13 🕯️📖️

211 66 13
                                    

12 කියවලා එන්න 🤗

Yibo's POV

Zhan ගෙ unit එකෙන් එලියට ආපු මම ආයම යන්න තැනක් නැති නිසාම ඇවිදන් ගියෙ මමායි මායි ඒ කාලෙ ජීවත් උනු බිම් කුටිය පැත්තට....

"ආහ්..."

ඇවිදන් ගියපු මගේ ඇගේ වැදුන මොකක්දෝ තියුණු තුඩක් නිසා ම⁣ට වේදනාවක් දැනෙද්දි මගේ ඇස් යොමු උනේ  ඒ තියුණු තුඩ ආපු දිශාවට...

ඇස් බොද වේගෙන යද්දි මම දැක්කෙ මිනිස්සු ගොඩක්...ඔවි මම වගේම අය ගොඩක් මගේ පැත්තට එන ගමන් හිටියා... ඒ මිනිස්සු නෙමෙයි කියන්න මම දන්නවා උනත් ඇත්තටම මේ වෙලාවෙ එහෙම හිතන්න මට ඕනි උනේ නෑ...

මේකෙ තේරුම මෙික තමයි අවසානය කියන එකද... zhanට මොනවා වෙන්න ඇතිද...එයා හොදින් ඇති නේද...බොද වෙන ඇස් අස්සෙන් මම කල්පනා කරන්න පටන් ගත්තා ...

*
*
*
"Yibo... බෝ...ඇස් අරින්න .... මාව බය නොකර ඇස් අරිනවා ....yibo...බෝ බෝ..."

පුරුදු කටහඩක් මගේ නම කියලා කෑ ගහද්දි තාමත් රෑපෙ නොදැක්කත් එයා ඉන්නෙ කලබලෙන් වගේම වේදනාවෙන් කියන දේ මට දැනුනා...

මම හොදින් කියලා පෙන්නන්න ඕනි උනු නිසාම අමාරුවෙන් මම ඇස් ඇරලා බැලුවෙ එයාගේ කටහඩ ඇහුනු පැත්ත...

මම හිටියෙ බිම වැතිරිලා...සීතල පොලොව ඇගේ දැවටුනු නිසාම ඒක තේරුම් ගන්න මට අමාරු උනේ නෑ...

මගේ ඇස් ඉස්සරහම එයා දණ ගහගෙනයි හිටියෙ...

"ඇති යන්තම්...මම බය උනා කතා නොකරම වෙන් වෙන්න වෙයි කියලා..."

බිම වැතිරිලා හිටපු මගේ ඇගට පැනලා මාව බදාගන්න ගමන් zhan කියවන් යද්දි වෙච්ච හැම දේම ආයම මට එක පෙලට මතක් වෙන්න පටන් ගත්තා...

එයා මාව බදාගෙන හිටියත් එයාගේ වටේට මගේ අත් යවන්නවත් බැරි තරමට මම ගල් වෙලා වගේයි මට දැනුනෙ...අපි හිටියෙ මගේ මමායි මායි ජීවත් උනු බිම් කුටියෙ...අපි වටේට මමා හදපු ශාකය පැතිර්ලා තිබුන එකෙන් ඒක දැනගන්න අමාරු උනේ නෑ..

" zhan මොකක්ද උනේ..."

" අපි අහුවුනා..."

බලාපො⁣රොත්තු නොවුන උත්තරයක් බලා⁣පොරොත්තු නොවුන විදිහෙ හිනා මූනකින් එයා කියවන් ගියා...

" සතුටු වෙන්න ⁣දෙයක්ද ඒක ම්ම්...උන් ඔයාට රිද්දුවද..."

"ම්ම් ඔයාට වගේ තමයි ... වැඩි වෙනසක් නෑ..."

එයා ඒත් හිනාවේගෙනමයි කියවන්නෙ...

"කොහොමද අපි බේරුනෙ..."

" අපි බේරුනේනෑ බෝ බෝ..අපි මැරෙන්නයි යන්නෙ...හරියටම තව විනාඩි පහකින් මෙතන පිපිරිලා යයි...අපිව අළු කරන්..."

හිනා මූනකින්ම එයා කියවන් ගියත් ඒ ඇස් වල තිබුන වේදනාව මට කියවන්න අමාරු උනේ නෑ...

"අපි යමු මෙතනින්...නෑ ඔයා ඉසසෙල්ලා යන්න මම එන්නම්..."

තව විනාඩි පහයි කියද්දි කලබල උනු මම කියව්න ගියත් ඒ වචන එක්කම එයා ආයම මගෙ බෙල්⁣ල අස්සෙ මූන හංගගත්තෙ බෑ කියන්න...

" දැන් පරක්කු වැඩියි...අපි ගියත් ඒ අය මරනවා අපිව...ඊට වඩා මෙහෙම ඔයා ගාව මැරෙන්න ආසයි මං..."

" zhan..."

"ම්ම්..."

"මට සමාවෙන්න ... මම නිසයි මේ සේ..."

"ශ්... මම කැමැත්තෙන්මයි ඔයා ගාව නතර උනේ..ඔයාගේ වැරැද්දක් නෑ තේරුනාද..."

"හ්ම්ම්..."

" බෝ..."

"ම්ම්..."

" දෙයක් ඉල්ලන්නද අන්තිමම වතාවට...."

" කියන්න .... "

" එදා අපි මුලින්ම මුනගැහුනු දවසෙ කරපු දේ ආයම කරමුද..."

"ම්ම් මොකක්ද රන්ඩු උනු එකද..."

" නෑ ...."

"එහෙනම්..."

"මේක..."

මගේ තොල් වලට එයාගේ තොල් ලාවට ගාවපු එය කියද්දි මැරෙන්න ලං වෙලා හිටපු මටත් ඒ වෙලාවෙ ඒ ආරාධනාව භාර නොගෙන ඉන්න බැරි උනා...

මට කවදත් ඕනි උනේ එයා එක්ක මේ දෙවල් කරන්න...ඒත් වැරදි වෙලාවක වැරදි තැනකදියි අපි හමුවෙලා තිබුනෙ...

එයා වගේම ඇස් පියන් මම එයාගේ තොල් වලට ලං වෙද්දි අපේ සිරුරු පුරාවටම කහ පාට ආලෝකයක් පැතිරිලා ගියා...

ඔව් අපේ කතාව ඉවරයි එතනින් කියන්න මම දන්නවා...විනාස උනු ලොකයක් අස්සෙ මීට වඩා ලස්සන අවසානයක් අපේ කතාවට තියෙන්න බෑ...

_________________________________________________

Sohu 💜️

💔🙂 ඉවරයි හූම්...

මාව මරන් කෑම සදහා ඔබ සැමට සුහද ආරාධනා😁

මම නැතෝ.

කතාවත් එක්ක හිටිය හැමෝටම ආදරෙයි මම 💚💚❤️


🕯️🪐⚡ Ͳհҽ Ƕմʍąղ ↻Ӏօղҽ ⚡🪐🕯️(Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now