13th Love

333 128 18
                                    

Jin's POV

ටේයුන්ට මගේ ඇදුමක් දෙන්න හැදුවත් ඒවා එයාට පොඩි වැඩි නිසා එයාට එහෙමම ඉන්න දෙන්න උනා මට. බොන්න බෙහෙත් දීලා මම එයාට නිදාගන්න කිව්වත් එයා කරේ නිදාගෙන මගේ දිහා බලාගෙන හිටපු එක. මම එයා දිහා හිනා වෙලා බලලා බ්ලැන්කට් එකක් අරන් ඇවිල්ලා එයාගේ ඇග වැහෙන්න පොරවනකොට එයා මගේ පැත්ත හැරිලා හරි ලස්සනට හිනා උනා.

"ඔයාට තියෙන්නේ හරි ලස්සන හිනාවක්."

"ඒත් ඔයා තරම් නෑ."

ටේයුන්ගේ වචන වලට මට ගොඩක් ආදරේ වෙනකොට මම මගේ අත හරිම බයකින් එයාගේ කම්මුල් වලට තිබ්බා.මගේ අත එයාගේ මූණේ ස්පර්ශ වෙනකොටම ටේයුන් ඇස් වහගන්න කොට එයා හෙමින් නිදාගනියි කියලා හිතලා මම අත ගන්න හැදුවත් එයා එයාගේ තුවාල උණ අතම උස්සලා මගේ අත මට ගන්න බැරි වෙන්න තියාගත්තා.

එයාට ඕනේ මම අත තියන් ඉන්න එක කියලා තේරුන මම එහෙමම අත තියන් ඉන්නකොට ටික වෙලාවකින් එයා ආයේ ඇස් වහ ගන්න කොට මම එයා දිහා ගොඩක් වෙලා බලන් හිටියා. කටහඩ ගැබුරු උනාට ඒ ගැබුරු කටහඩට වඩා ලස්සන ඇහිබැමක් එයාට තියනකොට මගේ හිතට ගොඩක් දේවල් ආවත් මට මතක් උනේ  නමක් විතරක් දන්න මනුස්සයෙක් එක්ක මම නම දැනගන්නත් කලින් ඉදන් මම ආදරෙන් වෙලිලා කියන එක විතරයි.

ටේයුන් නිදාගත්තට පස්සේ මම එයා ගේ ඇද ලගට වෙලා ගොඩක් වෙලා එයා දිහා බලන් ඉදලා ආයේ එලියට ආවේ ඒ වෙනකොට මම පැය හතරකට වඩා එයාගේ ලග හිටපු නිසා. උදේ ශිෆ්ට් එකට ඕනේ දේවල් හදලා මම ඩොක්‍යුමන්ට්ස් ෆිල් කරලා ආයේ ටේයුන් ලගට යන්න යනකොට කොන්දෝ ඉදන් ජොගින් ට්‍රැක් එකෙන් ආව ජන්ග්කුක් මාව බදාගත්තා.

"ගුඩ් මෝනින් ලව්."

ජන්ග්කුක්ගේ ඇග ගද නිසා මම එයාව එහාට කරනකොට එයා කරේ මාව තවත් පොඩි වෙන්න බදාගෙන මගේ මූණ කිස් කරපු එක. මම එයාට අයින් වෙන්න කියලා එයාට ගැහුවට පස්සේ ජන්ග්කුක් මගේන් ඈත් වෙනකොට මම ආයේ ඉස්සරහා බලද්දි මම දැක්කා දොර ඇතුලේ ඉදන් අපි දිහා බලන් ඉන්න ටේයුන්ව.

"හ්‍යුන්ග් ඔයා කොහොමද මට ගහන්නේ?.."

"දාදිය ඔක්කොම මගේ ඇගේ."

"ඉතින්  හ්‍යුන්ග් කොහොමත් වොශ් ගන්නවා දැන්..."

