12th Love

328 127 24
                                    

Jin's POV

"ඔයා?"

මම මගේ ඉස්සරහා හිටගෙන ඉන්න මිස්ටර් හැන්ඩ්ස්ම් දිහා බැලුවම මම දැක්කා එයා හිනා වෙලා මගේ දිහා බලන් ඉන්නවා. එයාගේ මූණේ ඉදන් පහලට මම බලාගෙන එනකොට මම දැක්කා එයාගේ අතෙන් පහලට ලේ ගලාගෙන එනවා. ලේ එන්නේ කොහෙන්ද කියලා බැලුවම මම දැක්කා එයාගේ අතේ වැලමිටට ඉහලින් ඇදුමේ ලොකු කැපුමක් තියනවා.

"මයි ගෝඩ්. ඔයාගේ අත."

මම පරණ පුරුද්දට පුටුවේ හිටගන්න ගියත් මගේ කකුල මේසේ වැදිලා මට හද ලග තියන තරු පෙනෙනකොට මම දණහිස බදාගෙන ඔලුව පහත් කරා. මම ඔලුව පහත් කරපු වේගෙට දඩස් ගාලා ඔලුව වදිනකොට මම ලැජ්ජාවයි වේදනාවයි දෙකම එක්ක ඇස් වහගත්තා.
ලැජ්ජාවටද , වේදනාවටද මන්දා මගේ ඇස් වලින් කදූලු එනකොට මම හොරෙන් කදුලු පිහදගත්තා.

"ඔ-ඔයා හොදින්ද?"

මම හෙමින් ඔලුව වනලා ඔව් කියන කොට  එයා මගේ පිටට අත තිබ්බා. මම කරන්ට් එක වැදුනා වගේ කෙලින් වෙනකොට මම දැක්කා එයාගේ ඇස් මගේ දිහා හරිම සැලකිල්ලෙන් බලන් ඉන්නවා.

"ඔ-ඔයා වාඩි වෙන්න අර ඇදෙන්. "

මම ඇතුලේ හදලා තියන කාමරය වගෙ එක පෙන්නුවම එයා ඒකට යනකොට මම වීල් චෙයා එක අරන් ගිහින් බේසින් එකකට වතුර ගත්තා. මම බේසින් එක අරගෙන එයා ලගට ගිහින් එතන තිබ්බ කොට්න් වලින් අතේ කැපුම පිරිසිදු කරන්න හැදුවා. ඒත් ඒ ඇදුම මට කරදරයක් නිසා හෙමින් එයාගේ ඇදුමේ අත කපන්න හදනකොට එයා මාව නවත්තලා ඇදුම ගලවලා දැම්මා. එක පාරටම උන දේ හිතාගන්න බැරි වෙනකොට මම එයාගේ ස්ලීව්ලස් වෙස්ට් එක දිහා බලලා ආයේ ඔලුව වනලා තුවාලය දිහා බැලුවේ මම මේ වෙලාවේ අවධානය දෙන්න ඕනේ ඒකට හන්දා.

"මේකට මැහුම් දාන්න වෙනවා.  මොනවා වෙලාද කැපුනේ."

"කොල්ලකාරයෝ."

තනි වචනේ උත්තරේ උනත් මට ඒ කැපුම දැක්කම ඒක කොල්ලකාරයෙක් කරපු දෙයක් කියලා  හිතන්න බැරි උනා. මම අතට නූල අරගෙන ආයේ එයාගේ අත පිරිසිදු කරලා ප්‍රශ්න අහනකොට මට තේරුනා එයාගේ ඇස් තිබ්බේ මගේ මූණ දිහා කියලා.

"කොල්ලකාරයා දකුණත්ද වමත් ද?"

"වමත්."

'ඔයා එහෙම කිව්වත් මට පෙන්නේ නෑ මේක කොල්ලකාරයෙක් කරපු එකක් කියලා.වමත් කොල්ලකාරයෙක් නම් කැපුම වෙන්න ඕනේ පහලට. ඒත් මේක වෙලා තියෙන්නේ උඩට. මේකේ තියන ගැඹුර බැලුවම ඒක හරියට..."

