08🕯️📖️

212 69 11
                                    

Zhan's POV

මගේ ඇස් ඉස්සරහා හිටියෙ මම මෙච්චර කල් හොයපු කෙනා...

ඔව් ඒ මනුස්සයෙක්..

අළු පාට කොන්ඩයක අයිතිකාරයෙක් හිටියෙ ශිශිර තාරක නින්දක..

ඒත් එයාට මෙච්චර කල් සාර්ථකව හිමායනයේ ඉන්න පුලවන් වෙලා ඇතිද...පෘතුවියේ සිද්ධ උනු දේවල් එක්ක...

මං මගේ හිතින්ම ප්‍රශ්න කරගෙන එයාට තවත් ලං උනා..

ඔයා කොයි වගේ කෙනෙක් වෙන්න ඇතිද... මගේ පපා වගේද ... නැත්තම් වෙනස්ද...

මං කල්පනා කරේ glass එකෙන් පේන එයාගේ මූන දිහා බලාගෙන..

ඔයාව ඇහැරෙව්වොත් එයාලා දැන ගනීවිද මනුස්සයෙක් තාමත් ජීවත් වෙනවා කියලා...ඒත් මෙච්චර කල් කොහොමද එහෙනම් හැංගිලා හිටියෙ අපෙන්...

අද මම ඔයාව ඇහැරෙව්වෙ නැති උනොත්...දවසක එයාලා ඔයාව හොයාගෙන ඔයාව මරලා දායි...එහෙම නොවුනොත් හිමායනයේ ඉද්දිම ඔයාව මැරිලා යයි...

ඉතින් මොකුත් නොකර මැරෙනවට වඩා ඇහැරිලා සටන් කරමු මාත් එක්කම ජීවත් වෙන්න...

ඔයා කවුරු උනත් ඒ අය තරම් නපුරු නැතුව ඇති ඔයා...

මං අන්තිමට තීරනයක් ගත්තා...ඔව් එයාව මටම හම්බවෙන්න මොකක්ම හරි හේතුවක් ඇති...

මම එයාව ඇහැරවනවා..

*
*
*
*

විනාඩියයි.. විනාඩි පහයි.... පැයයි.... තවත් පැය තුනක්...

නෑ එයත් යන්නම ගිහින්ද ....  මම එයාව හිමායනයෙන් ඇහැරෙව්වත් එයාට ඇහැරෙන්න හිතක් නෑ වගේ...

ඇස් රිදෙනකම් පැය ගානක් බලන් හිටියත් එයාගෙ එක පුංචිම පුංචි හෙලවීමක්වත් නෑ...

ආහ්....

මම හැදුවෙ එයාගේ හෘද ස්පන්දනය පරික්ෂා කරන්න...

එයාගේ ඇගේ curent එක තියද..

ඒ අතක් අල්ලපු ගමන් මාව විසි උනේ අඩි ගානක් පස්සට..

ඌයි..

දැන් මේ අද දවසට දෙවෙනි පාර...මගේ කොදු නාරටිය ඉවරයි වගේ..

මං ආයමත් කොන්දත් අතුල්ල අතුල්ල නැගිට්ටෙ මේ මනුස්සයා මොකෙක්ද කියලා හිත හිත..

🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now