🥀 | | Dinner 🍷 | | 🥀

1K 179 37
                                    

අපි දෙන්නගෙ ජිවිතේ එක වහලක් යට ගෙවෙන හතරවෙනි දවසට ඉර පෑයුවට පස්සෙ උදේට කාලා අපි දෙන්නා ලෑස්ති වෙලා අපි දෙන්නගෙම වීසා අවුරුදු තුන අවුරුදු පහකට දීර්ඝ කරල හදාගන්න ඕනෙ නිසා ඒ වැඩ වලට උදේ වරුවෙම බිසී උනා.....දවස් තුනක්ම ගෙදර ඇද උඩට වෙලා උන්නු මට එයා එක්ක පයින් මෙහෙම වටේම ඇවිදින එක සතුටක් උනා..... ඒ ගිහින් අපි දෙන්නා දවල්ට අයිෆල් ටවර් එක නැග්ගෙ මගේ බලවත් ඉල්ලීම මැදමයි.... ඊට පස්සෙ අයිෆල් ටවර් එක පහළින් lunch එක අරන් අපි දෙන්නා එන්න ආවෙ එයාගෙ තවත් විෂේශ ගමනක්.....

"අනෙහ්...උම්හ්හ්....හේෂුවෝ.....මගේ කකුල් රිදෙනවා නේ....."

උදේ ඉදන්ම පයින් ඇවිදලා අයිෆල් ටවර් එකත් නැගලා කකුල් වලට හොද ගණන් නිසා දණිස් දෙකට අත් දෙක තද කරන් මන් කිව්වෙ හති අරින ගමන්....

" ඒක තමයි ගොන් බඩුවට කිව්වෙ වෙනින් දවසක අයිෆල් එකට නගිමු අද මේ වැඩ ටික කරගමු කියල ...."

" බඩුව.....!! මන් බඩ්ඩක් නෙමේ හරිද...මනුස්සයෙක්...."

එයාගෙ බෙල්ලෙ එල්ලිලා මන් කිව්වෙ එයා මාව කෙයා නොකර ඉස්සරහට ඇවිදිද්දි...

" මහන්සී හේසුවෝ.... "

ඇස් පුංචි කරල මන් කිව්වෙ එයා මාව ඇදන් ගිහින් බෙන්ච් එකකින් වාඩි කරවද්දි....

" අයියා වාහනයක් නම් සෙට් කරල දුන්නා...ඒත් මෙහෙ ලයිෂන් එක නෑනෙ සුදු නෝනා..... ඒකයි අවුල..."

" ඒ ගැන හිතන්නෙපා....කොහොමත් මේ මන් වයසක සීයා කෙනෙක් කියල ඔයා දන්නවනෙ හේෂු..."

එයාගෙ නහය මිරිකලා මන් කිව්වෙ එයා බොරුවට රවද්දි....

" දැන් හොදටම හවස් වෙලා සුදු නෝනා.... මන් හයට කලින් මේ වැඩේ කරගන්න ඕනෙ...මන් ඔයාව ගෙදරින් දාලා එන්නද??"

" බැහෑ!! මටත් ඔයා එක්ක එන්න ඕනේ....."

බෙන්ච් එකෙන් නැගිටලා ඉක්මනට එයාගෙ අත බදාගෙන මන් කිව්වෙ එයා සන්ග්ලාස් දෙක ගලවල මගේ මූණට පහත් වෙද්දි....

" චූටි නෝනට පුලුවන් ද තව චුට්ටක් පයින් ඇවිදින්න එහෙනම්...."

" හුම්....."

🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now