🕯️🪐End 🪐🕯️

314 74 38
                                    

No ones POV

මීට දින කිහිපයකට පෙර ගුසු ලාන් නිකාය අසල වනාන්තරයක් අසලදී හමුඋනු දුර්වල සිරුරු 2ක් ගුසු ලාන් නිකායට එහි සිසු පිරිස ගෙන ආවේ එහි සිටි නායකතුමාගේ අවශ්‍යතාවයටයි...

"පුදුමයි ඔවුන් දෙදෙනා මීට වසර ගණනාවකට පෙර අ⁣ප නිකායේ සිටි හන්ගුවන්ජුන්ගේ සහ වෙයි  වුෂියෑන්ගේ රුව දරනවා..."

වෙද කුටියට දුර්වල සිරුරු ගෙන ආ පසු නායකතුමා තනිවම මිමිනුවේ තව තවත් ඒ සිරුරු වල රුවට එබෙන අතරේ...

එය සැබෑවක් නායකතුමා නොදන්නවා උනත් එක්තරා ආත්ම භවයකදී ඔවුන් දෙදෙනා ඉහතින් කී පරිදි ගුසු නිකාය තුළම ජීවත් උනා ... ඉතාමත් ආදරෙන්...

නමුත් අද ඔවුන් මෙහි සිටින්නෙ හන්ගුවන්ජුන් සහ වෙයි වූෂියෑන් ලෙස නොවෙයි...

පෙර කී පරිදිම ආත්ම ගානක් පුරා පැතිරුනු ආදරය නිසාම ඔවුන් වෙනත් භවයක හමු වී තිබුනා....

_______________________________________________

Yibo's POV

හදවතටම කතා කරන විදිහෙ සුවදක් මට දැනෙද්දි ඔළුව තද වෙලා වගේ දැනෙන වේදනාවකුත් එක්ක මම මගේ ඇස් ඇරියා...

මම හිටයෙ ගොඩක් නිස්කලංක තැනක... සුදු සළු වලින් මම හිටපු කුටිය වට වෙලා තිබුනා...

මගේ සිරුර පවා අද වැහිලා ගිහින්...වෙනදා මම අදින t shirt එකයි කලිසමයි වෙනුවට සුදු පාට සළු වලින්...ඒ ඇදුම මට ගෙනාවේ අපහසුවක්...

මම මෙතන ඉන්නෙ කොහොමද... මගේ හිතට දැනුන පලවෙනිම ප්‍රශ්නෙ ඒක...මට හොදටම මතකයි ඒ අන්තිමට සිද්ධ උනු දේ...

එයාට මාවත් මට එයාවත් නැති කරගෙනම අපිව පුච්චලා දාන්න අපි ගාවට ආපු එලිය .....

Zhan ... මම මෙතන නම් ඔයා කොහේද...ඒ සේරම හීනයක් විතරමද...

නෑ හීනයක් නෙමෙයි...මම ඇත්තටම clone baby කෙනෙක් කියලා ආයමත් මම ඔප්පු කරගත්තා..මගේ ඇගෙන් තාමත් කරන්ට් එකක් පිට කරන්න පුලුවන්..

ඒ හැමදේම ඇත්ත නම්...මම මෙතන කොහොමද...අනික ඇයි මම විතරක් තනියම...එයා කෝ..

යන්තමට හිස රිදෙන ගතියක් තිබුනත් මම ඇදේ වාඩි උනා..

" ආහ් ඔබතුමාට සිහිය ඇවිත්..."

🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now