11th Love

330 126 19
                                    

Jin's POV



දවස් තුනක් මම කෑම්ප් එක ඇතුලට වෙලා වීල්චෙයා එකකට හිටියේ ඒ තරමට මගේ කකුල නරක විදිහට ඉන්ජර්ඩ් වෙලා තිබ්බ නිසා. මගේ කකුල ගැන හැමෝම දැනගන්නකොට එදා රෑම කැප්ටන් යුන්ගි එනකොට මම කරපු දේ අවධානම් කියලා කැප්ටන් මට නොබැන බැන්නා..ඒත් මට ඒක ගැන ගානක් උනේ නැත්තේ ඒ දේ නිසා ආච්චම්මාට කැප්ටන් යුන්ගි ගමේම තැනක් ඇරේන්ජ් කරලා තිබ්බ නිසා. ඒත් ආයේ මිස්ටර් හැන්ඩ්ස්ම් දකින්න වෙන්නේ නෑ කියන එක මතක් උනාම මගේ සතුට නැති වෙලා ගියා.

මට ටෙන්ට් එකට වෙලා නිකන් ඉන්න බැරි තරම් වැඩ තියනකොට දවසක් රෙස්ට් කරලා මම ශෝර්ට් එකක් ඇදගෙන වැඩට ගියා. මගේ ඇදුම දකිනකොට ජන්ග්කුක් ඇවිල්ලා මගේ කකුල වැහෙන්න ශීට් එකක් දානකොට මම එයා නැති වෙනකන් ඉදලා ඒක අයින් කරා.ඒත් මම ආර්මි ඔෆිසර්ලගේ වැඩ ඒ දවස් ටිකේ අනිත් අයට බාර දීලා ගමේ ඉන්න මිනිස්සුන්ට ප්‍රතිකාර කරන එක ගැන වැඩි අවධානයක් දුන්නා.

හවස මම ජන්ග්කුක් එක්ක ගමේ අයට බෙහෙත් කරන ටෙන්ට් එකේ එලියේ ඉදන් වාඩි වෙලා කම්බි වැටෙන් එලියේ පේන කැලේ දිහා බලාගෙන කතා කර කර හිටියේ අද පපාගේ බර්ත්ඩේ එක ගැන කතාව ගොඩක් දුර ගිය නිසා. ජන්ග්කුක් හිටිය සතිය ගැන අප්පා මහ ගොඩක් කියවනකොට පපා ඒවට හිනා වෙවී අපි එක්ක ගොඩක් වෙලාවක් කතා කර කර හිටියා. ගෙදර මතක් වෙලා ලොකු පාලුවක් දැනුනත් ගත්ත වගකීම් එක්ක ඒ දේවල් කරන්න බැරි නිසා මම නිකන් හිටියා.

'බෝඩර් එකේ ඉන්නවා කිව්වම මම හිතුවේ හැමවෙලේම වෙඩි වැදුන අයට ට්‍රීට් කරන්න වෙයි කියලා..ඒත් අන්තිමට උනේ ගමේ මිනිස්සුන්ට ට්‍රීට් කරන්නයි මෙහෙ ඉන්න අයගේ හෙල්ත් රිපෝර්ට් හදන්නයි."

"එහෙම නෑ කුක්. හැමවෙලේම ගහගන්නේ නැති උනාට මාසෙකට පාරක් මොකක් හරි රණ්ඩුවක් යනවා දෙපැත්ත. එදාට ගමේ මිනිස්සු ගැන අපිට ඇහැක් ඇරලා බලන්න බැරි තරමට වැඩ තියෙනවා..දෙපැත්තම මෙහෙම සන්සුන් උනාට කොයි වෙලාවේ කොහොම දෙපැත්තම ඇවිලෙයිද කියලා විශ්වාසයක් නෑ."

"ගමේ මිනිස්‍සු අපි එක්ක ඉන්න එක ගැන නෝර්ත් ආමිලා අවුලක් නැද්ද?"

