🥀 | | Red moon ❤🍻 | | 🥀

1.1K 175 62
                                    

" මහන්සීද ??"

එහෙට මෙහෙට කැරකිලා අන්තිමට පොටෝස් දෙක තුනක් අරන් ඉවර වෙලා එතන තිබ්බ බීම බෝතලෙත් අරන් පුටුවෙන් වාඩිගත්ත එයා මගෙන් ඇහුවෙ සීතල නිසා එයාගෙ බ්ලේසර් එක මට පෙරවන ගමන්.....

" බඩගිනි ....."

තොල් උල් කරල මන් කිව්වෙ බීම බෝතලේ මූඩිය ඇරගන්න බැරුව දගලමින්....

" තව ටිකකින් අපි යන් ....එතකොට කන්න පුලුවන් ....."

ඔළුව අතගාලා කිව්ව එයා මට බීම බෝතලේ ඇරල දුන්නෙ මන් හිනාවෙලා ඒක අතට ගනිද්දි....

" මන් අර පැත්තට ගිහින් එන්නම්...."

මගේ කම්මුල චුට්ටක් අතගාලා එයා කැමරාමෙන් ළගට ගියේ මන් තවත් තදින් එයාගෙ බ්ලේසර් එකට ගුලි වෙද්දි....එළියෙ පට්ට සීතලයි මෙහෙ....

" එන්න සුදූ...අපි යන්..."

" ඉවරයිද??"

" හ්ම්...අද රෑ වෙද්දි ගෙදරට එවන්නම් කිව්වෙ...."

" ඇත්තටම ??"

" ඕ....."

මන් එයා ළගට දුවගෙන ගියේ එයා මගේ අතින් අල්ලන් මාව ඇගට තුරුළු කරගනිද්දි...

" කවුද අයියේ එන්නෙ....සේරම ඔයාගෙ යාළුවොද??"

" හ්ම්ම්...... මට මෙහෙ වීසා ඉක්මනට හදාගන්න එයාලා ගොඩාක් උදව් කළා සුදු නෝනා...."

" ම්ම්ම්...."

එයා මාව කාර් එකෙන් වාඩිකලේ විනාඩි කිහිපයකට පස්සෙ අපි රෙස්ටුරන්ට් එකක් ළග නතර කරද්දි....දැන් වෙලාව හතරත් පහු...තාම මන් උදේට කාපු බිත්තර දෙකයි පාන් පෙත්තයි විතරයි ....පට්ට බඩගිනී.....

" ආ මේක දාගන්න...."

" එපා...."

කාර් එකෙන් බැහැලා එයා ශර්ට් එක පිටින්ම ඇතුළට යන්න ලෑස්ති වෙද්දි එයාගෙ අතින් ඇදල මන් කිව්වෙ එයා මට පෙරවපු බ්ලේසර් එක අතට දීලා....

" මේක ඇදගන්න හේෂු...."

" ඕන්නැ....."

පණ්ඩිතයා.....

එයා ඉස්සර වෙලා යද්දි මන් එයාගෙ පිටිපස්සෙන් ආවෙ අයියයි අක්කයිත් පස්සෙන් එද්දි.....

🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now