01 🕯️📖️

579 88 24
                                    

Chapter - 01 ✨️

Recently, two baby monkeys were cloned.....

The first time primates have been successfully duplicated.

Why are we so afraid of human cloning???

*=======================================*

*=======================================*

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම Wang Dilreba...

වයස අවුරුදු 32යි...

School යන කාලෙ ඉදන්ම ඉගෙනීම පිස්සුවක් කරගත්ත කෙනෙක් මම...අනික් හැම ළමයම doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න හීන දකිද්දි පුංචි කාලෙ ඉදන්ම මගේ හීනෙ උනේ scientist කෙනෙක් වෙන එක....

අනික් ළමයිගෙ ජීවිත කතා පොත ඇතුලෙ බෙන් ටෙන්ලා ,සුපර් මෑන්ලා ,ස්පයිඩර් මෑන්ලා වීරයො වෙද්දි

ඇලිබට් අයින්සටයින්ලා , අයිසැක් නිව්ටන්ලා ,මාරි කියුරිලා,චාල්ස් ඩාවින්ලා...මගේ ලෝකෙ වීරයො උනා...

උපතින්ම මට ලැබිලා තිබුණ බුද්ධිමත්කම නිසාම පිස්සුවෙන් වගේ පොත් බදාගෙන පාඩම් කරපු මගේ හීනෙ මට වයස අවුරුදු 25දි මම සැබෑවක් කරගන්නවා...

ඒ අලුත් වාර්තාවකුත් එක්ක..

මම තමයි දැනට ලෝකයේ බිහි වුන ලාබාලතම ජාන විද්‍යාඟවරිය....

අද වෙද්දි මේ ක්ෂේත්‍රයේ මම වැඩ කරපු අවුරුදු ගාන වසර හතක්...

අනික් හැම genetics කෙනෙක්ගෙම අවදානේ යොමු උනේ ජාන විද්‍යාවෙන් මිනිස් ලෝකෙට කරන්න පුලුවන් යහපතට විතරක් වෙද්දි මගේ අවදානය යොමු උනේ වෙනස්ම පැත්තකට...මට ඕනි උනා විද්‍යාවෙන් ආශ්චර්යයක් මවන්න මිනිස්සුන්ගෙ ඇස් ඉස්සරහම...

🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now