twenty nine

1.4K 313 52
                                    

Junkyard එකේ කොනට වෙන්න Luxury විදියට හදලා තිබුන ෆැක්ට්‍රී එකේ ජොන්සන් එයාගේ බොස් එක්ක ඉදගෙන හිටියා... ජොන්සන් දොර දිහාම බලාගෙන හිටියා...

"කොල්ලා මැරුනේ නෑනේ" ජොන්සන්ගේ බොස් කට කොනකින් හිනාවුනා... "නෑ ආම් ශොට් එකක් බොස්" ජොන්සන් බොස්ගේ ග්ලාස් එකට විස්කි පිරෙව්වා... "ජන්කුක් වැඩේ හොදට කරනවා වගේ" ඩේමන් කිව්වම ජොන්සන් ඇස් හීනී කරලා ඩේමන් දිහා බැලුවා...

"වැඩේ කෙසේ වෙතත් අරූව ගානට අල්ලගෙන, වෙඩි වැදුන වෙලාවේ ඌ පිස්සෙක් වගේ හැසිරුනේ" ජොන්සන් විස්කි ග්ලාස් එක ඩේමන්ට ලං කරා... "මටත් ඕන ඒකම තමයි, පොඩි එකා මොනවාහරි හොයාගෙන ආව ගමන් දෙන්නවම එකපාර ඉවර කරමු" ඩේමන් කිව්වම ජොන්සන් ඇස් ලොකු කරලා බැලුවා...

"ජන්කුක් අනිවාරෙන් ගන්ස් ගැන මොනවාහරි දෙයක් දන්නවා, මට ඒක විස්වාසයි, ඒත් ජන්කුක් කලින් වගේ නෙමෙයි" ජොන්සන් විස්කි ග්ලාස් එක අතට අරගෙන පුටුවට හේත්තු වුනා...

"මට ඕන වෙපන්ස් හොයාගන්නම නෙමෙයි, ආයේ පාරක් ඌව පිස්සෙක් කරලා මරලා දාන්න" ඩේමන් හයියෙන් හිනාවුනා... "මට පුලුවන් උගේ මෑන්ශන් එකට ගිහින් ඌව මරාගෙන මැරෙන්න, ඒත් මේ පොඩි කොල්ලෙක් මටත් වඩා ඉහලට ගියේ කොහොමද මේ ෆීල්ඩ් එකේ, මම ඌව නිකන් අත අරුන්නේ නෑ" ජොන්සන් ඩේමන් කියන දේවල් අහගෙන හිටියා... ටේහ්‍යොන්ග්- ඩේමන් අතර දේවල් ගැන ජොන්සන් වැඩි දේවල් දැනගෙන හිටියේ නෑ... ඩේමන් කියන දේවල් හැමෝම කරනවා... ඒක තමයි වෙන්නේ,

"ඔය වෙපන්ස් ඩීල් එක මට එන්න තිබුනේ, ඌ කොහොම IMG එකට සෙට් වුනාද දන්නේ නෑ, ඒ කියන්නේ ඌ කලින් ඉදන්ම මං ගැන දැනගෙන ඉදලා, උගේ ඩෑඩ් තමයි ඒ කාලේ මට හිටිය එකම තරහාකාරයා, ඌ උගෙ ඩෑඩ් වගේමයි, කාටවත් බය නෑ, ඌ ඔය මගෙන් ගන්නේ ඒ පලිය, අහ් ඌට අමතක වෙලා මම කවුද කියලා"

"ඒත් ඇයි බොස් මේ පොඩි එකෙක් දාලා ඌ එක්ක සෙල්ලම් කරන්නේ, අනික ගන්ස් ඩීල් එකෙන් ඇති වැඩක් නෑ" ජොන්සන් ඇහුවම ඩේමන් කට කොනකින් හිනාවුනා... "ඒක දිග කතාවක් ජොන්සන්, අනිත් එක එකපාර ගේම ඉවර කරනවට වඩා, ටිකක් විනෝද වෙන එක හොද නැද්ද?" ජොන්සන් තොල් දෙක තද කරගෙන අහගෙන හිටියා...

lucifer ||vkook||Where stories live. Discover now