2nd Love

432 146 39
                                    

Jin's POV

මාස්ක් එකේ කතාව මට අමතක උනේ එහා පැත්තේ ඉදන් මෙහා පැත්තට දුවගෙන ආව කෙනාගේ හග් එක හන්දා. මම මාස්ක් එකේ අදහස අතඇරලා කුක්ව හග් කරනකොට එයා මාව එයාගේ මකුලු අත් වලින් හයියෙන් බදාගත්තා.බදාගෙන මගේ මූණට කිස් දෙකක් දෙනකොට මම එයාගේ පිටට තට්ටු කරා.

"හ්‍යුන්ග් අයි මිස් යූ "

"අයි මිස් යූ ටූ බේබි බෝයි. ඒත් කෝ ඔයාගේ බෑගේජ්?"

"එහා පැත්තේ ටී ශොප් එකෙන් තිබ්බා. හ්‍යුන්ග් ඒකේ හීටර් එකක්වත් නෑ. වෙන ශොප් එකක් නැද්ද මේ හරියේ?"

"ඕක තමයි මෙහේ තියන එකම ශොප් එක".

කුක් මගේ දිහා පුදුම වෙලා බලනකොට මම එයාගේ පිටට තට්ටුවක් දාලා ඔව් කියලා කිව්වේ එයාගේ හිතේ තියන ප්‍රශ්න වලට උත්තරයක් විදිහට. බෝඩර් එකේ තියන ගම් වල ලොකු ලොකු ශොප් නැති වෙනකොට කුක්ගේ සෝල් ජිවිතේ මෙහේ නැති වෙනකොට එයා මේවට කොහොම හැඩ ගැහෙයිද කියලා මම හරි බයකින් හිටියේ.

කිම් නම්ජූන්ගෙයි, කිම් ජන්ග් හෝසෝක්ගෙයි ලොකු ලමය මම වෙලා පොඩි ලමයා ජන්ග්කුක් වෙනකොට අපිව දකින අය හිතුවේ ජන්ග්කුක් ලොකු ලමයා වෙලා මම පොඩි ලමයා කියලා. ඒ වගේ ඉබ්බෙක් වගේ ඇගක් තිබ්බ ජන්ග්කුක් ඉස්සරහා මම හාල්මැස්සෙක් වගේ පොඩි කෙනෙක් උනා. ඒත් මොලෙ ගැන කතා කරනකොට ජන්ග්කුක් නර්සරි එකක පොඩි එකෙක් වගේ උනා.

ජන්ග්කුක් මෙඩිකල් ෆැකල්ටි එකට තේරුන එක කාගේ හරි අතින් උන ලොකු වැරැද්දක් කියලා මම හිතුවේ සූරපප්පා බලපු දවසේ ඉදන් ජන්ග්කුක් ලෝකය කියන්නේ රොටියක් වගේ තැටියක් කියන එක තාම විශ්වාස කරන්න තරම් බොලද නිසා.සැටලයිට් වලින් ගත්ත වීඩියෝස් පෙන්නුවත් ජන්ග්කුක් හැමදාම කිව්වේ ලෝකය රොටියක් වගේ තැටියක් කියන එක විතරයි.

මේ නිසාම මම ජන්ග්කුක්ව කොහොමද එන්ට්‍රන්ස් එක්සෑම් එක පාස් උනේ කියලා හොයලා බැලුවා. ඒ කොලේජ් එකේම හිටපු හොදම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම ප්‍රොෆෙසලා ඉස්සරහා තියාගෙන හිටපු හොද නම නිසා මට පුලුවන් උනා ජන්ග්කුක්ගේ ලකුණු වලට මොකද උනේ කියලා හොයාගන්න. කට් ඕෆ් මාර්ක් එකට වඩා ලකුණු දශම පහක් අරන් තිබ්බ ජන්ග්කුක් ලමයි තුන්සීයක් ඉන්න බැජ් එකේ තුන්සීය වෙනියා විදිහට කොලේජ් එකට තේරිලා තිබ්බා.

මොන දේ උනත් සෝල් වල සුවපහසු ජීවිතෙන් සීයට දහයක් වත් මෙහේ නැති වෙද්දි සතියක් යන්න කලින් ජන්ග්කුක් ගෙදර යයි කියන බය මගේ හිතේ තිබ්බා.  මගේ කල්පනා ලෝකෙට තිත තියලා ජන්ග්කුක් කතා කරනකොට මම එයා එක්ක ශොප් එක ඇතුලට ගිහින් වාඩි උනා.

"හ්‍යුන්ග් හිතන්නේ සතියක් යද්දි මම ගෙදර යයි කියලා නම් , මම එහෙම යන්නේ නෑ මේ පාර. මම මෙහෙ ආවේ වැදගත් වැඩකට."

"මොකක්ද වැඩේ?"




To be continued ....
   


A/N ;

ඒක ගොඩක් කොට උනා. ඒත් මේක ඉවර කරමු ඉක්මනට!

Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now