🥀| | Study is hard , but 🌸| |🥀

756 176 40
                                    

🌙🌙🌙🌙......

කීවෙනි වතාවටදෝ නිදිමතේ ඔළුව කඩන් වැටුන මම ඔළුව දෙපැත්තට වනලා ආයෙ හිස කෙලින් කරගත්තෙ ආයෙත් පොත දිහාවට ඇස් දාගෙන.....දැන් වෙලාව පාන්දර 1 ත් පහු....හෙට තමයි එක්සෑම් එකේ අන්තිම දවස...... මේ දවස් ටිකේම රෑට නිදි මරල මට හෙනම නිදිමතයි....

මන් ආයෙත් ඇස් පිහදාලා සෝපා එකේ ඉන්න එයා දිහා බැලුවෙ එයා ටිවි එකේ සද්දෙ අඩු කරල දාගෙන ඒකෙ හාන්සි වෙලා රෙද්දක් පෙරවන් නිදි කිරද්දි.....කිව්වට ඇදට ගිහින් නිදාගන්නෙත් නැ.... මන් කීයටද නිදාගන්නෙ එයත් ඇහැරිලා බොරුවට නිදි මරනව......

බොරුවට කියන්න ඕන්නෑ.... මේ සති කිහිපයට එයා මාරම විදියට මට ශක්තියක් උනේ බෝයිෆ්‍රෙන් කියන කැරැක්ටර් එකෙන් ඔබ්බට ගිහින්......

" සුදු නෝනා.....නිදිමතද වස්තුවේ....."

පොතට ඇස් යොමාගත්ත මගේ දෑස් ඉබේම පියවිලා තීද්දි මට එයාගෙ කඩහඩට මන් ඇහැරුනෙ එයා මගේ හිස අතගාද්දි...

" නින්ද ගියාද....ම්ම්??"

" හ්ම්ම්...."

ඇස් පිහිදමින් මන් එයාගෙ කුසට හේත්තු උනේ එයා මගේ නළල සිපගනිද්දි....

" කොෆී එකක් හදන්නම් මන්....... මූණ සෝදන් එන්න...."

" ම්හ්.....හේ....ෂු...."

මන් තවත් එයාව වැළදගත්තෙ එයා මාව වඩාගෙන ගිහින් කිචන් එකේ පැන්ට්‍රිය උඩින් ඉන්දවද්දි...

" කෝ.....ඇස් පියාගන්න...."

සින්ක් එකට අත අල්ලලා එයා සීතල වතුර වලින් මගේ මූණ පිහිදැම්මා.....

" ම්ම්...... හෙට විතරයි නේ සුදු මැණික..... දැන් ගිහින් පාඩම් කරන්න ...මන් කොෆි එකක් හදන් එනවනෙ....ම්ම්...."

" හ්ම්ම්...."

මන් පැන්ට්‍රියෙන් බැහැලා නිදිමතේම සාලෙට ඇවිදන් ගියා.......

" සුදු නෝනා....! ඔය ඉතිං ....ආයෙ නිදි නෙ...."

එයා ඇවිත් මාව ආයෙ ඇහැරවද්දි මන් අමාරුවෙන් ඇස් ඇරියෙ එයා දුම් දාන කොෆී කෝප්පෙ මේසේ උඩින් තියද්දි....

" ම්ම්ම්......නිදි මතයි....හේෂු....."

පාඩම් කරන්න ඕනෙ...ඒත් නිදිමතයි..... මන් ඇස් පොඩි කරමින් කිව්වෙ එයා එකපාරටම මාව උස්සලා මෙසෙ උඩින් වාඩි කරද්දි....

🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now