🥀| | unexpectedly 💥 | | 🥀

1K 251 50
                                    

" මල් හීන හිත බැන්ද
කිරි කෝඩු කාලේ....
එක හීනයක් ගාව මම නැවතිලා....
තරුවාගෙ දිලිහෙද්දි ....
පොඩි ඇස් ඔයාගේ.....
බෑ දැන් කියාගන්න හිත ගොළු වෙලා.."

අනේ දෙයියනේ ....ඒ කටහඩේ ලස්සන.... ඒක එයා ආසම සිංදුවලු....

" ලස්සනයි ......"

රෑ අහසෙ පේන තරු දිහා බලාගෙන පෝන් එක කනට හිර කරන් මම කීවෙ ඇත්තටම ඒ කටහඩ භාවනාවක් වගේ නිසා.....

" මෝචි පැටියෝ...දැන් වෙලාව එකොළහමාරයි....හෙට ස්කෝලෙ යන්නත් එපැයි...ගිහින් නිදාගන්න...ම්ම්....."

" අනේ hexuuu....තව විනාඩි පහයි..."

" විනාඩි පහයි කිය කිය දැන් කීයෙ ඉදන් ඉදියද කොල්ලෝ...."

" හුම්....ඔයා මට ආදරේ නෑ....ඒකනේ ඕම කරන්නේ...."

" අනේ නෑ වස්තුවේ.....මට නම් කිසී ප්‍රශ්නයක් නෑ ...පාන්දර වෙනකන් උනත් ඉදිතෑයි...ඒත් ඔයා හෙට ස්කොලෙ යන්නෙපැයි මැට්ටො..."

" හුම්බ්......"

" Good night......"

" Good night......"

" Aishiteiru  ummmmmmaah...."

" bye...."

" බායි නෙවේ උම්මා කියන්න..."

" බැහ්....."

" එහෙනම් ඊළග දවසෙ .බලෙන් උම්මා එකක් ගන්නව...."

" ඒකත් බෑ....."

" බෑ බෑ තමයි ..."

" එහෙනම් මන් තියන්නම්....."

" හ්ම්....ලව් යූ...."

පෝන් එක තිබ්බෑයින් පස්සෙ මට දැනුනෙ පාළුවක්...වැස්සක් වගේ කියෙව්ව එයා නිහඩ වෙද්දි මට පිස්සු වගේ ඉතිං .... මන් දැන් එයාට ඇබ්බැහි වෙලා......

ඇදට ආව මම බෑග් එක ලෑස්ති කරල ලයිට්ස් ඕෆ් කරල ඇදෙන් හාන්සි උනේ නිදාගන්න....මොකද හෙට ස්කෝලේ.....ඒත් එයා එන්නෑනේ....පාළු හිතේවි මට....

එයා තෑගි කරපු diffuser එකේ සුවද තවමත් දසත පැතිරිලා ගියා...මගේ මුළු කාමරේම සුවදයි...හරිම චාම් සුවදක්...

🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄

ඒලාර්ම් එකෙ සද්දෙට නැගිට්ට මම එයාට ගුඩ් මෝනින් කියල මැසේජ් එකක් දාලා ඉක්මනට ලෑස්ති වෙලා බෑග් එකත් අරන් පහළට ගියා.....මන් යද්දි අම්මා කෙසෙල් කොළේ ඔතපු සුවද ගහන බත් එක මෙසෙ උඩින් තියල මට කවන්න බත් පිගානක් බෙදන් එන්න ගියා...

🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now