20th Love

393 129 13
                                    



Jin's POV 


"එතකොට හ්‍යුන්ග් කියන්නේ හ්‍යුන්ග් දැන් ඔය ටේයුන් කියන කෙනා එක්ක එෆයා එකක් තියාගත්තා මටත් හොරෙන් කියලද?"

ජන්ග්කුක් මට කිව්වා වගේ මමත් ජන්ග්කුක් කැප්ටන් යුන්ගි එක්ක එලියට යන්න ලෑස්ති වෙලා ඉන්න අතරේ එයාට ටේයුන් ගැන කිව්වේ එයා තව දවස් තුනකින් ගෙදර ගිහින් මගේ සපෝට් එක අරන් දෙයි කියලා දන්න නිසා. ජන්ග්කුක් ටේටේ ගැන එකින් එක ප්‍රශ්න අහනකොට මම ඒ දේවල් වලට උත්තර දීලා ඉවර වෙනවත් එක්කම ජන්ග්කුක් මාව බදාගෙන මගේ ඔලුවට කිස් එකක් දුන්නා.

"හ්‍යුන්ග් මම බයේ හිටියේ ඔයා වයසට යනකන්ම තනියම ඉදියි කියලා. ඔයාට කොලේජ් එකේවත් කෙල්ලෙක් හිටියේ නෑනේ ඉතින්. අප්පාට කියලා අපි අපේ වෙඩින් දෙකම එක දවසේ ගන්න ලෑස්ති වෙමු.  හ්‍යුන්ග් මට ඔය ටේයුන්ව හම්බෙන්න ඕනේ!!"

මම එයාට පස්සේ ටේයුන්ව මීට් කරවන්නම් කියලා එයාව යැව්වට පස්සේ කැප්ටන් යුන්ගි ජන්ග්කුක්ට වාහනේ දොර ඇරලා දුන්නා. ජන්ග්කුක් කැප්ටන් යුන්ගිට පෙක් එකක් දීගෙනම වාහනයට නැග්ගට පස්සේ කැප්ටන් යුන්ගි මගේ ලගට ආවා

"ඩොක්ටර් කිම්, අපිට අනිද්දා කොන්‍යන්ග් කෑම්ප් එකට යන්න වෙනවා. අපේ ෆෝස් එකෙන් බාගයක් විතර එහෙට අරන් යන්න වෙනවා. මට ඒකට මෙඩිකල් ටීම් එකෙන් කට්ටියක්ව ඕනේ."

"කීයක් විතර ඕනේද කැප්ටන්?"

"හත් දෙනෙක් වත් අඩුම තරමේ ඕනේ!. දවස් දෙකකට. හතක් අරන් ගියොත් මෙහේ වැඩ කරන්න කට්ටිය ඇති වෙයිද?"

"ඒක මැනේජ් කරගන්න පුලුවන් කැප්ටන්. මම ටීම් එකක් හදලා දෙන්නම්."

කැප්ටන් යුන්ගි ඔලුව වනලා ගිහින් වාහනේට නගිනකොට ජන්ග්කුක් මට බායි කිව්වා. කැප්ටන් යුන්ගි හෙඩ් ක්වාටස් යන හැමදාම ජන්ග්කුක්ව එක්කන් යන්නේ මොකද කියන එක මට ප්‍රශ්නයක් උනත් ඒ දෙන්නට මම මොකුත් ප්‍රශ්න අහන්න දුන්නේ නැත්තේ  ඒ දෙන්නගේ නිදහස ඒ දෙන්නට අත් විදින්න දීලා.

සූබින් එක්ක කතා කරලා මම ටීම් එකක ලිස්ට් හදලා දීලා එලියට ආවේ අද මගෙයි ටේටේගෙයි තව ඩේට් එකක් නිසා. මම එලියට එනකොට ටේටේ මාව මග ඉදන් ගන්න බලාගෙන ඉන්නව දැකලා මම එයාව දැකපු ගමන් දුවලා ගිහින් එයාව බදාගත්තා. මම එයාව බදාගන්නවත් එක්කම ටේ මාව උස්සලා ගන්නකොට මම එයාගේ බෙල්ලේ එල්ලිලා හිටියා.

"මට ඔයාව ගොඩක් මතක් උනා."

"අපි ඊයෙත් හම්බුනා ජිනී."

"ඒත් මට මතක් උනා."

ටේටේ මාව ගමෙන් එලියට යනකන් වඩාගෙන යනකොට මම එයාගේ බෙල්ලේ ඔලුව තියාගෙන හිටියා. ගමේ ගෙවල් පේන හරියකට තියෙන්නේ නැති වෙනකොට මම ටේටෙගේ බෙල්ලේම එල්ලිලා හිටියේ එයාගේ ලගින් එක සුවද ඒ විදිහටම විදගන්න ගමන්. ටේටේ මාව ගමෙන් වැඩිය ඈතත් නැති , ලගත් නැති තැනක තිබ්බ අත ඇරලා දාපු ගෙදරක් ලගට ඇවිල්ලා මාව එතන වැරැන්ඩා එකෙන් වාඩි කෙරෙව්වා.

"මේ කොහෙද?"

"මේක මම පොඩි කාලේ හැදුන ගෙදර."

"ඇයි අත ඇරලා දාලා.?"

"යුද්ධේ නිසා."

මම මොකුත් නොකියා ටේටේගේ ලිප්ස් කිස් කරේ එයාට පරණ මතක අවුස්සලා දුක හිතවන්න ඕනේ නැති නිසා. ටේටා මගේ ලග වාඩි උනාම මම එයාගේ ලැප් එකන් වාඩි වෙලා එයාගේ ශෝල්ඩර් එකෙන් ඔලුව තියාගන්නකොට එයා මගේ ඉන වටෙන් අත දාලා මාව එයාගේ ලගට කරගත්තා.

"අනිද්දා මට ඔයාව පුදුම කරවන්න ඕනේ ජිනී."

"මට අනිද්දා එන්න වෙන්නේ නැති වෙයි."

"ඇයි ඒ?"

"කෑම්ප් එකේ කට්ටිය කොන්‍යන්ග් යනවා. එයාලට මෙඩිකල් ටීම් එකක් ඕනේ. ශෝර්ටේජ් එක නිසා මට දවසම වැඩ කරන්න වෙයි. "

"කමක් නැ..ඔයා කෑම්ප් එකේම ඉන්න. "

"සොරි ටේටේ. මම එන්න පුලුවන් නම් එනවා."

"ඒක ගැන හිතන්න එපා"

"ඒත් මට පැයකට විතර එලියට එන්න පුලුවන්."

ටේටේ මොකුත් නොකියා ඉන්නකොට මම එයා දිහා බැලුවම එයා  මගේ ඇස් වලට කිස් එකක් දුන්නා. මම තවත් කිස් බලාපොරොත්තුවෙන් ඇස් වහගෙන ඉන්නකොට මම හිතුවා වගේම ටේටේ මට කිස් ගොඩක් දුන්නා.

"පොරොන්දු වෙන්න මගේ පලවෙනි ආදරෙයි, අන්තිම ආදරෙයි දෙකම වෙනවා කියලා."

"පොරොන්දු වෙනවා"




To be continued ....

Love Again   |   Tae  ×   Jin  |  Completed Waar verhalen tot leven komen. Ontdek het nu