Epilogue

585 145 56
                                    

Jin's POV

ඊයේ දවසේ තුන් වෙනි පාරටත් මට කලන්තෙට වගේ එනකොට මට තේරුනා මගෙ මොකක් හරි වෙනසක් තියනවා කියලා.  හොදට කෑම ගන්න හිතාගෙන හිටියත් මට කෑම්ප් එකේ කෑම අප්පිරියයි වගේ දැනෙනකොට මට තේරුනා මොනවම හරි වෙනවා කියලා. අන්තිමට ජ්න්ග්කුක් එයා ටව්න් එකට ගෙනාව බනානා ශේක් එක බොනකොට ඒකේ ගදට මට වොමිට් උනා.

මට ස්ටොමැච් ෆ්ලූ එකක් කියලා මම ජන්ග්කුක්ට බොරු කියලා බේරුනත්  මගේ හිත මොකක්ද උනේ කියලා දන්න නිසා මම ඉක්මනට ගමේ අයට ට්‍රීට් කරන ටෙන්ට් එකට ගිහින් ඒකෙන් ප්‍රෙග්නන්සි කිට් එකක් අරන් ටෙස්ට් කරලා බැලුවා. මම හිතුවා වගේම ඩබල් ලයින් තියනකොට මගේ සතුටට කදුලු එනකොට මට ඒක ටේටෙට කියනකන් ඉවසිල්ලක් නැති උනා. ඒත් මට එයාව ආයේ හම්බෙන්නේ තව පැයකට පස්සේ කියලා දන්න නිසා මම ප්‍රෙග්නන්සි කිට් එක ලැබ් කෝට් එකට දාගෙන ඒකට අත තියාගෙනම හිටියා.

අද දවසේ වැඩ ඉක්මනට ඉවර කරගන්න ඕනේ කියලා හිතාගෙන මම අන්තිම පේශන්ට්වත් බලලා ඉවර වෙලා මගේ මෙඩිකල් ටූල්ස් ටික බෑග් එකට දැම්මේ තව පැයකින් මම ඩේට් එකට යන්න ඕනේ නිසා. එයා මට අද දෙනවා කිව්ව සර්ප්‍රයිස් එක මොකක්ද කියලා හිත හිත මම දවස් දෙකකටත් වඩා හරියට නිදාගත්තේ නැත්තේ ඒ තරමට මම ඒක ගැන උද්‍යෝගයෙන් හිටපු හන්දා.

මෙඩිකල් ටූල් බොක්ස් එක කබඩ් එකෙන් තියලා මම රෙජිස්ටර් එකේ මගේ අවුට් එක දානකොට මම දැක්කා ජන්ග්කුක් මට කලින් ගිහින් කියලා. පරක්කු වෙලා ඇවිල්ලා කලින්ම යන ජන්ග්කුක්ට කැප්ටන් යුන්ගි ඉන්නවා වගේ අපි දෙන්නත් එකතු උනාම මම ගෙදර එනකන් එයා බලන් ඉන්න, නැත්තන් එයා එනකන් මම බලන් ඉන්න දවසක් එයි නේද කියලා හිතුනම මගේ මූණ රතු වෙන්න ඇති කියලා මට හිතුනා.

ජන්ග්කුක් කියනවා වගේ එයා හෙට මට ප්‍රොපෝස් කරන්න නම් යන්නේ, ඒකට ප්‍රතිචාර විදිහට මට එයාට දෙන්න තියන තෑග්ග මගේ ලැබ් කෝට් එකෙන් මගේ අතට අරන් ඒක දිහා බලන් ඉදලා මම ආයේ ඒක ලැබ් කෝට් එක ඇතුලට දාගත්තා. මම ප්‍රෙග්න්න්ට් කියලා දන්න වෙලාවේ ඉදන් යන යන හැම තැනම මම මේක අරන් ගියේ ඇයි කියලා මම දන්නේ නැති උනාට මගේ එක අතක් හැම වෙලේම වගේ කිට් අල්ලගෙන හිටියේ මමවත් නොදන්න හැගීමකින් මගේ සිත සතුටු කරන ගමන්.

Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now