thirty five

1.2K 324 44
                                    

Sry for the late updated~

**

ටේහ්‍යොන්ග් හොද හුස්මක් ගත්තා.. පන්දර මිශන් එකකට ගිහින් යුනිවර්සිටි එකේ ලෙක්චර්ස් දෙකක් කවර් කරලා එහෙමම ගරාජ් එකට ගිය ටේහ්‍යොන්ග් රෑ 10 වෙනකන් එක දිගට වැඩ කරා... නම්ජුන්ට මිශන් එකක් තිබුන නිසා ටේහ්‍යොන්ග් ගරාජ් එකේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න එහෙමම පාරට ආවා...

මහන්සියට ටේහ්‍යොන්ග්ගේ ඇස් දෙක බාගෙට පිය වෙලා තිබුනා... ටේහ්‍යොන්ග් කලු පාට කලිසමයි, දුඹුරු පාට ටීශර්ට් එකයි ඇදලා හැමදාම දාන ලෙදර් කලු ජැකට් එක දාලා හිටියා... Bandana එක නළල වටේ බැදල හිටිය ටේහ්‍යොන්ග්ගෙන් ලොකු මහන්සි පෙනුමක් වගේම හොට් ලුක් එකක් පේන්න තිබුනා...

යාර්ඩ් එකෙන් එලියට ඇවිත් පාරට හැරෙනකොටම ටේහ්‍යොන්ග්ව එකපාරටම පිටිපස්සට විසි වෙලා යන විදියට කවුරුහරි ටේහ්‍යොන්ග්ව තල්ලු කරගෙන දුවගෙන ගියා...

"වට් ද ෆක්!!" ටේහ්‍යොන්ග් දත්මිටි කාගෙන කෑගැහුවා... හොදටම තෙහෙට්ටුවෙන් හිටිය ටේහ්‍යොන්ග්ට ඇගේ වැදුන කෙනාව මරන්න තරම් කේන්තියක් ආවා... ටේහ්‍යොන්ග් කෙලින් වෙලා බිම වැටුන කෙනා ලගට ගියා... "හේයි ඔයා" ටේහ්‍යොන්ග් දත්මිටි කාගෙන බිම වැටිලා හිටිය ගර්ල්ගේ උරහිසෙන් අත තිබ්බා...

ගර්ල් හයියෙන් හුස්ම ගන්න ගමන් බිමට අල්ල තියලා සංසුන් වෙන්න උත්සහා කරා... "හේයි මම කතා කරේ ඔයාට" ගර්ල් එක්කම ඔලුව උස්සලා බැලුවා... ටේහ්‍යොන්ග්ගේ ඇස් ලොකු වුනා... ටේහ්‍යොන්ග් මොනවාහරි කියන්න යනකොටම;

"හොයපන් ඉක්මනට"

"බොස් අපිව මරයි, ශිට්, මේ කෙල්ල කොහෙටද දිව්වේ" ගොරෝසු කටහඩවල් එක්ක බර අඩි සද්ද ඇහුනම ගර්ල් ඉක්මනට ටේහ්‍යොන්ග්ගේ කකුලේ එල්ලුනා...

lucifer ||vkook||Where stories live. Discover now