Yibo's POV
අදට zhanගෙ unit එකට මම ඇවිත් දවස් දෙකයි... එතන ගොඩක් ලොකු තැනක් නොවුනත් අපි දෙන්නෙක්ට ඉඩ වැඩියටත් එක්කම තිබුනා...
මම නොදන්න උපකරණ එකින් එක එයා මට කියලා දුන්නෙ මට ඒ දේවල් අල්ලන්න යන්න එපා කියන ගමන්.. එයාට බයයි එයාගේ අය මාව අදුරගනීවි කියලා...මටවත් මම ගැන නැති බයක් ඒ හිතට දැනෙද්දි ආය ආයම ඒකෙන් මට මතක් වෙන්නෙ මම තාමත් තනි වෙලා නෑ නේද කියන එක...ඒක හිතට ලොකු සැනසීමක්...
මෙතනට ආවත් මගේ ප්‍රශ්න විසදුනේ නෑ... zhanට මේ පරිසරය දරා ගන්න පුළුවන් උනත් පෘතුවියට විතරක්ම අයිති උනු ජීවියෙක් විදිහට මට ඒක ටිකක් අමාරු උනා උනත් ඒක නොපෙන්වා ඉන්න තරම් මම සැලකිලිමත් උනා..
පෘතුවිය බේරගන්න පුලුවන් විදිහක් පේන තෙක් මානෙකවත් නෑ .... මමාගෙ ශාකය වැඩක් වෙන්න තිබුනා පෘතුවියට ආවේ මිනිස්සුන්ට ආදරේ කරන ජීවියෝ උනා නම්...
ඒත් ඒ ඇවිත් ඉන්න අය කිසිම අනුක්ම්පාවක් නැති කොටසක් කියන්න zhan මට පෙන්නලා දුන්නෙ එයා ලග තිිබුන records වලින්...
පෘතුවියෙ මිනිස්සු වීරකො කියලා හිතන් හිටපු ගොඩක් අය මිනිස්සු නෙමෙයි aliensලා..
මාර්ක් සකර්බර්ග්... ඩොනල්ඩ් ට්‍රම්ප් .. පුටින්... වගේ ගොඩක් චරිත පෘතුවියට ඇවිත් තියෙන්නෙ එයාලගෙ අරමුණට ලං වෙන්න ලේසි වෙන්නයි...අන්තිමට එයාලා දිනුවා..පෘතුවිය අන්තිමට එයාලගෙම වෙලා..මම හිතන් නෑ එයාලගෙන් පෘතුවිය බෙරගන්න පුළුවන් කමක් මට ඇති කියලා...
"Yibo මට යන්න වෙනවා..."
කල්පනාවක හිටපු මට zhan කියද්දියි මම ආයම පියවි ලෝකෙට ආවේ..
" main unit එකට කැදවීමක්... මම නොගියොත් එයාලා මෙහෙට එයි... ඒ නිසා යන්නම වෙනවා..."
එයා කියද්දි මම ඔළුව වැනුවෙ එපා කියන්න බැරි කමට...මාව අහුවුනත් කමක් නෑ ...ඒත් ඒ අය ඔයාටත් රිද්දයි මාව ආරක්ෂා කරපු එකට...ඒකටයි මට දුක...
තවත් පැය භාගෙකට විතර පස්සෙ zhan පිටත් වෙලා ගියෙ මාව එයාගේ unit එකේ තනි කරලා දාලා...
" අමතක කරන්න එපා ...මොන දේ උනත් මම ඔයා එක්ක ඉන්නවා කියන දේ..."
යන්න කලින් zhan කියපු වචන ටික ආයම ආයම මතක් වෙද්දි එයා නැති නිසාද මන්දා මගේ ජීවිතේ කවදාවත් දැනිලා නැති හැගීමක් පැතිරිලා ගියා...මම හිතන්නෙ මිනිස්සු පාළුයි කියන්නෙ මේ හැගීමට ...
"ඔයා එනකම් බලන් ඉන්නවා මාත් my alien.."
යන්න හදපු එයාව ඇදලා අරන් එයාගේ නලලට හාදුවක් දීලා මම එහෙම කිවුවෙ කොයි හැගීමෙන්ද කියන්න මමවත් දන්නෙ නෑ...
ඇත්තටම මට බයයි එයාව යවන්න...ආයම එයාව දකින්න නොලැබෙයි කියන බය ඒ..
ඒත් එයාව යවලා ආයම එනකම් බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මටත් ... මොකද මම ඉන්න බව දැනගත්තොත් මටත් කලින් එයාටයි දඩුවම් ලැබෙන්නෙ...
*
*
*රෑවල් තුනක් ගෙවිලත් එයා තාමත් නෑ.. පුළුවන් වෙලාවට පණිවිඩයක් හරි එවන්නම් කිව්වත් එහෙමවත් වචනයක් නැති වෙද්දි මගේ හිතට බය හිතුනා...
එයාට මාව අමතක උනාද කියන හැගීම හිතට ආවත් එයා අන්තිමටත් කියලා ගියපු වචන ටික..ඒ වචන ටික කියද්දි එයාගේ ඇස් වල තිබුන බැල්ම... එයාට මාව අතාරින්න බෑ කියන එක නොකියා කියලා තිබුන නිසාම එයාට මාව අමතක වෙලා නෑ කියලා මම තේරුම් ගත්තා...
එයාට කරදරයක්ද... ඒ හැගීම විතරමයි ඊලගට මගේ හිතට දැනුනෙ...
මාව හංගන් ඉන්නවට එයාලා zhan ට රිද්දුවාවත්ද...
ඇගේ ලේ වතුර වෙනවා කියන හැගීම මට දැනුනා මම හිතන්නෙ... මේ ලෝකෙ ඉතිරි උන අන්තිමම මනුස්සයත් මම උනු එකේ මම ජීවත් උනත් ... මැරුනත් වැඩක් නෑ කියලයි මට හිතුනෙ...ඒ නිසාම එයාට කරදරයක්නම් මගේ ජීවිතේ ඒ වෙනුවෙන් අතාරින්න මම දෙපාරක් හිතන්නෙ නෑ...මොකද එයත් කරේ එිකමයි..මම වෙනුවෙන් එයා එයාගේ ජීවිතේ අතෑරියා..එයා මාව තෝරගත්තෙ ඒ විදිහට...
එයාගේ unit එකෙන් පිට වෙලා යන්නයි ඕනි මම මේ වෙලාවෙ...මොකද මාව හොයන් ඒ අය ආවොත් මෙතනදි ඒ අයට මාව හොයාගන්න දෙන්න බෑ...
____________________________________________
ඉවරයක් කරන්න යන්නෙ මේක 🤧
Sohu 💜️
YOU ARE READING
🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)
Fanfictionමිනිස් ඉතිහාසයේ බිහි වු මුල්ම මිනිස් ක්ලෝනයේ ජීවිත කතාව ....✨️🖤 -The Human clone ❤️💚 Start : 22 / July / 21 End : 22 /september / 21 Genetic : 03 🎁🥉 ~ 22 / sep / 22