THE SEVEN PRINCERS 🌀 15

8 3 4
                                    

ඊළග දවසේ එයාලා තීරණය කරපු විදිහට වෙන වෙනම ගිහින් කුමාරිකාවෝ මුණගැහෙන්න හිතුවා.ඉතින් මෙයාලගෙන් වැඩිමලා උනේ ජින් ඉතින් එයා මුලින්ම ගිහින් එයාලගේ වැඩිමල් කුමාරිකාව උන සුසීව මුණගැහුණා .

Jin - සුභ උදෑසනක් කුමරිය .

Susi- සුභ උදෑසනක්.

Jin- ඇත්තටම මං ආවේ... කුමරිය එක්ක ටිකක් කතා කරන්න.

Susi- මොනා ගැනද

Jin- කුමරිය දන්නවා ද මේ වෙනකොට මේ රාජ්‍යයෙ වැසියන්ගේ තත්ත්වය .

Susi- ආ...මට ඒක ගැන එච්චර අදහසක් නෑ මට ඇත්තටම වෙලාවක් නෑ ඒ ගැන හොයන්න.

Jin- ඉතින් කුමරිය වැඩිමහල් කුමරිය විදිහට ඔබතුමිය අනිත් නංගිලාව ත් බලාගෙන අනිත් වැඩ ටිකත් සමානව කරන්න ඕන නේද ?

Susi- ඔව් මං දන්නවා ..!ඒත් ජින් ඔයාගෙන් මං ප්‍රශ්නයක් අහන්න ද?

ජින් මං ගොඩක් ආසයි මිනිස්සුන්ට උදව් කරන්න හැබැයි මට අනිත් අය වගේ ලොකු බලයක් නෑ වැඩිමහල් කෙනා විදිහට මං කොහොමද අනිත් අයට මුහුණ දෙන්නේ මං කොහොමද අනිත් අයට උදව් කරන්නේ.?

Jin- ම්..ඒක එච්චර හිතන්න දෙයක් නෙවෙයි කුමරිය අනිත් අයට උදව් කරන්න අපිට අනිවාර්යෙන්ම මායා බලයක් අවශ්‍ය වෙන්නේ නෑ . කුමරිය අපි ආස කරන,අපි බලාපොරොත්තු වෙන හැම දේම අපිට ලැබෙන්නේ නෑ ඒත් අපි අපිට ලැබෙන දෙයින් සතුටු වෙලා වැඩ කරන්න ඕන.එතකොට අපිට ඕන දෙයක් කරන්න පුළුවන්.

මං කලින් ඉදපු දිහා ඉන්නකොට මට අඩුම ගානේ කන්න දෙයක්වත් තිබ්බේ නෑ .
ඒත් මට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා මතක් උනාම මට හිත හිතා ඉන්න කාලයක් නෑ කියලා මට තේරුණා.
ඉතින් මං එක එක කඩවල වැඩ කළා .
පස්සේ මගේ පඩියෙන් කොටසක් මම ටික ටික ඉතුරු කළා අවුරුද්ද ඉවර වෙනකොට ඒක ටිකක් ලොකු ගානක් උනා .
ඊටපස්සේ මං චූටි කඩයක් දාන්න හිතාගත්තා .
මට එකපාරටම කඩයක් දාන්න බෑනේ ඉතින් මං ඉතුරු කරන සල්ලි වලින් කඩයක් දාන්න ඕන බඩු ටික ටික අරන් තියාගත්තා එහෙම තමා මං පටන් ගත්තේ.
දැන් මං සෑහෙන්න මුදලක් උපයන සාර්ථක මනුස්සයෙක්.මට මං ගැන ගොඩක් සතුටුයි අම්මා තාත්තා නැති මගේ පුංචි මල්ලිව බලාගන්න මට පුලුවන්.

Susi-හ්ම් ඔයා ඇත්තටම ගොඩක් උත්සාහවන්ත කෙනෙක් ජින්.මට දැන් තේරෙනවා මායා බලයක් ඕන නෑ අනිත් අයට උදව් කරන්න වගේම මට සාර්ථක වෙන්නත්.ඔයාට ගොඩක් ස්තුතියි ජින් මට හරි දේ කියලා දුන්නාට  මෙහෙ උපදේශකවරු ඉන්නවා ඒත් ඒ හැමෝම අනිත් අයට හරි වැරැද්ද තෝර ගන්න උදව් කරන්නේ නෑ මොකද එයාලා බයයි අනිත් අය හරි දේ කරන කොට එයාලා පහළට වැටෙයි කියලා . බුද්ධිමත් අය අඩු උනාම එයාලට ලේසියි එයාලගේ දේවල් ක්‍රියාත්මක කරන්න.

එයාලා මට කිව්වා මායා බලයක් නැත්තං මෙහෙ ඉදලත් වැඩක් නෑ කියලා.ඒ වගේ මගේ හිත රිද්දුවා .ඒත් දැන් මට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්.

Jin -  මං හිතුවා ට වඩා කුමරිය දක්ෂයි නෙ .මට සතුටුයි කුමරිය ගැන ,ඒ වගේම මගේ රාජකාරිය සාර්ථක උන එක ගැන .

අන්න ඒ විදිහට ජින් ට පුලුවන් උනා සුසී කුමරිය ට හරි වැරැද්ද කියලා දෙන්න.ඊළග දවසේ රාජකාරි තිබ්බේ යුන්ගි ට.අපි බලමුකෝ යුන්ගිට විසදන්න වෙන්නෙ මොකක්ද කියලා.

________________

*හායි හායි අලේ ලා සැප දුක් එහෙම 🐸

හොදින් ඉන්නවැයි .🥱

🌚👉👈ඉන්නවදෝ.

මේ ගෑණු ළමයි අරයා සනීපෙන් ද ඈ🌝








🥲❤

You've reached the end of published parts.

⏰ Last updated: Feb 14 ⏰

Add this story to your Library to get notified about new parts!

THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now