THE SEVEN PRINCES 🌀 2

39 10 19
                                    

ඉතින් රාජ්‍යක් පාලනය කරන්න රජෙක් එපැයි .මෙහෙත් හිටියා රජ කෙනෙක්.එයා ගොඩක් හොදට රට පාලනය කළා .ඒ රජතුමා ගොඩක් නිර්භීත කෙනෙක්.හරිම ගාම්භීර පෙනුමක් එයාට තිබුණා.ඒ වගේම ගොඩක් කාරුණිකයි . එතකොට මේ රජතුමා ගේ බිරිඳ ඒ කිව්වේ රාජ්‍යයේ රැජිණ එයත් ගොඩක් කාරුණික හදවතක් එක්ක හුරුබුහුටි ලස්සන මූණක් තිබ්බ කියාගන්න බැරි තරම් සුන්දර කාන්තාවක්.

කාලයත් එක්ක මේ දෙන්නගේ හිතට ලොකු සතුටක් ගේන ගමන් පුංචි පුත් කුමාරයෙක් ලැබුණා .ඒ පුංචි බබා ඉපදුනු දවසෙ අර දේදුන්න වෙනදට වඩා දිලිසුනා .පාට කැපිලා පෙනුනා .ඒ පුංචි කුමාරයා හිනාවෙන කොට මුණ දෙපැත්තේ පුංචි වලවල් දෙකක් හැදුනා .ඒ හිනවා දකින ඕනම කෙනෙක් ආපිට කුමාරයා එක්ක හිනාවෙනවා . ඉතින් මේ පුංචි ඩිම්පල් කුමාරයාට නම් තියන්න දවසක් මාලිගාවට නක්ෂත්‍රකරුවෙක් ආවා.දිග සුදු රැවුලක් තිබ්බ එයා එයාගේ රැවුල අත් ගගා තොට්ල්ලේ ඉදිය පුංචි කුමාරයා දිහා බලාගෙන කල්පනා කළා.




__________________________

ඩියර් අලේ ලා මං කලින් කිව්වා වගේ ඔයාලා හැමවෙලේම කතාවේ තියන විදියට හැඩරුව එහෙම මවාගන්න ඈ .😗

හෙ....මටත් තියෙන්නේ විකාර අදහස්....

හෙ........

කමෙන්ට් එකක් දාන්න ඈ

THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now