fourteen

1.9K 442 62
                                    

ටේහ්‍යොන්ග්ට අයිති අත ඇරලා දැම්ම ගරාජ් එකට ටේහ්‍යොන්ග් ඩෙරික්ව එක්කගෙන ඇවිත් දැන් පැය දෙකක් ගත වෙලා තිබුනා... පරණ කාර් එකක බොනට් එක උඩ ඉදගෙන ටේහ්‍යොන්ග් ෆෝන් එක අතට ගත්තා... නම්ජුන්ගේ නම්බර් එක ඩයල් කරලා ටේහ්‍යොන්ග් පණ අදින ඩෙරික් දිහා බලලා කට කොනකින් හිනාවුනා...

"RM බොස්, අපේ පරණ පොට් එකට එන්න" ෆෝන් එක කට් කරලා බොනට් එක උඩින් තියලා ටේහ්‍යොන්ග් සිගරට් පැකට් එක අතට ගත්තා...

කාර් එකක් ඇතුලේ පැසෙන්ජර් සීට් එකට තියලා කඹේකින් බැදලා හිටිය ඩෙරික්ගේ අතේ ඇගිලි දහයෙම නියපොතු ටේහ්‍යොන්ග් අමු අමුවෙන් wire cutter එකකින් ඇදලා ගලවලා දැම්මා... ඩෙරික්ගේ ඇගිලි වලින් ලේ පෙරෙද්දී, ඩෙරික් මර හඬ දීලා කෑගහද්දී, ටේහ්‍යොන්ග් කිසිම හිතක් පපුවක් නැති විදියට ඩෙරික්ගේ නියපොතු 10ම එකපාරටම ඇදලා ගලවලා දැම්මා... ටේහ්‍යොන්ග්ට විරුද්ධ වුනොත් වෙන්නේ මේ දේ තමයි කියලා ඩෙරික් හොදටම දැනගෙන හිටියත් මාෆියා වර්ල්ඩ් එකේදී සල්ලි වලට ඕනම එකෙක් තමන්ගේ පැත්තට විරුද්ධ වෙනවා... ඩෙරික්ගේ කොණ්ඩේ හයියෙන් අදින ගමන් ඩෙරික්ගේ උඩ ඇන්දේ දත් තුනක් ගැලවෙනකන් ටේහ්‍යොන්ග් එක දිගට ආවේගෙන් ඩෙරික්ගේ මූණට ගැහුවා... ඩෙරික් ඇත්ත කියනකොට හිටියේ පණ අදින ගමන්... ඇත්ත දැන ගන්නකන් ටේහ්‍යොන්ග් සෑහෙන්න ඩෙරික්ට වද දුන්නා...

පැය බාගයක් යනකොට නම්ජුන් ගරාජ් එකේ දොර ඇරගෙන ආවා... ආව ගමන් එක කවුළුවකින් විතරක් එලිය වෙලා තිබුන ගරාජ් එකේ ඒ එලිය වැටිලා තිබුන තැන කාර් එක ඇතුලේ කවුරුහරි ඉන්නවා දැක්කම නම්ජුන් කෙලින්ම කාර් එක ලගට ගියා... ඩෙරික් පණ අදිනවා දැකලා නම්ජුන්ගේ මුලු ඇගම වෙව්ලුවා...

බර හුස්මක් පහත දාලා නම්ජුන් ටේහ්‍යොන්ග් ලගට ගියා... "එහෙනම් මූද මිනිහා" නම්ජුන් අතේ ඇගිලි ගුලි කරගෙන බිම බලාගත්තා... ටේහ්‍යොන්ග්ට මූණ දෙන්න ඇත්තටම නම්ජුන්ට ලැජ්ජාවක් දැනුනා... ඩෙරික් අවුරුදු ගානක් තමන් ලග ඉදලත්, කවුද කියලා හොයා ගන්න බැරි වුන එකට, ඩෙරික්ට සහෝදරයෙක්ට වගේ සලකපු එක ගැන නම්ජුන් පසුතැවිලි වුනා... ඒත් තවමත් ඩෙරික් ලේ පෙරාගෙන පණ අදිනකොට නම්ජුන්ට ඒක ටිකක් අමාරු වුනා...

lucifer ||vkook||Where stories live. Discover now