thirteen

1.9K 433 54
                                    

ජන්කුක් ඇස් වහගෙනම හිටියා... ටේහ්‍යොන්ග්ගේ කකුලක්, අතක් ජන්කුක්ගේ වටා එතිලා තිබුනා... ජන්කුක් පොඩ්ඩක්වත් හෙලවෙන්නේ නැතුව එහෙමම හිටියා... ඊයේ රෑ මොනවා වුනාද කියලා ජන්කුක්ට මතක තිබුනේ නෑ... ටේහ්‍යොන්ග් එක්ක කිස් කර කර ඉන්න ගමන් ලෙඩ වෙලා හිටිය ටේහ්‍යොන්ග්ට කලින් ජන්කුක්ට නින්ද ගිහින් තිබුනා...

ඊයේ රෑ මතක් වෙලා ජන්කුක් එකපාරටම අත්දෙක ගුලි කරල අරගෙන තොල් උඩින් තියාගත්තා... වේගෙන් ඇස් පිල්ලම් ගහන ගමන් තනියෙන් හිනාවෙලා ඔලුව හරවලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ටේහ්‍යොන්ග්ගේ තොල් දෙක බාගෙට ඇරිලා තිබුනා... හොද නින්දක හිටිය ටේහ්‍යොන්ග් නිදාගෙන හිටියත් හොට් ලුක් එක නැතිවෙලා තිබුනේ නෑ... ජන්කුක් ඇස් බෝල කරකවන ගමන් තොල් දෙක තද කර ගත්තා...

ඔලුව පොඩ්ඩක් උස්සලා බලලා හිමින් ටේහ්‍යොන්ග්ගේ අතයි, කකුලයි අයින් කරලා ඇදේ ඉද ගත්තා... ටේහ්‍යොන්ග් නින්දෙන්ම අනිත් පැත්තට හැරුනා...

"ඔහ් ෆක්" ටේහ්‍යොන්ග්ගේ ඇගට යට වෙලා තිබිලා තියෙන ටීශර්ට් එක දැකලා ජන්කුක් ටීශර්ට් එක ඇදලා ගත්තා... ටේහ්‍යොන්ග්ගේ ඇගේ තිබුනෙත් ඊයේ රෑ ඇදගෙන හිටිය කලිසම විතරයි... ටේහ්‍යොන්ග්ගේ ශර්ට් එකයි, කෝට් එකයි කොහෙද කියලා ජන්කුක් ඔලුව හරවලා බැලුවා... "කොයි වෙලාවෙද අපි මේ ඇදුම් ගලව ගත්තේ" ජන්කුක් අතින් කට වහා ගත්තා...

ටේහ්‍යොන්ග් පැය ගානක් බෙල්ලයි, තොලුයි කිස් කරා කියලවත්, ටේහ්‍යොන්ග් වැදගත් දෙයක් ඇහුවා කියලවත් ජන්කුක්ට පොඩිවත් මතකයක් තිබුනේ නෑ... අඩුම ගානේ ටේහ්‍යොන්ග්ගේ කෝට් එකයි, ශර්ට් එකයි ගැලෙව්වෙත් ජන්කුක්මයි කියලා ජන්කුක්ට අමතක වෙලා තිබුනා... ජන්කුක් ටීශර්ට් එක ඇගිලි වලට ගුලි කරගෙන ඊයේ වුන දේවල් කල්පනා කරා... "ෆක්, මම නේද ඉස්සෙල්ලම එයාගේ ශර්ට් එකේ බොත්තම් ගැලෙව්වේ" ජන්කුක් ඇහෙන නෑහෙන ගානට කියලා ඇදෙන් බැස්සා... බිමට කකුල් තිබ්බ ගමන් ලිස්සිලා යන්න ගියාම ජන්කුක් බිත්තිය අල්ල ගත්තා...

"අහ් ෆක්" ජන්කුක් බිම බලලා පහත් වුනා... කකුලට පෑගුන සිරින්ජර් එක අතට අරගෙන ජන්කුක් හොදට බැලුවා... "අහ් මට මේ මොකද්ද?" ජන්කුක් ඇස් දෙක ලොකු කර ගත්තා... "ගෝඩ් මේ මෑන් මට ඩ්‍රග්ස් දීලද?" ජන්කුක් සිරින්ජර් එක නහයට ලං කරලා බලලා, බින් එකට දාලා අත්දෙක හොදට බැලුවා... අත් දෙකේ කිසිම තැනක් රිදෙන්නේ නැති නිසා ජන්කුක් කණ්නාඩිය ඉස්සරහා හිටගෙන ටීශර්ට් එක ඇද ගත්තා...

lucifer ||vkook||Место, где живут истории. Откройте их для себя