🥀| | Under the paris sky 🗼🌃 | |🥀

765 176 34
                                    

"මගේ සුදු නෝනා....ඇස් අරින්න මෝචි......"

හිස පුරාවට සිනිදු අතැගිලි පහසක් ගලන් යද්දි ඒ සනීපෙට මගේ දෑස් පියවෙන්න ගියේ තවත් ඒ පහසට මන් ලැදි වෙද්දි.....

" අපි මොනාහරි කාලා ඉමු සුදු නෝනා......"

මන් දෑස් අරිද්දි එයා කිව්වෙ මගේ මූණට එබිලා.....

" ම්ම්ම්ම්ම්ම්.....ආහ්හ් ..."

මන් කෙදිරිගාමින් දෑස් අරිද්දි මගේ ඇස් කඩාගෙන යන එළියක් එක්ක මන් අමාරුවෙන් බෙල්ල කෙලින් කළේ එයා මොකද්දෝ කරල මගේ බෙල්ල අනික් පැත්තට ටොකොස් ගාලා කඩද්දි....

" ආව්හ් !! "

" කිව්වට ඇහුවෙ නෑනෙ....සීට් එකට හේත්තු වෙලා නිදාගත්ත නම් ඔහොම අමාරු නෑ....."

බැන්ඩේජ් කරපු නළල හීනියට ඇගිලිතුඩු වලින් පිරිමැදල එයා කිව්වෙ තරවටුවක් විදියට....

" මොනාහරි කාලා ඉමු.... නැත්තන් බබාට ගෑස්ටික් හැදෙයි....."

" තව කොච්චර දුරයිද හේෂු....."

ඈස් පොඩි කරල වටපිට බලමින් මන් ඇහුවේ එයා මට ශීට් එක ඉස්සරහ ස්ක්‍රීන් එක පෙන්වද්දි.....

" අනේ....තවම පැය තුනයිද ඉවර උනේ......??"

" ඔව් ඉතිං .....ගොඩක් දුරයිනෙ සුදු නෝනා....."

මන් මූණ දෙක කරගත්තෙ ගතට දැනෙන අමාරුවටත් එක්ක.....ඒ සේරමටත් වඩා හිතට දැනෙන අමාරුව වැඩි වෙද්දි එයා මගේ අතට ලන් කළේ ගෑරුප්පුවක්....

ඒ සේරමටත් වඩා හිතට දැනෙන අමාරුව වැඩි වෙද්දි එයා මගේ අතට ලන් කළේ ගෑරුප්පුවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මට කන්න පිරියක් නෑ හේෂු....."

" කන්නැති වග දන්න නිසාමයි පලතුරු වර්ග ගෙන්නුවෙ..... "

මට හීනියට රවලා එතන තිබ්බ බොක්ස් එකයි ගෑරුප්පුවයි එයා අතට ගත්තෙ දැන් නම් ආයෙ උගුරටම පිරෙනකන්ම ගිල්ලලාත් එයා නතර නොකරන වග අත්දැකීමෙන් දන්න නිසා .....

🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now