"හැමදාම හවසට ආරෙම් ආච්චම්මව බලන්න එන හේතුව හා සමාන හේතුවකට උන කැපුමක්.'

~එයා ඒක දැනගෙන

මිස්ටර් හැන්ඩ්ස්ම් කියපු දේත් එක්ක මම නීඩ්ල් එක ඇතුලට දැම්මට ඒක ගන්න අමතක උනා. මම ඉක්මනට මූණ රතු කරගෙන එයා දිහා බැලුවම එයාගේ නිල් ඇස් මගේ ඇස් වල ගිලුනා. මම එහෙමම එයාගේ ඇස් වල ගිලීගෙන යනකොට එයා පහලට වෙල මගේ ලිප්ස් වලට කිස් එකක් දෙනකොට මම ත් එයාව කිස් කරා. මම හැමදාම ආච්චම්මා බලන්න යන්නෙ ඇයි කියන එක එයාට තේරිලා කියලා මට තේරෙනකොට මට ලැජ්ජාවක් ආවත් මගේ සිහිය මේ වෙලාවේ තිබ්බේ කිස් එකේ විතරයි. කිස් එකක් නවත්තන්න ඕනේ කමක් තිබ්බේ නැතත් මම නවත්තලා එයාගේ ඇස් වල ආයේ ගිලුනා.

"ජි-ජින්..කිම් සොක්ජින්."

"කිම් ටේයුන්."

එලියේ මොනවා හරි පෙරලෙනවා සද්දයක් ඇහුනම මම ඉක්මනට ගැස්සිලා පිටිපස්සට වෙනකොට මිස්ටර් හැන්ඩ්ස්ම් නෑ කිම් ටේයුන් හරියට ඇදෙන් කෙලින් වෙනකොට මට ඇහුනා නර්ස් මට කතා කරනවා.

"ඩොක්ටර් සොක්ජින්?මොනවා හරි සපෝර්ට් එකක් ඔනේද?"

"නෑ නර්ස් සොෆියා. මේ හැන්- මේ පේශන්ට් විතරයි ඉන්නේ. ඔයා ටිකක් නිදාගන්න. මම උදේ වෙනකන් බලන්නම්."

නර්ස් සොෆියා යන්න ගියාම මම ආයේ ටේයුන් දිහා බලලා මගේ අවධානය එයාගේ තුවාලයට අරන් ගියා. ඒත් මම මෙච්චර වෙලා ඇනපු නීඩ්ල් එක එහා පැත්තෙන් අරන් නෑ කියල දැක්කම මම හොදටම බය උනේ ඒක රිදෙන්න ඇති කියලා හිතාගෙන.

"ම-මට සමාවෙන්න.ඇයි කිව්වේ නැත්තේ ඒක රිදෙනවා කියලා?'

"මට හොද පේන් කිලර් එකක් හම්බුනා."

මම එයා දිහ බලලා හිනා වෙලා එයාගේ අතට ඩ්‍රසින් එක කරනකොට එයා ආයේ පහලට ඇවිල්ලා මගේ ශෝල්ඩර් එකෙන් ඔලුව තියනකොට මම ගැස්සුනත් ඒක දැනෙන්න දෙන්නේ නැතුව මගේ අතේ තිබ්බ දේවල් ඔඩොක්කුවේ තිබ්බ ට්‍රෙ එකට දාලා එයාගේ ඔලුවට අත තිබ්බා.

"ඔලුව රිදෙනවා. වොමිට් වෙන්න වගේ. ඇස් ඇරන් ඉන්න බෑ. කලනත්-"

"දවස් දෙකක්වත් මෙහෙ නැවතිලා ඉදන් ඔබ්සර්ව් කරන්න වෙයි වගේ."

"මාත් එහෙම හිතනවා".

"ඒත් හෙටයි අනිද්දයි මට නිවාඩු."




To be continued .....

Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now