🥀 | | The pain 💔 | | 🥀

898 207 83
                                    

" අ....නේ...හේ...ෂු....."

එයාලගෙ පපා එනව දැකල මට දෙගුණයක් වේගෙන් ඇඩෙද්දි මන් අඩ අඩම එයාගෙ මූණ දිහා බැලුවෙ එයා සැරෙන් සැරේට මගේ ඇස් වලින් ගලන් යන කදුළු පිහදාද්දි....මට එයාලගෙ පපාව දැක්කත් හරි තිබ්බ බය දෙගුණ උනා...අනේ ඒ නයෙක් වගේ මනුස්සයෙක්..

" නාඩා ඉදපන් මැණික.... "

" මට.....බයයි.....හේ...ෂු...."

" ෂ්......නාඩා ඉදින් රත්තරන් ....."

එයා ආයෙත් වතාවක් මගේ නළලට ගැඹුරු හාදුවක් දුන්නෙ මන් හඩමින්ම එයාගෙ පපුවට හේත්තු වෙද්දි.....

" ඔය එන්නෙ...... හැමෝම එකතු වෙලා මගේ ජිවිතේ විනාස කරල මදිවෙලාද.....මගෙ මල්ලිවත් අල්ලගත්තෙ ආ........??"

අයියා සද්දෙන් කෑ ගැහුවෙ ඉද්දගොඩ ඇමතිතුමා ඇවිත් මාරුවෙන් මාරුවට අපි හැමෝ දිහාම බලද්දි.....

" මොකද ශෙරීනා මේ මෙයා කෑ ගහන්නෙ.....??"

ඉද්දගොඩ එයාගෙ මමීගෙන් අහද්දි මමී අපි දිහාවට රවල අත් බැදගත්තෙ නෝක්කාඩුවෙන් වගේ.....

" කෑ ගහන්නෙ.....?? කෑ නොගහ ඉන්න තිබ්බ...තමුන්ගෙ මහ ලොකු පුතණ්ඩියා අපිට ගිනි ගෙඩි නොදී ඉදිය නම්......."

එසැනින් එයාලගෙ පපා අපි දිහා බැලුවෙ කේන්තියෙන් .......එයා මාව එයාගෙ පිටිපස්සට කරගනිද්දි මහ හයියෙන් මන් ඇඩුවෙ එයාගෙ බැනියම පොඩි කරමින්.....

" මොනාද චූටි බබා මූ මේ කියන්නෙ......??"

එයාගෙ පපා එයා ළගට අඩිය තියල ඇවිදන් එමින් ඇහුවෙ එයා නිහඩව ඉදිරිය බලන් ඉද්දි.....

" මරු බබ්බු..... ශෙනූ....මෙහෙ වරෙන්....ඇලිලා ගැලිලා ඉන්නෙ ඔය මොක්කු කියල හිතන්ද....?? මුන් නයි වගේ මිනිස්සු.... ළග ඉන්න වත් බෑ මුන්ගෙ තින විසට ...කොයි වෙලේ දස්ට කරයිද බයයි....."

" චූටි ....බබා.....මන් තමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා..... "

එයාගෙ පපා ගේ දෙදරන සයිස් එකෙන් කෑ ගහද්දි ගැස්සුන මම තවත් එයාගෙ පස්සට උනේ එයාගෙ අත තදින් මිරිකගෙන...එයා නිහඩයි....කිසිම දෙයක් නොකියා අඩුම බැල්මකින් වත් බයක් නොපෙන්වා එයා පපා දිහාම බලන් ඉන්නෙ මන් එයාගෙ බැනියම මිරිකමින් තවමත් හඩද්දි....

🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now