THE SEVEN PRINCES 🌀 10

13 7 2
                                    

ඉක්මනට ගෙට දුවලා ගිය පුංචි පිරිමි ළමයා පෙති හතක් තියන මලක් අරන් ආවා .

jin-  මොකක්ද මේ කෝ බලන්න?

එක පාරට මං ආපු හුලගින් මල පාවෙලා ගියත් පුංචි පිරිමි ළමයයි වැඩිමහල් කෙනයි මල එකපාරටම අල්ල ගත්තා.මලේ පෙති ටික ලස්සනට දිලිසෙන්න ගත්තේ හිතාගන්න බැරි විදියට.සුරංගනා කතා ළමයි නලවන්න විතරක් තිබ්බ එහේ මෙහෙම උනාම එයාලා ගොඩක් පුදුම උනා .

මැදියම් රැයේ දී වර්ණ හතකින් දිලිසුණ මේ හත් පෙති මලේ පෙති ඈතට පාවෙලා ගියේ මේ අයියයි මල්ලියි ඇත ලෝකෙක තනි කරලා.

කොහොමද ළමයිනේ ඔයාලට මතකයි නේද අපේ ජූන් කුමාරයයි එයාගේ යාලුවා දෙන්නවයි.

අමතක වෙන්න විදියක් නෑ.

තවත් එක් දවසක් දේදුන්නේ අවසානය හොයාගෙන යන මේ සුමිතුරන්ට තමන්ගේ බලාපොරොත්තුව ඉශ්ට කර ගන්න නිදන්න උන් දුක් කම්කටොලු කියලා නිම කරන්න බෑ.ඒත් ඒ සේරම විද දරාගෙන එයාලා එයාලගේ ගමන් ගියා .

එදා හරිම ලස්සන සුවදුක් චූටි කුරුල්ලෝ සින්දු කියනවා .එක එක පාටින් දිලිසෙන චූටි සමනල්ලු ,සුදු පාට තිත් වැටුනු සිනිදු ලොම් තියන මුව පැටව් , එයාලගේ අම්මලා තාත්තලා,වරා මලක කෙදි වගේ සිනිදු ලොම් තිබ්බ හා පැටව් වගේ අය වගේම සිංහයන්,කොටි වලස්සු  වගේ අයත්  එක එක ගස් වැල් සත්තු එයාලට මේ ගමනෙදි මුණ ගැහුනා .

පටන් ගැන්මේ ඉදන් එයාලා දේදුන්න එක්ක ආවා .තුන්දෙනාම  කතා කර කර හිනා වෙවි  ඉස්සරහට ඇවිදගෙන ගියා ඒත් එයාලා එකපාරටම නැවතුනේ මෙතනින් එහාට දේදුන්නක් වගේම පාරක් නොපෙනෙන  නිසා .

Hobi-මිත්‍රයා මං හිතන්නේ අපි දේදුන්නේ අවසානය හොයාගත්තා.

Jun-දේදුන්නේ අවසානය හොයාගත්තා කියන්නේ අපිට සතුටත් හොයාගන්න පුළුවන් කියන එක.

Yoongi -හොබී,ජූන් අර අතන ගුහාවක් තියනවා.

Hobi -පොඩ්ඩක් ඉන්න කවුරු හරි එළියට එනවා.

එදා ටේගේ අතින් අල්ල ගත්ත ජිමින් ආලෝකයක් හම්බවෙනකං ආවා.එයාලගේ අධිශ්ඨානය නිසා ඇසුරේ උනත් එළියක් දකින්න වාසනාව ලැබුනා . මෙච්චර වෙලා බඩගින්නයි,මහන්සියයි විසූ ටේගෙ ඇගට වාරු වෙලා ආව ජිමින් ටේත් එක්කම සිහිසුන් උනේ එයාලා දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්න පිරිමි ළමයි තුන්දෙනාගේ චායාව විතරක් දකිද්දි.

Jun- එයාලට සිහිය නැති උනා

Yoongi -මට මතකයි මේ වගේ විලක් තිබ්බා මං ඉක්මනට ගිහින් වතුර ටිකක් අරන් එන්නම්

යාලුවෝ තුන්දෙනා අමුත්තෝ දෙන්නට කන්න පලතුරු වගේකුත් කඩාගෙන එයාලට සිහිය එනකං බලාගෙන හිටියා.

ටිකක් වෙලා යනකොට දෙන්නටම සිහිය ආවා.

Jimin-ආහ් මගේ ඔලුව පැලෙන්න වගේ

Tae-අපි කොහෙද මේ ඉන්නේ?

දෙන්නම වටපිට බලනකොට තමයි දැක්කේ එයාලා දිහා තුන්දෙනෙක් බලාගෙන ඉන්නවා කියලා.

Yoongi -ඔය ගොල්ලන්ට මහන්සි පාටයි,මේ පලතුරු ටික කාලා ඉන්න එතකොට ඔය ඔලුවේ කැක්කුම අඩු වෙයි .

යුන්ගිගේ කතාවට එකගවෙලා දෙන්නම ඉන්නේ කොහෙද බලන්නෙත් නැතුව සේරම ටික කෑවා .

Jimin-ඇත්තටම ඔයාලා කවුද?අපි මේ කොහෙද ඉන්නේ?

Tae-මෙහෙ හරිම ලස්සනයි.!

Jun- මං තමයි නම්ජුන් මෙහෙ කුමාරයා

Hobi-මම හෝසොක්

Yoongi -මම යුන්ගී !ඔයාලා කවුද?

jimin-මං ජිමින් මේ මගේ යාලුවා ටේ

Tae-මං හිතන්නේ අපි වෙන දිහාවකට ඇවිත් වගේ!

හරියට වෙන ලෝකෙකට වගේ

Jimin-අපි නෙකල් දෙක දා ගත්ත ගමන් තමා අපිට මෙහෙම උනේ

Jun-ඒ මො.......

බේරගන්න.....!!

බේරගන්න.....!!

කවුරු ත් නැද්ද..,.......?

අපිට උදව් කරන්න!

_________________

කමෙන්ට් එකක් වෝට් එකක් දාන්න ඈ 😗♥️

කවුද මේ කෑ ගහන්නේ 🙂

THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now