ten

2K 461 56
                                    

ටේහ්‍යොන්ග් ෆුල් සූට් ඇදලා රූම් එකෙන් එලියට ආවා... කවදාවත් ටේහ්‍යොන්ග්ගේ මූණේ තිබිලා නැති අමුතුම හිනාවක් ටේහ්‍යොන්ග්ගේ තොල් අතර තිබුනා... පඩිපෙල බහින ගමන් ගෝල්ඩ් රොලෙක්ස් වොච් එක අතට බැදගෙන ටේහ්‍යොන්ග් එහෙමම ගෙදරින් එලියට ගියා... ගේට් එක ලග ක්‍රිස් කාර් එක නවත්තගෙන බලාගෙන හිටිය නිසා ටේහ්‍යොන්ග් හිනාව නැති කරගෙන සාමාන්‍ය මූණ හදා ගත්තා...

"කෝ ජන්කුක්" ටේහ්‍යොන්ග් වොච් එකෙන් වෙලාව බලන ගමන් ක්‍රිස්ගෙන් ඇහුවා...

"තාම නෑ මම බලලා එන්නම්" ක්‍රිස් යන්න හදනකොටම ජන්කුක් ගෙදර ඇතුලේ ඉදන් එලියට ආවා... "වාව්" ක්‍රිස්ට එකපාරටම කියවුනාම ටේහ්‍යොන්ග් ඔලුව හරවලා ජන්කුක් දිහා බැලුවා... ටේහ්‍යොන්ග් එහෙමම ජන්කුක් දිහා බලාගෙන හිටියා... ජන්කුක් ripped black jeans එකයි, tiger print රතුපාට සැටින් ශර්ට් එකයි ඇදලා, කලුපාට බූට් දෙකක් දාලා හිටියා... ශර්ට් එක ජීන්ස් එකට යට කරලා, බොත්තම් තුනක් ඇරලා කොලර් එක, එක පැත්තක උරහිසෙන් පහලට වැටිලා ජන්කුක්ගේ කහාපාට සිනිදු උරහිසෙන් බාගයක් එලියට පේන්න තිබුනා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ collarbone එක දිහා බලාගෙන හිටියා... එක කනකට කරාබු පේලියක්ම දාලා අනිත් කනට එක රින්ග් එකක් දාලා හිටියා... සෙක්සි, කියුට්, නෝටි ලුක් එකක් ජන්කුක්ගෙන් ටේහ්‍යොන්ග් දැක්කා... ජන්කුක් ඇස් ලොකු කරගෙන යටිතොල කොනක් හපාගෙන කාර් එක ලගටම ඇවිත් ටේහ්‍යොන්ග් ගෙත්, ක්‍රිස්ගෙත් මැදින් හිටගෙන ටිකක් වෙලා හිටියා... ඒත් තවමත් දෙන්නම ජන්කුක් දිහා ඇහි පිල්ලම් නොගහා බලාගෙන හිටියා...

"එක්ස්කියුස් මී" ජන්කුක් අත්දෙක දිග ඇරලා දෙන්නගෙම මූණ ඉස්සරහින් වැනුවා... ටේහ්‍යොන්ග් ඇස් පිල්ලම් ගහලා හොද සිහියට ඇවිත් ජන්කුක්ට ඔරවගෙන ගිහින් කාර් එකෙන් වාඩිවෙලා දොර හයියෙන් වැහුවම ක්‍රිස් ගැස්සුනා...

"ඔහ් ජන්කුක් නගින්න" ක්‍රිස් ජන්කුක්ට දොර ඇරලා දුන්නා... ජන්කුක් කට කොනකින් හිනාවෙලා කාර් එකට නැග්ගා...

'අයි ගොට් යු ඩැඩී' ටේහ්‍යොන්ග් බලාගෙන හිටිය විදිය මතක් වෙලා ජන්කුක් දබර ඇගිලි දෙක එකට එක ගාවන ගමන් බිම බලාගෙන හිනාවුනා...

lucifer ||vkook||Opowieści tętniące życiem. Odkryj je teraz