🥀| |Lovely week - end❤ | |🥀

908 173 37
                                    

📞 ...............

" හෙලෝ....ඔයා කොහෙද ඉන්නෙ....??"

" ඉන්න සුදු නෝනා....මන් එන ගමන්....."

" හ්ම්.....මන් මගට එන්නද??"

" එපා එපා !! ඇතුළට වෙලා ඉන්නවා.....මන් එන්නන්...."

" හරි .......පරිස්සමෙන් එන්න...බුදු සරණයි...."

එහෙම කියල මන් පෝන් එක කට් කළේ ගේට් එක ළගට ඇවිදන් යන ගමන්....... නොකිව්වට මන් මගට ඇවිදන් ගියේ....බැනුම් අහන්න වෙන නිසා මන් ආයෙ කැම්පස් එකේ ගේට්ටුව ළගට ආවෙ එයා දැන් එනව කිව්ව නිසා......

කැම්පස් පටන් අරන් මාස දෙකක් විතර එක දිගට ගෙවිලා ගියේ ජිවිතේටම කිසිම ඉස්පාසුවක් නැති වෙද්දි.....මුල් දවස් ටිකේ ආතල් එකේ ඉදියත් ඊට පස්සෙ වැඩ වැඩ වැඩ ..... assignment පෝලිමට ගොඩ ගැහුනෙ  ජිවිතේ අනිත්‍ය හරියටම තෙරෙද්දි..... මන් ඉංග්‍රීසි වලට එච්චර දක්ෂ නැ..... ජිවිතේම එපා වෙන්න පටන් ගත්තෙ එතන උන් ඉංගිරිසියෙන් කතා කරන්න ගත්තට පස්සෙ..... බාතෲම් වලියට හයට විතර නැගිට්ටට පස්සෙ ආයෙ නිදාගන්නෙ පාන්දර තුන කිට්ටු කරලා....

ගොඩාක් දවස් වලට කාමරේ ඉන්න අපි සෙට් එක පාන්දර තුන හතර වෙනකන් පාඩම් කරනව...... ඒ පාඩම් කරල පැය දෙකක් තුනක් තමයි නිදාගන්නෙ.....ඉගෙනීම කියන්නෙ කටුක දෙයක්...ඒ උනත් ඒකෙන් අනාගතේදි ගන්න පුලුවන් ඵලය ගැන නිතරම කිය කිය මාව motivated කරන්නෙ එයා....!!

මෝටිවේශන් අප්පච්චී !!

අම්මො ඔන්න එනෝ.....

" එළියට වෙලා ඉදියෙ ඇයි....මන් ඇවිත් කෝල් එකක් ගන්නවනෙ....."

එයා නෝක්කාඩුවෙන් වගේ කිව්වෙ කාර් එකට නැග්ග මගෙන්.....

" ආවා ඉතිං ....."

මන් දොර වහලා එයා දිහාවට හැරිලා එයාගෙ කම්මුලක් සිපගත්තෙ එයා ඉස්සරහ තිබ්බ චොක්ලට් බාර් එකක් ඔඩොක්කුවට දාද්දි.....

" අනෙව්....ටැංකූ....."

එයාගෙ කම්මුල විකලා මන් කිව්වෙ චොක්ලට් බාර් එක බෑග්ගෙට දාගෙන.....එයා හැමදාම මාව බලන්න එද්දි මට කඩචෝරු මොනාහරි ගේනවමයි.....

විනාඩි කිහිපයක ගමනකින් පස්සෙ අපි ආවෙ පාර්ක් එකට...... එයාට කාගෙන්දෝ කෝල් එකක් ආව නිසා එයා වාහනේ පාර්ක් කරල බැහැලා යද්දි මන් පිටිපස්සෙ තිබ්බ එයාලගෙ ගෙදර ඉන්න ආන්ටි හදල දෙන කෙහෙල් කොළේ ඔතපු සුවද ගහන ලොකු  බත් එකයි වතුට බෝතලෙයි අරන් වාහනෙන් බැස්සා.....

🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now