11🕯️📖️

215 69 13
                                    

No ones POV

"කොහෙද ඔයා යන්න හදන්නෙ..."

Yibo ට ඕනි උනේ මෙතනින් එලියට යන්න...මොකද එයා⁣ට තේරුනා මෙතන හිර වෙලා ඉන්න එකෙන් කිසිම ප්‍රශ්නයක් විසදෙන්නෙ නෑ කියලා...ඒත් zhanගෙ හිතේ නම් ඒකට කැමැත්තක් තිබුන බවක් පෙනුනෙ නෑ...එයාට බයයි...yiboව kepler වල අයට අහුවේවි කියලා...

"මෙතනින් එලියට...මෙතන ඉදලා අපි මොනා කියලා කරන්නද..."

"ඒත් ඔයා ගියොත් ඒ අය දැන ගනීවි..."

"මම හිතන් නෑ... එහෙම අහු වෙනවා නම් මාව හොයාගෙන මේ වෙද්දි..."

"ඒත්..."

"බය වෙන්න එපා...මොකුත් වෙන් නෑ..විශ්වාස කරන්න මාව..."

"හ්ම්.."

අන්තිමට කරන්න දෙයක් නැති කමට zhanනුත් yiboගෙ අදහසට කැමති උනා...

"එලියෙ ඔක්සිජන් මට්ටම කොහොමද..."

"අවුලක් නෑ මට දැනුන විදිහට.....ඒත් ඔයාට කොහොම වෙයිද කියලා මං දන් නෑ..."

"ම්ම් ...."

"එලියට යමු ...ඒත් ඔයාට මම කියන දේ අහන්න වෙනවා..".

Zhan කිවුවෙ රවාගෙන ....

"ඇත්තට....මොනාද දැන් මං කරන්න ඕනි කියන්න බලන්න මේ සීයා..."

"ඒයි මං වයස නෑ හරිද.. මං ඔයාටත් වඩා පොඩි මේ හිටියට.."

"කවුද දන්නෙ ඒ ග්‍රහලෝකෙදි වයසට යන්නෙත් නෑ කිව්වෙ ...මටනම් ඔයාගෙන හෙන වයස පාටක් පේනවා ...ඇත්තමයි..."

Yibo කියවන් යද්දි zhan තවත් රවන්න පටන් ගත්තා...

"ඉරිසියාවනෙ...මම කියුට් නිසා..."

"ඉරිසියා කරන්න තිබ්බා ඔයා වෙන කෙනෙක්ගෙ නම්.."

"ඒ කිව්වෙ.."

"ඔයා පොඩි වැඩි ...ඒවා තේරෙන් නෑ ඒ නිසා..."

"පිස්සු..."

"යන්න ඕනි නම් කරන්න ඕනි දේ කියනවද මිස්ටර්.....add දාන්නෙ නැතුව..."

"මම ගිහින් oxygen tank එකක් ගේනකම් ඉන්න ඕනි ඔයා..."

"හ්ම් ...ආය එනවනෙ...මාව තනි කරන්නෙ එහෙම නෑ..."

"එනවා අනේ...මොලෙත් පුස් කාපු මනුස්සයෙක්ව තනි කරන්න හිතක් නෑ ම⁣ට..."

🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now