🥀 | | Butt Exercise 🍑💦 | | 🥀

1.2K 223 45
                                    

🌤️🌤️🌤️🌤️🌤️

අද අගහරුවාදා .... අපිටත් නොදැනි වේගයෙන් මාස දෙකක් ගෙවිලා ගියේ එයාලගෙ එක්සෑම් එකට දින ළං වෙමින්.....තව සති තුනයි විභාගෙට..ඒත් මේ මනුස්සයට නම් හරී ජොලි...එයා ඉන්නෙ හෙන ආතල් එකෙ.... වෙන උන්ට ඩිප්ප්‍රෙෂන් හැදෙන කාලෙ එයා ඉන්නෙ වෙනදටත් වඩා සැපේ....කාට කියන්නද ඉතිං ....එයා ඉන්න විදිය එක්ක මට ඩිප්‍රෙසන් හැදෙනව.....

අද අගහරුවාදා නිසා අපිට physics group clz එක....

" තරංග එකක් මත එකක් පතිත වීමෙන් ඇති වන සම්ප්‍රයුක්ත විස්ථාපනය තරංග වෙන වෙනම ඇති වීම නිසා සිදු වන විස්ථාපනය නිර්මාණකාරී විස්ථාපනය ලෙස හදුන්වයි....."

අම්මෝ....දැන් නම් අතත් රිදෙනවා නෝට් ලියලම...... මෙච්චර කල් පිසික්ස් ඉගෙන ගත්තා මෙහෙම නෝට් ලියන විකාර පාඩමක් හම්බුනාමයි.....සැක්.....

ඒ අස්සෙ නිදහසේ නෝට් එක ලියාගන්න නෑනෙ.....මල වදේ....සද්දන්තය වගේ එයා කකුළ තියන් ඉන්නෙ මගේ කකුල උඩ...දෙන්න හිතයි ඉතිං .....

" හරි ළමයි.....අදට ඔය ටික ඇති .... අපි ආයෙ ලබන සතියෙ මුණගැහෙමු.... හේශාන් අර ගාණ හැදුවද ??"

" හදන ගමන්..."

" උදිත්...පැතුම් ඉවරද ගාණ ??"

" හදන ගමන් සර්...."

" හරි එහෙනම් ගෙදරදි හදන්න....අපි ලබන අගහරුවාදා මුන ගැහෙමු....රිවිෂන් අය ආයෙ හෙට මුණගැහෙමු...ok...."

" හරි සර් තැන්ක් යූ...."

සර් යන්න යද්දි හිරි අරින ගමන් එයා පුටුවට හේත්තු උනේ මන් පොත වහල පැත්තකට කරද්දි....

" හෝව් හෝව්!! ගාණ හදල ඉන්නවා...."

එයත් මන් වගේම පොත වහල පැත්තකට කරල ෆුල් ජොලියෙ ඉද්දි එයාගෙ ඔළුවට අනිමින් මන් ආයෙ පොත දිගෑරලා බාගෙට හදල තිබ්බ වෘත්ත චලිතය ගාණ පෙන්නුවෙ එයා මූණ දෙක කරන් පෑන අතට ගනිද්දි....

" රිලැස් වෙන්න ලෑස්ති ය....හහ් !!"

ආයෙත් එයාගෙ ඔළුවට අනින ගමන් මන් පෝන් එකෙන් අප්පච්චිට කෝල් එකක් ගත්තෙ එයාලා අද උදෙන්ම අක්කව බලන්න අළුත්ගම ගිය නිසා ....

🥀Heartfelt Roses 🥀[zhanyi Onhold ]Where stories live. Discover now