🥀 | | Tute.. 📜✒️ | | 🥀

1K 214 43
                                    

🌄🌄🌄🌄🌄🌄

⏰⏰

අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ.....

හුවෑ...

පහට තිබ්බ ඒලාර්ම් එක ඕෆ් කරල මන් නිදිමත යන්නත් එක්ක පෝන් එක ඔබනවයි කියල ඒක අතට ගත්තා....අද සිකුරාදා.... අද රජයෙ නිවාඩු දවසක්..... ඒකයි අපිට උදෙන්ම ක්ලාස්....හෙට....හෙට සෙනසුරාදා ...හෙට තමයි බිග් මැච් එක...

" චූටි පුතා ...... පහයි කාලයි වෙලාව....නැගිටින්නැද්ද ??"

අම්මා පහළ ඉදන් දෝංකාර දෙනව ඇහෙද්දි මන් යාන්තමට හිරි කඩමින් ඇදෙන් නැගිට්ටෙ එයාට ගුඩ් මෝනින් කියල මැසේජ් එකක් දාන ගමන්.....

" Good morning සුදු නෝනා....😘"

දාපු සැනින් සීන් කරල එයා රිප්ලයි එකක් එව්වා....

පෝන් එක මෙසෙ උඩින් තියල මන් බාතෲම් එකට ගිහින් ඉක්මනට මූණ සෝදගෙන කළු ඩෙනිමකට දම් පාට ටී ෂර්ට් එකක් ඇදල කොණ්ඩෙ පැත්තට පීරගත්තා....

Applied පොතයි pure පොතයි නිල් පෑනයි කළු පෑනයි රතු පෑනයි අඩිරූලයි....ආ බල සමතුලිතතාව ටියුට් එකයි....ඔච්චරයි .....

" ළමයො.... හයට කාලයි.... පහළට බහින්නැද්ද??'

උණුම උණු බත් එකක් බෙදාගෙන ආව අම්මා එහෙම කියමින් බත් කුරුල්ලො අනල මට බත් එක කවන්න ගත්තා...

" අම්මා....."

ලෑස්ති වෙලා පහළට ඇවිත් ආයෙ හෑෂ් ටියුට් එක අමතක වෙලා ඒක ගන්න මන් උඩට දිව්වෙ කුස්සියේ උන්න අම්මට කතා කරන ගමන්...

"....................."

" අම්මාමාමාමා......"

" මොකද මොකද දරුවො බෙරිහන් දෙන්නෙ....??"

" මට බත් එකක් බැදල ඕනෙ....වතුර බෝතලේකුත් ඕනේ...."

" ඇයි අද එන්න පරක්කු වෙනවද ??"

" කියන්න බෑ....."

ඉක්මනට ටියුට් එකත් බෑග් එකට දාගත්තෙ අප්පච්චී තේක බිබී ඉස්තෝප්පුවේ ඉදන් සාලෙට එද්දි....

" කීයටද පන්තිය ඇරෙන්නෙ??"

" එකොළහට අප්පච්චී ....."

" රවුම් ගහන්නැතුව ගෙදර එන්න ඕනෙ....අද අයියලා එනව කිව්වා...."

" ඇත්තද ?? අද අයියලා එනවද අප්පච්චී ??"

🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now