twelve

2.1K 471 101
                                    

Lucifer Spa එක ලගින් කාර් එක නතර කරලා යුන්ගි ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ටේහ්‍යොන්ග් නිකට ඇගිලි වලින් තෙරපන ගමන් ස්පා එකේ මේන් ගේට් එක දිහා බැලුවා... "ගෙට් අවුට් ද ෆකින් කාර්" ටේහ්‍යොන්ග් සද්දෙන් ඒත් සාමාන්‍ය විදියට කිව්වා... යුන්ගිට ඇත්තටම තේරුමක් තිබුනේ නෑ මෙතන වෙන දේවල් ගැන... "ජීනියස් ගෙට් අවුට් ද ෆකින් කාර් ෆකින් රයිට් නව්" ටේහ්‍යොන්ග් කාර් එකෙන් බැස්සා... යුන්ගි ඒ එක්කම ඉක්මනට බැහැලා ආවා...

ටේහ්‍යොන්ග් ස්පා එක ඇතුලට යන්න හැදුවම යුන්ගි කෙල ගිල්ලා... "බොස් මට ඕක ඇතුලට යන්න බෑ" යුන්ගි එතනම නැවතුනා... ටේහ්‍යොන්ග් ඔලුව හරවලා සන්ග්ලාස් දෙක පොඩ්ඩක් පහලට කරලා බැලුවා...

"මම දන්නවා ඒක, ඒකයි මම මේක ඇතුලට යන්නේ, ඔහොම ඉන්නවා" ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවෙලා ගේට් ලගට ගියාම ගාඩ් රූම් එකේ හිටිය ගාඩ් ටේහ්‍යොන්ග්ගේ උඩ ඉදන් යටටම බැලුවා...

"පර්මිශන් තියෙනවද සර්" ගාඩ් ඇහුවම ටේහ්‍යොන්ග් ගාඩ්ව ගනන් නොගෙන ෆෝන් එක අරගෙන කෝල් එකක් ගත්තා...

"වීව් එලියට එනවා, මම ගේට් එක ලග" වීව් කියන නම ඇහුන ගමන් යුන්ගිගේ ඇස්දෙක ලොකු වුනා... යුන්ගි තරහෙන් ටේහ්‍යොන්ග් දිහා බලාගෙන හිටියා... යුන්ගිගේ මූණේ හැගීම් ගැන නිකමට හිතන ගමන් ටේහ්‍යොන්ග් අමුතු විදියට හිනාවෙලා කොණ්ඩේ පිටිපස්සට කරලා හැදුවා...

විනාඩි පහක් යනකොට වීව් එලියට ආවා... ටේහ්‍යොන්ග්ගේ රූපෙට සමාන රූපයක් තිබ්බ වීව් ටේහ්‍යොන්ග් තරම් කඩවසම් නැති වුනත්, තරුණ, සාර්ථක ගැන්ස්ටර් කෙනෙක් වුනා... ස්පා 10 ක්, නයිට් ක්ලබ් 3ක්, බාර් 21 ක් වීව්ගේ යටතේ තිබුනා... අයිතිකාරයා කවුද කියලා වීව්වත් නොදන්න...

"වැන්ටේ" වීව් හිනාවෙලා ටේහ්‍යොන්ග්ව බදා ගත්තා... ටේහ්‍යොන්ග් අඩියක් පිටිපස්සට ගිහින් ලාවට වගේ වීව්ව බදා ගත්තා... යුන්ගිගේ නළල දෙපැත්තෙන් දාඩිය බේරෙන්න ගත්තා... තව ටිකකින් උණ්ඩ බර ගානකින් වෙඩි වැදිලා මැරෙනවා කියලා යුන්ගි හොදටම දැනගෙන හිටියා...

"ඇයි මෙහේ ආවේ" වීව් කියලා පිටිපස්ස බැලුවම යුන්ගිව දැකලා වීව්ගේ මූණ කේන්තියෙන් කලු වෙනවා දැකලා ටේහ්‍යොන්ග් ඇස් හීනී කරා... "අරූ, අර බල්ලා මොකද මෙතන" වීව් යුන්ගි ලගට යන්න ගියාම ටේහ්‍යොන්ග් වීව්ව අල්ල ගත්තා...

lucifer ||vkook||Where stories live. Discover now