"මට තව ශිෆ්ට් එක්ක කරන්න වෙනවා අද. ඔයා ගිහින් ලෑස්ති වෙලා එන්න."

"ඒත් හ්‍යුන්ග්."

"ඔයා ගිහින් ලෑස්ති වෙලා එන්න."

ජන්ග්කුක් ආයේ මගේ මුණට කිස් එකක් දීලා යනකොට මම එයාගේ අතට එකක් ගහලා ටේයුන් හිටපු තැනට ආවා. ටේයුන්ගේ මූනේ හිනාව වෙනුවට වෙන කියාගන්න බැරි ගුප්ත දෙයක් දැනෙනකොට මම එයා ලගටම වීල්චෙයා ඒකේ ආවා.

"ඒ මගේ මල්ලි. ජන්ග්කුක්."

"ඔයාගෙම මල්ලිද?"

මම ඔව් කියන්න ඔලුව වනනකොට මම දැක්කා එයාගේ මූණ ආයේ එලිය වෙනවා. එයා එයාගේ හරි ලස්සන හිනාව දානකොට මම එයාගේ ලගට ගිහින් එයාගේ ඩ්‍රසින් එක අයින් කරලා එයාගේ තුවාලය බැලුවා. ඒක  ඉන්ෆෙක්ශන් වෙලා නෑ කියලා මම දැක්කම ආයේ ඩ්‍රසින් කරලා මම එයාට දෙන්න ඕනේ බෙහෙත් අරගෙන ඒවා ලිව්වා.

"කම්මැලිකමට ඉන්නේ නැතුව බෙහෙත් බොන්න. මැහුම් අයින් කරගන්න දවස් තුනකින් එන්න."

"දවස් තුනකින් එනකොට ඔයා ඉන්නවද?"

"මම සතියක් ගෙදර යනවා."

ආයේ ටේයුන්ගේ මූණ අදුරු වෙනකොට මම මගේ අතේ තිබ්බ බෙහෙත් ටික අරගෙන එයාගේ එක අතකින් තියලා එයාගේ අනික් අතක් මගේ අත් වලට ගත්තා. එයාගේ ඇස් දිහා බලනකොට මම ආයේ පාරක් ඒවගෙ ගිලෙනකොට මට මතක් උනා නිල් ඇස් වලට මම කොච්චර ආසද කියලා.

"මම ආයේ සතියකින් එනවා. එතකොට මට ඇවිදින්නත් පුලුවන් වෙයි."

"ලබන සෙනසුරාදා හවස හතරට. අපි පලවෙනි පාරට දැක්ක තැනට එන්න".

මම මොකුත් උත්තරයක් දෙන්න කලින් ටේයුන් ඇදෙන් නැගිටලා මම එයාට නිදාගන්න කොට  සීතලට දුන්න බ්ලැන්කට් එක අරගෙන මගේ කකුල් වැහෙන්න දැම්මා. මම ගමේ එයට ට්‍රීට් කරන ටෙන්ට් එකේදි ශෝර්ට් ඇන්දේ වයසක අය ඉස්සරහා ප්‍රශ්නයක් නෑ කියලා උනත් ටේයුන් ඉස්සරහදි මට ඒක අමතක උනා.

"සමහර දේවල් දකින්න ඕනේ ඒවා දකින්න ඕනේ අය විතරයි."

ටේයුන් මගේ කණට මුමුනලා කම්මුල කිස් කරගෙනම නැගිටලා යනකොට මම වීල් චෙයා එක අනිත් පැත්ත හරවලා එයා යන දිහා බැලුවේ හිතේ කියාගන්න බැරිවෙලා තියන ලොකු හැගීමක් එක්ක. ආයේ ජන්ග්කුක් ලෑස්ති වෙලා එනකොට මම මගේ අතේ තිබ්බ බ්ලැන්කට් එක දිහා බලලා ජන්ග්කුක් දිහ බැලුවා.

"හ්‍යුන්ග් මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියනවා."
 


To be continued .....


Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now