එයාගේ ෆෝන් එක හැමදේම එයාගේ ලගින් තියලා මම එයාට නෝට් එකකුත් ලියලා ටෙන්ට් එකෙන් එලියට ඇවිත් මෙඩිකල් ටෙන්ට් එක ලගට ආවා.

මම මෙඩිකල් ටෙන්ට් එක ලගට ගිහින් එතන හිටපු අයව ඉක්මනට චෙක් කරගෙන ගියේ ලොකු අමාරුවක් තියන කවුරුත් එතන හිටියේ නැති නිසා. ඉන්න අයත් එක්ක ටිකක් කතා කරලා මම ස්ටොක් එකට ආවේ අපිට මොනවද මදි කියලා බලාගෙන හෙට කැප්ටන් යුන්ගිගේ ඇපෲවල් එක ගන්න පුලුවන් නිසා. ඒත් ඒ ලිස්ට් එක දැනටමත් සූබින් හදනවා දැක්ක නිසා මම එයා ගැන ලොකු පැහැදීමකින් එයාගෙ අනිත් පැත්තේ තිබ්බ පුටුවෙන් වාඩි උනා.

"තැන්ක්  යූ සූබින් මගේ වැඩත් කරනවට. "

"ඩොක්ටර් ජින් ඩොක්ටර්ස්ලා හතරකගේ විතර වැඩ එකපාර කරනවා. මට ඉතින් උදව් කරන්න හිතුනා. අපිට තව ඩොක්ටර්ස්ලා ඉන්න ඕනෙ ඩොක්ටර් ජින්.!"

"අද එක්කෙනෙක් ආවා. ඒ කට්ටිය එක්ක අපිට මැනේජ් කරගන්න පුලුවන් වෙයි. අද ගමේ කවුරුත් ආවේ නැද්ද?"

"ආවා. ඊයේ රෑ ගමේ ගෙදරක් මංකොල්ල කාලා."

මම අතේ තිබ්බ කොලය මේසේ උඩින් තියලා සූබින් දිහ පුදුම වෙලා බැලුවේ ඒ වගේ දෙයක් මම මීට කලින් අහලම තිබ්බේ නැති නිසා. ඒත් ඊටත් වඩා මම පුදුම උනේ මේ වගේ පලාතක ඒවගේ දෙයක් අසාමාන්‍ය දෙයක් විදිහට මම දැකපු නිසා.

"මෙහෙ ගෙවල් වල මොනවද මංකොල්ල කන්න තියෙන්නේ?"
.
"එයාලගේ සල්ලි වාගයකුයි ස්ටොක් කරලා තියාගෙන තියන කෑමයි අරන් ගිහින් තියෙන්නේ. නෝර්ත් ආර්මි එකෙන් කියලා කියන්නත් බෑ.ඒත් අනේ මන්දා ඩොක්ටර්. ඒ පවුලේ පුතාට ටිකක් තුවාල වෙලා තිබ්බා. එයා මෙහෙට ඇවිල්ලා ගියා."

"ආරෙම් ආච්චම්මා ආවද?"

"නෑ ඩොක්ටර්. දැන් යන්නේ දෙවනි සතිය."

Love Again   |   Tae  ×   Jin  |  Completed Donde viven las historias. Descúbrelo ahora