07 🕯️📖️

215 72 11
                                    

Chapter 07 🕯️📖️

අපට ලැබුනු ඒ සංඥාව මම හිතුවා වැරදි...

ඒ ජීවියෙක් නිසා ඇති උන සංඥාවක් උනත් ...Homo sapiens  කෙනෙක් නිසා ඇති උන දෙයක් නෙමේ...

මගේ බලාපොරෝත්තු ආයම බිද වැටුනත් හිතට දැනුනෙ සැනසීමක් කොහොම හරි ඒ මනුස්සයෙක් නොවුනෙ හොද වෙලාවට...

අපට ලැබුනේ Algae විශේෂයක සංඥාවක්...පෘතුවියේ හැම තැනම ඒ ඇ⁣ල්ගේ විශේෂය වැවිලා තිබුණා... මොකද කාලය ගත වෙද්දි අපට ජීවින් ඉන්නවා කියලා පෘතුවිය පුරාම සංඥා  ලැබෙද්දි ඒ හැම තැනම තිබුනෙ මේ ඇල්ගේ වර්ගය...

අදට අපි මෙහේට ඇවිත් පෘතුවි මාස තුනක්...පෘතුවියේ ඉද්දි අපි හැමෝටම නවත්තන්න බැරි උන එක දෙයක් තිබුණා...ඔව් ඒ වයසට යාම..kepler ,වලදි වගේ නෙමෙයි අපේ පටක වලට මේ පරිසරය බලපෑවා...ඒ නිසාමයි kepler වලින් ඇවිත් පෘතුවියේ හිටපු ජීවින්ව පෘතුවියේ අයට අදුරගන්න අපහසු උනේ...මොකද බැලූ බැල්මට අපි හැ⁣මොම එක වගේ...අනික කවුද හිතන්නෙ aliens ලා ඇවිත් එයාලා අතර බල අරගලයක් හදලා එයාලට එයාලව මරාගන්න ඉඩ දීලා බලන් ඉදී කියලා...ඒත් ඇත්තටම පෘතුවියට උනේ ඒක...

අපේ ජීවින්ට ඕනි අපේ එ එකම දුර්වලතාවයත් මෙහේදි නැති කරගන්න...ඔව් වයසට යාම නවත්තගන්න...

මෙහේදි මගේ කාර්යය උනේ පෘතුවියේ තිබුණ ඛනිජ වර්ග පරීක්ෂාව...ඇත්තටම ඒක අමාරු වැඩක් නෙමෙයි...අපිට ඕනි අපේ දේවල් හදාගන්න ශක්තිමත් ලෝහ වර්ගයක්..kepler වල අපි ඒ වෙනුවෙන් භාවිතා කරේ Yizh කියන ලෝහය ...ඒත් පෘතුවියේ ඒ ලෝහය නෑ..ඒ නිසයි අපි පෘතුවියේ මිනිසුන්ගෙ යන්ත්‍ර වලට හසු නොවුන විදිහෙ ඛනිජ තියද කියලා පරික්ෂා කරේ...
මම මුලින්ම හිටියෙ පෘතුවිය් සෝවියට් දේශ සීමාව ප්‍රදේශයේ උනත් දැන් මම ඉන්ාන ස්විස්ටර්ලන්ත සේශ සීමාවේ..

අදත් අලුත් දවසක්..මං ආසම පෘතුවි⁣යේ රාත්‍රී කාලයට ..මං අහස දිහා ගොඩක් වෙලා බලන් ඉන්නවා...kepler වල අහසට උප ග්‍රහයො 13ක් හිටියා...ඒත් පෘතුවියට හිටියෙ එක්කෙනයි...පෘතුවියෙ මිනිස්සු moon කියලයි එයාලට කිවුවෙ...

මට දැනුනෙ moon මම වගේ කියලා..එයත් තනි වෙලා තරු ගොඩක් මැද්දෙ...මාත් එහෙමයි...මං අකමැකි අය ගොඩක් මැද්දෙ තනි වෙලා...

ඇත්තටම පෘතුවියේ තවත් එකම එක හරි මනුස්සයෙක්  ඉතිරි වෙලා නැතුව ඇතිද...

......

මම වෙනදා වගේම අදත් මගේ area එකේ ඇවිදන් ගියා...මං දැක්කෙ ඈතට දිලිසෙන දෙයක්..ඒක ඛනිජයක් වෙන්න පුලුවන්ද ...Yizha දිලිසුනෙත් ඔය විදිහටමයි...මං දුවගෙන ගියෙ ඒ දිලිසෙන ආලෝකය එන පැත්තට...

ඒත් ටික දුරයි මට යන්න පුලවන් උනේ...

මාව ඇදගෙන බිමට වැටුනා...නෑ ඇදගෙන වැටුනා නෙමෙයි...මාව පොලොව කඩාගෙන පහලට වැටුනා...

ඌයි...

මනුස්සයෙක් නොවනත් වේදනාවට මං කෑ ගැහුවෙ..මගේ කශේරුව ඉවර ඇති..

මං හිමින් නැගිට්ටෙ මගේ කොදු නාරටිය අතගාන ගමන්...

ඒත්...

ඊලගට මගේ ඇස් ඉස්සරහා මං දැකපු දේ නිසා මට වෙච්ච හැම දේම අමතක උනා..

*****
         ******

ඒක ශාකයක් මම හිටපු ඒ බිම පුරාම වැවිලා තිබුණෙ පෘතුවයේ වෙන කිසිම තැනක දැකලා නැති නොතිබුන විදිහේ ශාකයක්...ශාකයකටත් වඩා ඒක වැල් වර්ගයක් ඒත් ගොඩක් ශක්තිමත් ... ඒ කඳ ගොඩක් පෘෂ්ඨිමත් වගේම ඒ ශාකයේ පත්‍රත් ගොඩක් ඝනකම් ඒ හැමදේටමත් වඩා ඒ ශාකයේ පැහැය හරිත පැහැය එක්ක මුසු උන අළු පැහැයක් ගත්තා..

හිතට දැනුන පුදුමයත් එක්ක මම ඇවිදන් ගියේ ඒ බිත්ති පුරාවට තියන ශාකය දිහා බලාගෙන..

මේ පෘතුවියේ මිනිස්සු අවසාන කාලයේ පාවිච්චි කරපු විදිහෙ බිම් නිවාසයක්...

නෑ ඒක පර්යේෂනාගාරයක් කියලයි හිතුනෙ මට..

Test tubes.අන්වීක්ෂ වල ඉදන් එකී නොකි හැම විද්‍යාත්මක උපකරණයක්ම ඒ Lab එකේ තිබුනා..
ඒත් පාවිච්චි නොකරපු නිසා ඒවා දුර්වර්ණ වෙලා.
ඒත් කොහොමද කොහොමද මෙතන මෙහෙම ආරක්ෂා උනේ..කොහොමද පෘතුවියේ එකම එක තැනක විතරක් විනාස නොවුනෙ .ඇයි අපිට මේ ශාකය ගැන තොරතුරු නොලැබුනෙ..

මට දැනුනෙ කුතුහලයක්..කුතුහලේ පිරුන ඇස් වලින් ඒ බිම පුරාම ඇවිදපු මගේ ඇස් ගැටුනේ ....
............................................

Zhan දැක්කෙ මොකක්ද ? 😌😌

පිලිතුර නිවැරදිව පවසා  .....

නෑ නෑ මොකුත් දෙල්ලෑ මං 😪

කියවන කමෙන්ට් කරන වෝට් කරන ඔයාලට ගොඩක් ආදරෙයි 😊❤️💚

🥺🥺

Sohu 💜️✨️

🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now