04 🕯️📖️

236 70 15
                                    

Chapter 04✨️

Motherly love is considered a possessive affection where a mother will protect their offspring at all costs."
💙💙

Dilreba's POV

හැමදේම අවසානය වෙනකම් ඇවිත් තියෙන්නෙ...

දැනට වසරක් වෙනවා...

සීතල යුද්ධයක් විදිහට තිබුණ ඇමෙරිකන් රුසියන් බල අරගලය අන්තිමට න්‍යෂ්ඨික බෝම්බ වලින් පටන් ගත්ත යුද්ධයක් උනේ මුළු පෘතුවියම සුන්නද්ධූලි කරලා...

බිලියන 7කට අධික ජනගහනයක් හිටපු පෘතුවියේ දැන් ඉන්න මිනිස්සු සංඛ්‍යාව මිලියනයකිනුත් භාගයකටත් වඩා අඩුයි..

ඒ ඉන්න අයගෙනුත් බොහෝ දෙනා විකෘති වලින් වගේම වද භාවයෙන් පෙලුනා .....මිනිස් ඉතිහාසයේ අවසන් යුගය ලියවෙන්නයි යන්නෙ මගේ හිත මට කිවුවෙ එහෙම...පෘතුවියේ ඉතිරි වෙන්න පුලුවන් එකම ජීවියා Sanelia meliusus 
වේවි .... ඒ මුහුදේ ජීවත් වෙන කුඩා ක්ෂීරපායි මසුන්  වර්ගයක්..විකිරණ වලින් කිසිම හානියක් ඒ ජීවින්ට සිද්ධ වෙන්නෙ නෑ..ඒ ජීවින්ගෙ ජාන මම yiboට ඇතුල් කරා...ඒ නිසයි එයාටත් විකිරණ වලින් හානියක් නොවෙන්නෙ...ඒත් මුහුදට අධික ලෙස අපද්‍රව්‍ය එකතුවීම නිසා ඒ මසුන් පවා පෘතුවියෙන් ඉවත් වෙලා යයි...

අන්තිමට හරිත පෘතුවිය මිනිසා විසින් විනාශ කර අවසන්...හරි අපූරුවට...

Yiboට දැන් වයස අවුරුදු 16ක්...එයාට විකිරණ වලින් හානියක් නොවුනත් මට එහෙම නෑ...

මේ වේද්දිත් පොලොව යට අපි ජීවත් උනත් විකිරණ වලින් මගේ ඇගට හානියක් සිද්ධ උනා...
ඒ වගේම මට ජීවත් වෙන්න තව වැඩි කාලයක් නෑ....මට තියෙන්නෙ පෙනහැලි පිලිකාවක්...ඒක මගේ ශරීරය දැනටමත් විනාස කරලා ඉවරයි..මම අද මැරෙයිද හෙට මැරෙයිද කියන්න බැරි තත්ත්වයකයි ඉන්නෙ...

Yiboගෙන් මගේ ලෙඩේ හංගන්න ඕනි උනත් ඒ ඇස් වලට ඒ දේවල් දැනෙනවා...එයා ගොඩක් බුද්ධිමත් අන්තිමට එයා දැනගත්තා මට තියෙන්නෙ පෙනහලු පිලිකාවක් වගේම මම මැරෙන්න ලගයි කියන එක......

ඊලගට  එයා කරන්න ගියෙ මෙතනින් ගිහින් මට බෙහෙත් ගේන්න යන එක.ඒත් මට ඒක කරන්න දෙන්න බෑ....එහෙම එයා ගියොත් මට එයාව බෙිරගන්න බැරි වෙයි...

මට සමාවෙන්න මගේ පුතේ මං ඔයාට හැමදාමත් ආදරෙයි...

එලියට යන්න හදපු ම⁣ගේ පුතාගෙ අතික්න අලලගත්ත මම ඒ ඇස් දිහා බලාගෙනම කිව්වෙ එහෙම...
ඒත් ඊලග තත්ත්පරේදි මං මගේ plan එක ක්‍රියාත්මක කරා..

Yiboව නවත්තන්න වෙන ක්‍රමයක් තිබුනෙ නෑ...මම මගේ අතේ තිබුන
Anaesthetic එක use කරා ඒ නිසාම.. මගේ පුතා සිහි නැතුව ඇදන් වැටෙද්දි මං එයාව මට තුරුල් කරගත්තා..

දැන්ම ක්‍රියාත්මක කරන්න හිතන් හිටියෙ නැතත් ආයමත් එයාට සිහිය ආවොත් මට එයාව බේරගන්න බැරි වෙන නිසාම මම මගේ plan එකේ විදිහට එයාව බේරගන්න ඕනි නිසාම එයාව හිමායනය කරා...

මං ආදරෙයි මගේ පුතේ..ඔයාගෙයි මගෙයි අවසන් හමුවීම මේක වෙයි.
.ඔයාට ආයමත් ලස්සන ලෝකෙක ඇස් ඇරලා ජීවත් වෙන්න ලැබෙයි...මම ඒ වෙනුවෙන් මගේ පර්යේෂනය සාර්ථක කරගන්නවා...

ඔව්  මම ම⁣ගේ අවසන් පර්යේෂනය ඉවර කරන්න ඕනි ඒක තමයි පෘතුවියේ අවසන් බලාපොරොත්තුව වෙන්නෙ....

වෙන කාගෙවත් නොවුනත් ඒකෙන් මගේ පුතාව හරි බේරගන්න මට පුළුවන් වෙයි...

*
*
*
#දින 5කට පසු#

අවසානයේ මම හොයාගත්තා.... ඒ ජානය ඇතුල් කරන්න පුලුවන් ශාකයක්...

ඒත් මට බැරි වෙයි ඒ ශාකය වැඩෙන විදිහ දකින්න...ඒත් මං ප්‍රාර්ථනා කරනවා පෘතුවියේ අන්තිමම බලාපොරොත්තුව උන ඒ ශාකයට හොදින් වැඩෙන්න ලැබෙන්න කියලා...

මගේ ජීවිතේ අන්තිම මොහොතයි මම මේ ගෙවන්නෙ...මම ගියෙ මගේ පුතා ලගට .... එයා හිමායන නින්දෙ....මං ආදරෙයි my son...

මට එයා ලග මැරෙන්න ඕනි කමක් තිබුනෙ නෑ...

ඒ නිසාම මම ඇවිදන් ගියෙ අපේ පොලොව යට ගෙදරින් පොලොව මතුපිටට...අමාරුවෙන් එලියට ගියපු මම ඇ⁣දගෙන බිම වැටුනා වගේ්ම මගේ අවසන් හුස්ම ඒ විදිහට වාතලයට මුසු උනා...

මගේ පර්යේෂනය සාර්ථක වෙන්න...මගේ එකම ප්‍රාර්ථනය උනේ ඒක...

*==============*=====================*===

කියවන කමෙන්ට් කරන වෝට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි.සරංහේ 💜️✨️

Sohu 🕯️📖️

❤️💚

🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)Место, где живут истории. Откройте их для себя