twenty three

1.6K 387 79
                                    

ටේහ්‍යොන්ග් කාර් එකට නගින්න කලින් ජන්කුක් දිහා බලලා හිනාවුනා... "බේබි ඔන්ලි 3 ඩේස් රයිට්, මම ඉක්මනට එනවා" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් තොල් උල් කරගෙන ඔලුව වැනුවා... ටේහ්‍යොන්ග් කාර් එකට නගිනකන් ඉදලා ජන්කුක් දොර වැහුවා... ටේහ්‍යොන්ග් හිනා වුනාම ජන්කුක් යටිතොල හපා ගත්තා... කාර් එක මෑන්ශන් එකෙන් එලියට යනකන් බලාගෙන ඉදලා ජන්කුක් හැරුනා... දොර ලගම තිබුන කැමරා එක දිහා බලලා ජන්කුක් හොද හුස්මක් ගත්තා... හිමින් ගෙදර ඇතුලට ඇවිදගෙන ගිය ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඔෆිස් රූම් එක පැත්තට ගියා...

යන ගමන් කිචන් එකට ඔලුව දාලා සර්වන්ට්ස්ලා ඉන්නවද බලලා ජන්කුක් කොණ්ඩේ හදාගෙන තොල හපා ගත්තා... ජන්කුක්ව මේ ගෙදරට එක්කගෙන ආව පලවෙනි දවසේ ජන්කුක්ව හිර කරලා තිබුන රූම් පේලිය දිගේ ගිහින් ජන්කුක් උඩ බැලුවා... ඒත් කැමරා එකක් තිබුනේ නෑ... පුදුම වෙන්න ඕන දෙයක් නිසා ජන්කුක් කොණ්ඩේ හදන ගමන් හොදට වටපිට බැලුවා... කැමරාවක් හොයා ගන්න තිබුනේ නැති නිසා ජන්කුක් පහලට බහින්න අඩිය තියනකොටම රූම් එකක දොර ඇරගෙන සුදු පිරිමි කෙනෙක් එලියට ආවම ජන්කුක් ගැස්සුනා... බිත්තිය අල්ලගෙන ජන්කුක් කකුල උඩට ගත්තා...

"ඔහ්හ්හ්" ජන්කුක් වෙනසක් පෙන්නන්නේ නැතුව හිනා වුනා...

"ඔයා කොහෙද යන්නේ" යුන්ගි ඇහුවම ජන්කුක් අමුතු විදියට හිනා වුනා...

"මම කවුද කියලා දන්නවද?" ජන්කුක් ඇහිබැමක් උස්සලා ඇහුවම යුන්ගි කට කොනකින් හිනාවුනා... "ඔව් වැන්ටේ බොස්ගේ බෝයිෆ්‍රෙන්ඩ්"

"එහෙනම් ඇයි මගෙන් යන තැන අහන්නේ" ජන්කුක් ඇස් හීනී කරලා ඇහුවම යුන්ගි අතේ තිබ්බ ලෙදර් ජැකට් එක දා ගත්තා... "බොස් මට කියලා ගියේ ජන්කුක් සර්ගේ බොඩිගාඩ් වෙන්න කියලා" යුන්ගි කිව්වම ජන්කුක්ට තරහා ගියා...

"නෝ තෑන්ක්ස්" ජන්කුක් sassy විදියට කියලා යුන්ගිට ගස්සගෙන පඩිපෙල බැහැලා පහලට ගියා... යුන්ගි කට කොනකින් හිනාවෙලා එතනින් එලියට ගියා...

ටේහ්‍යොන්ග්ගේ ඔෆිස් රූම් එක ලගට ගිහින් ජන්කුක් උඩ බැලුවා... පුදුමයි... ඇයි එකම තැනකවත් කැමරා නැත්තේ... ඒක වෙන්න බෑ... මාෆියා බොස් කෙනෙක්ගේ ඔෆිස් රූම් එක ලග කොහොමද කැමරාවක් නැති වෙන්නේ, ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා... ඒත් ජන්කුක්ට ඒක කරන්නම වෙනවා... ජන්කුක් දොරේ ලොක් එක ඇරියා... දොරවත් ලොක් කරලා තිබුනේ නෑ... ජන්කුක් කොරිඩෝ එක බලලා ඇතුලට ගිහින් හිමින් දොර වැහුවා...

lucifer ||vkook||Where stories live. Discover now