♥️Episode 11♥️

41 10 92
                                    

ඒ දවස ඉක්මනට ගෙවිලා ගියේ එයාලටවත් නොදැනී... කාලය පියාබනවා... ඒක අල්ලන් ඉන්න පුලුවන් කියලා හිතුවොත් වැරදි.. අපි දුවන විදිහට කාලය යන් නැ.. කාලය යන විදිහට අපිට දුවන්න වෙනවා.. ජිවිතෙ එක විනාඩියක් ඇති තමන් ජීවත් වෙන විදිහ සම්පූර්ණයෙන් වෙනස් කරන්න... කාලය නාස්ති නොකර කාලයත් එක්ක ලස්සන පාරක දිව්වොත් ජීවිතේ ඔයාට ලැබෙන්න තියෙන දේට වඩා ලස්සන දෙයක් ලැබෙන්න පුලුවන්...♥️🎀

@10.00 p.m

🐶එ මැනික..

🌼ඕ..

🐶මාත් මේ කාමරෙට එන්නද නිදාගන්න..

🌼ම්ම් ආසය් වgay.. ඇය් ඔයාට කාමරෙකුයි ඇදකුයි තියෙන්නෙ.. ඒකෙ ඉන්න.. අනික අපි ඉන්නා ටිකෙ මේ සම්පත් උපරිම බාවිතා කරන්න එපැ..

🐶ඒත් මේකයි... ඔයාව තනියම තියන්න බෑනෙ..

🌼ඒ මොකද.. මට තනියම ඉන්න පුලුවන් baekhyun shhi.. කා...

🐶නැ මේකයි අර මෙහෙ හොල්මන් ඉන්නව වගේ එකක් කිව්වනෙ.. ඉතින් ඔයා බය උනොත් මන් ඔයා ගාව ඉන්න එපැයි.. ඒකයි මේ...

(කියෙව්වට පන බයයිනෙ මේකා...)
🌼අහ් මන් ගැනද ඔයා බය වෙන්නෙ.. නෑ ඕනි නැ..මට අත පය දිගැරල නිදාගන්නොනි..

🐶අය්යො.. අනික මන් මෙතන නිදාගත්‍තට මොකුත් වෙනව යෑ..මන් දගලන්නැ.. වද දෙන්නෙත් නැ.. අපි දෙන්න හිටියට මන් ඔයාගෙ පැත්ත හැරෙන්නෙවත් නැ..

🌼ඔයාට කොහොමත් එහෙම එකක් කරන්න බෑ තමා..

🐶ඈ මොනා හරි කිව්වද

🌼නැ මන් කිව්වෙ එලියට යන්න කියලා..

🐶ඒත්...

🌼කා...

🐶මාව හීනෙන් දකින්න එහෙනම්

🌼යනවා...

ඩින් බෙක්ට කොට්ටෙකිනුත් ගහලා නිදාගන්න හැරුනා.. බෙක් කොට්ටෙකුත් බදාගන ආපහු එයාගෙ කාමරේට දිව්වෙ හොල්මනකට එයාව අල්ලගන්න බැ කියලා හිතල වගේ...😂

කොහොම මොනවා උනත් තිබ්බ ගමන් මහන්සියය් ඔක්කොම එක්ක දෙන්නටම ටික වෙලාවක් යද්දි හොදට නින්ද ගියා...

ටික වෙලාවක් බෙකීගෙ කාමරේ දොරත් ඇරගෙන කවුද කෙනෙක් ඇතුලට ආවත් බෙකීට ඒක තෙරුනෙ නැ.. එයා හොද නින්දක හිටියෙ.. ඒත් ටික වෙලාවක් යද්දි බෙක්ට දැනුනෙ එයාට හුස්ම ගන්න බැරුව යනවා වගේ.:'(😥 එයාගෙ බෙල්ල හිර වෙලා වගේ... බෙක් බෙල්ල අල්ලගෙන දගලන්න ගත්තෙ අමාරුවෙන් හුස්ම ගන්න උත්සාහ කරන ගමන්.. එයාට එයාව පාලනයක් නැ වගෙ.. එයා ඇදේ දගලන්න ගත්තෙ කකුලෙන් ඇදට ගගහා..😥 ඒත් හුස්ම ගන්න පුලුවන් කියලා නම් එයාට පොඩ්ඩක්වත් තෙරුන්නැ.. එයාට තෙරුනෙ එයාට ගන්න පුලුවන් අන්තිම හුස්ම ටික එයා දැන් ගන්නවා කියන එක විතරයි.. තප්පර ගානක් යද්දි දගල දගල හිටපු බෙක්ගෙ මුලු ඇගම නිසොල්මන් උනේ බෙල්ල ගාව තිබුනු අත ඇද උඩට වැටෙද්දි... :'(😥

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now