05 🕯️📖️

228 74 10
                                    

Chapter 05🕯️📖️

perhaps 'our universe is simply one of those things that happen from time to time.'
✨️

****

No ones pov

පෘතුවියේ විනාශ වන්නට කියා තවත් කිසිවක් ඉතිරි වී නැත..සෞරග්‍රහ මණ්ඩලයේ නිල් පැහැයෙන් බැබලුන හරිත පෘතුවිය අද එකම දුහුවිලි ගොඩකි....

එහි තිබුනා වූ ගොඩනැගිලි වැනි දෑහි අපද්‍රව්‍ය නොවන්නට මෙය අගහරු කියා යමෙකු රැවටිය හැකි යැයි සිතෙන තරමට අද පෘතුවිය නිහඩය..

එහි එකදු ජීවි පුලුටක් හෝ ජීවියෙක් සිටි බවට සාක්ෂ්‍යයක් හෝ නැත...අවි ගත්තො අවියෙන්ම නසී...යැයි කියූ මිනිසා විසින් අවි නොගත් අනෙක් ජීවින්වද ඔවුන් සමගම රැගෙන ගොස් ඇත...

පෘතුවියේ උෂ්නත්වය ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇත..තවදුරටත් පෘතුවිය යනු ජීවි වාසයකට උචිත පරිසරයක් නොව...එය හුදෙක් මුඩු බිමකි...අධික උණුසුම නිසාම ග්ලැසියර දිය වීමට පටන් ගැනුමෙන් මීට වසර ගනනාවකට පෙර සිටම මුහුදු ජල මට්ටම ඉහල ගියේ පෘතුවියේ සිතියමෙන් දිනෙන් දින බිම් අගලින් අගල මුහුදට ගිල ගනිමින්...

ඉතින් මීට දශක ගනනාවකට පෙර ජීවියකු අද ලෝක සිත්යම දකින්නේ නම් පුදුමයට පත් වනු ඇත..මන්ද එහි හැඩය අද වන විට සම්පූර්ණයෙන් වෙනස් වී ඇත...

පෘතුවිය මතුපිට අද සද මතුපිටටත් වඩා දුවිලි කුනාටු ය...

ඔක්සිජන් වායුව පැවතියත්...වායුගෝලයේ පැවති O2 ,ප්‍රතිශතය 10% ටත් වඩා අඩුය...

අද පෘතුවියේ ඉහල අගයෙන් ඇත්තේ... Sulfur dioxide, Methane carbon dioxide වැනි වායුන් සහ විකිරනයි .
.
.
.
.

ඒත් තවමත් පෘතුවියේ එකම එක තැනක විතරක් සැනසිල්ලේ ජීවයක් දෑස් පියාගෙන සිටියි...

ඔහුට නුදුරින් පෘතුවියේ මෙතෙක් නොපැවතුන අයුරේ ශාක විශේෂයක ඉතා කුඩා පැලෑටියක් සෙමින් සෙමින් වර්ධනය වෙමින් පැවතුනේය...

.
.
10 years later

At Kepler planet

* කාලය උදා වෙලා ... අවසානයේ අප ජයග්‍රහනය කරා...

$ ඔව් ...

* අප දැන් පෘතුවිය වෙත යා යුතුයි...

$ ඔව් පෘතුවියේ තවදුරටත් මිනිසුන් සිටිදැයි අප මුලින්ම පරික්ෂා කර බලමු..

* මා සිතන්නේ නැහැ... අපේ කිසිදු යානයකට ඒ පිලිබද සංඥාවක්වත් නෑ...පෘතුවියේ ජීවය අවසන්...මිනිසුන් පමනක් නොවේ ... සියල්ලක්ම අවසන්...

$ එසේ නම් දැන් අපයි මේ විශ්වයේ සිටින බලවතුන් වනුයේ...

* ම්ම්..

ඒ kepler හි සිටි ජීවින් දෙනෙකුගේ මනසේ ඇති උන කතා බහයි...

තවත් හෝරා කිහිපයකට පසු කෙප්ලර් හි ජීවින් සියයක් පමන රැගත් යානයක් පෘතුවිය දෙසට ගමන් කලේ පෘතුවියේ ජීවින්ට කිසිදා පරිකල්පනයක් හෝ නොතිබුන අයුරේ තාක්ෂනයක් සමගිනි ..

My papa's planet ජීවිතේ පලවෙනි පාරට මං ඔයාව බලන්නයි එන්නෙ...මං කැමති මගේ පපා වගේ තවත් එකම එක කෙනෙක්ව හරි මුනගැහෙන්න... එහෙම කෙනෙක් ඉන්නවා නේද.. ඔව් කවුැු හරි ඇති..මං එයාව හොයාගන්නම්....please එයාව හංගගන්න ... මම එයාව හම්බෙනකම්... මට එයාගෙන් අහන්න ගොඩක් දේවල් තියනවා.....

ඒ සියක් දෙනා රැගත් kepler හි සිට ඇදුන යානයේ සිටි පෘතුවියේත් kepler ගේත් ජීවින්ගේ එකතුවක් වූ මනසක් තනිවම වෙනත් අරමුනක් වෙනුවෙන් පෘතුවියට පැමිනෙමින් සිටියා..

ඒ අන් කවරකු හෝ නොවෙයි .... පෘතුවියේ මීට වසර ගනනාවකට පෙර kepler වෙත පැමිනි යානයේ සිටි දක්ෂතම නියමුවා වූ xiao dylanගේ ජාන රැගත් ජීවියා..dylanගේ වදන් වලින් පවසුවහොත් ඒ ඔහුගේ පුත්‍රයා Xiao Zhan.....

......................................................................................

🙈🙈 අනේ පැටවිනේ ඔයාලා මේක ආසාවෙන් කියවනවා දැක්කම් ගොඩක් සතුටුයිනේ මේ පුංචි සිතට..

ආදරෙයි පැලෙම්න 🙈😁💚❤️

Sohu 💜️✨️

🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now