THE SEVEN PRINCERS 🌀11

14 8 8
                                    


බේරගන්න.....!!

බේරගන්න......!!

කවුරු ත් නැද්ද?

අපිට උදව් කරන්න.....!

කවුරු හරි කෑ ගහන සද්දයක් නිසා කට්ටියම කතාව අතරමග නවත්තලා ඒ පැත්තට දිව්වා .

Jun- දෙයියනේ එයාලා විල්ලුවට වැටිලා

Tae-ඉක්මන් කරමු නැත්තං එයාලා ගිලෙයි

කට්ටියම එකතු වෙලා විල්ලුවළු වැටිලා හිටියා දෙන්නව ගොඩට ගත්තා

Yoongi -ඔයාලට මොකද උනේ.ඔයාලත් මෙහෙ අය නං නෙවෙයි වගේ?

Jin-හ්ම් ....මම ජින් මේ මගේ මල්ලි ජන්ග්කූක් , ඔව් අනේ මන්දා අපි දැන් ටිකක් කලින් හිටියේ ගෙදර ඒත දැන් මෙහෙ

Jimin-මට නං තාම හිතාගන්න බෑ

Hobi-මේක නිකං හරියට අපිව මුණගැස්සුවා වගේ අපි නිකං ලෝක තුනක ඉදන් ඇවිත් වගේ

Yoongi-හ්ම් අතීතය , වර්තමානය,අනාගතය

ඔව් ඔබ හරි යුන්ගී

එකපාරටම ඇහුණ කටහඩක් නිසා හැමෝම පුදුම උනා.!

පාට හතකින් වර්ණවත් උන ඒ දේදුන්නේ අවසානය මත හිටියේ සුදු පාට ගවුමක් ඇද ගත්ත රන්වන් පාට දිග කෙස් කලඹක් තිබ්බ නිල් පාට දිලිසෙන කාන්තිමත් ඇස් දෙකක් තිබ්බ සුන්දර කාන්තාවක් ඒ වගේම එයාට දිග ඇස් පිහිටු වගේම රතු තොල් දෙකක් තිබ්බා මේ හැමදේටම වඩා එයාට කරුණාව පිරුණු හදවතක් තිබ්බා.ඇය කුමාරිකාවක් එහෙම නැත්නම් සුරගනක් කියන්නත් පුළුවන්.

Hobi-කවුද ඔබ

කාරුණික හදවතක් , ලස්සන හිනාවක් වගේම දක්ෂතාවයන් ගොඩකින් පරිපුර්ණ වු හෝසොක් !

මං හරි නේ ද ?

Hobi-ආහ්

මද සිනාවකින් හොබීට සංග්‍රහ කරපු ඇය හොබීගේ ප්‍රශ්ණෙට පිලිතුරු දුන්නා

මං තමා සද කුමරිය කියන්නේ.

All-සද කුමරිය!!.

කාල තුනක ජිවත් උනත් එයාලා හැමෝම සද කුමරිය කියන කෙනා ගැන අහලා තිබ්බා.කතාවලින් ඇහුවත් ඇස් දෙකෙන්ම දැක්කේ අද..

විශ්වාස කරන්න බැරි උනත් මේ වෙන තෙක් උන් දේවල් නිසා ඔවුන් ඇයගේ කීමට එකග උනා .

ඔයාලා හැමෝම මං ගැන අහලා තියෙනවා නේද?

ඉතින් ඔයාලා හත් දෙනාම එකට මුණ ගැහෙන්න එක ප්‍රධාන හේතුවක් තියනවා....

චන්ද්‍ර ලෝකයේ එහෙමත් නැත්නම් සදුගේ ලෝකයේ අපේ රජතුමා ට ඉන්නවා කුමාරිකාවෝ හත් දෙනෙක්...

පුංචි කාලේ මෙයාලා හරිම හොදයි හැබැයි දැන් ගොඩක් වෙනස් ඒ අය එයාලගේ වෙනම ලෝකවල ජීවත් වෙන්නේ මේ නිසා රටේ ජනතාවත් එයාලා හත් දෙනාගේ ආකල්ප අනුව කොටස් හතකට බෙදිලා .ඒ නිසා මුලු චන්ද්‍ර ලෝකයම අකර්මණ්‍ය වෙලා .

Jun-ඔබතුමිය මොකක්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ

චන්ද්‍ර රජතුමායි ,මායි ගොඩක් උත්සහ ගත්තා එයාලා නිවැරදි මාර්ගයට ගන්න ඒත් බැරි උනා ඒ නිසා අපි තීරණය කලා පරීක්ෂණයකින් එයාලා නිවැරදි මගට ගන්න පූළුවන් කාටද කියල හොයාගන්න.එහෙම හොයද්දි තමා අපිට ඔයාලා ව මුණගැහුනෙ, ඒ වගේම ඒ රාජකාරියට සුදුසු ඔයාලා විතරයි.ඉතින් ඔයාලා කැමති ද එයාලව කලින් හිටපු තත්වයට පත් කරන්න .

Yoongi-මං කැමති

Hobi-මාත්

Jun-ඔව් මාත් කැමතියි

Jin-අපි හතරදෙනාත් කැමතියි

______________

එයාලා කැමතිලු. එයාලා ට පුලුවන් වෙයිද ?.🌝




THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now