"එයාලා ඒ පැත්තෙන් ගමක් තීයාගෙන ඉන්නේ. ගම නිකන් ශීල්ඩ් එකක් වගේ තියෙන්නේ. එයාලා අපිට කරදර කරන්නේ නෑ. අපි එයාලට කරදර කරන්නේ නෑ. ඒත් කොයි වෙලාවේ මොනවා වෙයිද දන්නේ නෑ. "

"හ්‍යුන්ග් පලවෙනි පාර ගෙදර ආවට පස්සේ ආයෙ ඒ වගේ දෙයක් උනේ නැද්ද?"

"දෙපාරක් උනා. දෙපාරක් ලොකු ඇටෑක් දෙකක් ආවා. එකක් අපි ගමේ ඉන්නකොට ආවේ. එදා කැප්ටන් යුන්ගි හිටියේ නැත්තම් මම හොස්ටේජ් කෙනෙක් වෙනවා. "

"මගේ යුන්ගිචී මගේ හ්‍යුන්ග්ව බලාගෙන එහෙනම්?"

"මගේ මොකා?"

මම අහපු දේට උත්තර දෙන්නේ නැතුව කලබල වෙලා නැගිටපු ජන්ග්කුක් ඉක්මනට ටෙන්ට් එක ඇතුලට ගිහින් එයාගේ ජැකට් එක අරන් එලියට ආවා. මට අහන්න ගොඩක් දේවල් තිබ්බත් එයා කෑම්ප් එක ඇතුලේ මෙඩිකල් ටෙන්ට් එකෙ වැඩ ගොඩක් තියනවා කියලා යන්න යනකොට මට තේරුනා මොකක් හරි අවුලක් තියනවා කියලා. ටික දුරක් ගිය ජන්ග්කුක් ආයේ මගේ ලගට ඇවිල්ලා මගේ කම්මුලට කිස් එකක් දුන්නා.

"හ්‍යුන්ග් කුක් ලව්ස් යූ. හ්‍යුන්ග්ගේ ශිෆ්ට් එක ඉවර උනාම මට කතා කරන්න. මම එන්නම් එක්කන් යන්න."

මම මොකුත් කියන්න කලින් ජන්ග්කුක් දුවලා යනකොට මම එයා දිහා බලලා ආයේ ඉස්සරහා හැරිලා මගේ කකුල දිහා බැලුවා.කකුලේ කාස්ට් එක නිසා මට දණහිස නවන්න බැරි වෙනකොට මට කකුල දිග ඇරගෙන ඉන්න එක හරි වදයක් උනත් ඉක්මන් සුවය වෙනුවෙන් මම ඉවසගෙන හිටියා.

එලියේ ඉදලා ඇති උන මම ආයේ වීල් චෙයා එක අරගෙන ටෙන්ට් එක ඇතුලට ඇවිල්ලා කකුලක් කපාගෙන ඇවිත් ඉන්න අන්ක්ල්ගේ උණ දැන් කොහොමද කියලා බලලා ආයේ ලැප්ටොප් එක ලගට ආවේ මේකේ ඉන්න නර්ස් කරන්න දෙයක් නැති කමට එහා ඇදකට ඔලුව තියාගෙන නිදි කියල දැක්ක නිසා. වෙනදට ඒ වගේ කෙනෙක් දැක්කම මම ලොකු වැඩක් නැත්තන් ඇදේ නිදාගන්න කිව්වත් එතනට  යන්න දුර වැඩි නිසා මමත් මේසෙන් ඔලුව තියාගෙන ඔක්ස්ෆර්ඩ් එකෙන් රිලීස් කරලා තියන අලුත් රිසර්ච් පේපර් එකක් කියවන්න පටන් ගත්තා. ඒත් ඒකේ අකුරු පාවෙනවා කියලා දැනෙනකොට මම ඇස් වහගන්න හැදුවත් මගේ ඇගට හෙවනැල්ලක් වැටෙනවා කියලා දැනුනම මම ඔලුව උස්සලා බැලුවා

"ඔ-ඔයා?"




To be continued .....




 



A/N ;

Once again, read at your own risk. You still have time to quite reading this!!!

Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now