thirty nine

1.4K 335 164
                                    

හරියටම උදේ 6 වෙද්දී ටේහ්‍යොන්ග්ගේ ගෑන්ග් එක යාර්ඩ් එකේ එකතු වෙලා හිටියා... ටේහ්‍යොන්ග් ප්ලෑන් එකේ හැම විස්තරයක්ම, හැම ස්ටෙප් එකක්ම පැහැදිලි කරා...

ටේහ්‍යොන්ග් හොද හුස්මක් අරගෙන සිගරට් එක පත්තු කර ගත්තා... නම්ජුන් ඔලුව උස්සලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා...

"ඩේමන්ගේ යාර්ඩ් එකේ 200ක් විතර ඉන්නවා, උබ හිතන්නේ අපි 5 දෙනෙක් ගිහින් ගේම් එක පටන් ගන්න පුලුවන් කියලද?" නම්ජුන් ඇහුවම ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුනා...

"මම කිව්වේ, ඩේමන්ගේ සීක්‍රට් පොට් එකට යන්නේ අපි විතරයි කියලා, යාර්ඩ් එකට අපි ඔක්කොම යනවා, මට ඕන ඌව තනියෙන් කොටු කරගන්න, කට්ටිය ගොඩක් එක්ක ගිහින් මගේ වැඩේ හරියට කරන්න බෑ! අනික ඌ හිතාගෙන ඉන්න පොඩි එකා නෙමෙයි දැන් මම, මම කිම් වැන්ටේ!"

"ඒක භයානකයි වැන්ටේ"

"ප්ලෑන් එකේ A-Z තියෙනවා RM, සෝ ප්ලෑන් A වැරදුනොත්, B නැත්තන්, C එහෙමත් නැත්තන් Z, මට ඕන මගේ අත් දෙකෙන් ඌ මැරෙන්න විතරයි" ටේහ්‍යොන්ග් සිගරට් එකෙන් දුම ඇදලා ගත්‍තා... "යුන්ගි මම කිව්ව විදියට ඔක්කොම වෙන්න ඕකේ?"

"ඔක්කොම හරි බොස්, හැමදේම රෙඩි" යුන්ගි ඔලුව වැනුවා...

"වෙරි ගුඩ්, එහෙනම් රෑ 10 ඕකේ, හැමෝම කිව්ව තැන් වල ඉන්න ඕන, ක්‍රිස් මම කිව්ව ගන් එක ගෙනාවද?" ක්‍රිස් ඔලුව වනලා, ජැකට් එකේ සාක්කුවෙන් කේස් එක අරගෙන ටේහ්‍යොන්ග්ගේ ඉස්සරහා මේසේ උඩින් තිබ්බා...

"සෝ ඉස්සෙල්ලම ඇතුලට යන 10 දෙනා තීරණය කරගන්න, අයි ඈම් රියලි සොරි බට් ඒ 10 දෙනාගේ ජීවිතේ ගැන වගකීම මට ගන්න බෑ, ඒත් පවුල් 10 වගකීම මම ගන්නවා අනිවාරෙන්" ටේහ්‍යොන්ග් සිගරට් අළු කඩලා දාලා ආයේ සිගරට් එක තොල් අතර තියාගත්තා...

"RM, ක්‍රිස්, ජෝන්, කිසිම වෙලාවක හතරවෙනි සෙට් එක ඇතුලට යනකන් ඇතුලට එන්න එපා ඕකේ"

"උබ මොන සෙට් එකේද ඇතුලට යන්නේ"

"වෙල්කම් එක මගෙන් මේට්" ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුනා...

"පලවෙනි 10 උබ ඉන්නවා කියලා මට කියන්න එපා වැන්ටේ" නම්ජුන් ගන් එක ටේහ්‍යොන්ග්ගේ නළලට ඒම් කරා... ටේහ්‍යොන්ග් දිව එලියට දාලා අමුතු විදියට හිනාවුනා...

lucifer ||vkook||Where stories live. Discover now