THE SEVEN PRINCES 🌀 6

27 9 6
                                    

පලවෙනි වතාවට දැක්ක නිසා...

එක එක පලතුරු,කේක්,පුඩිං මේ වගේ කෑම පිරිලා තවත් තැනක පාට පාටින් සරුංගල්, සෙල්ලං බඩු, ඇදුම් පැළදුම් මේ වගේ ගොඩක් දේවල්.ටික දුරක් යනකොට එයා දැක්කා .ඒක පිරිමි ළමයෙක් පාරේ අයිනකට වෙලා සංගීතයකට නටනවා . මිනිස්සු එයා දිහා බලලා සල්ලි දීලා යනවා.

Jun-(එයා නං මගේ වයසේ වගේ.එච්චර නපුරු පාටක් නෑ....එයා එක්ක කතා කරලා බලන්න ඕන)

මෙහෙම හිතලා කුමාරයා .පැය ගානක් එතනට වෙලා බලාගෙන ඉදගෙන හිටියා.ටිකක් හවස් වෙනකොට අර පිරිමි ලමයා තමන්ගේ බඩු ටිකත් ලෑස්ති කරගෙන යන්න හැදුවා .ටික දුරක් යනකං කුමාරයා එයාගේ පස්සෙන් ගියා .

එකපාරටම ගමන නවත්තපු පිරිමි ලමයා . ජූන්ගෙන් ප්‍රශ්න වැලක්ම අහගෙන ගියා .

ඇයි ඔයා මගේ පස්සෙන් එන්නේ?

ඔයා හොරෙක් ද?

ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද?

ඇයි මූණ වහගෙන?

හරියට රාජ කුමාරයෙක් වගේ හෑඩරුව .!

ඇයි ඔයාට බඩගිනියි ද?

ඔන්න මට තියෙන්නේ කේක් විතරයි .!!

ඔයාගේ නම මොකක්ද?

එයා හැමවෙලේම හිටියේ හිනා වෙලා කතා කරනකොට ඇස් දිලිසෙනවා .

කුමාරයාට හිතුන එකම දේ තමයි එයා හිනා වෙනකොට හරියට උදේට පායන ඉර වගේ කියන එක..මොකද අම්මයි තාත්තගෙන් පස්සෙ එයා එක්ක මෙහෙම හිනාවෙලා කතා කරන පලවෙනි කෙනා මෙයා නිසා.

Jun -ආ ..නෑ මං හොරෙක් නෙවෙයි...ඒත් මං අතරමං වෙලා ඉන්නේ.මගේ නම් ජූන් .

ආ මගේ නම හෝසොක් . හොබී කියලා කතා කරන්න කෝ

Jun- ඔයා මොනවද අතනට වෙලා කළේ?

Hobi- ඒ මගේ රස්සාව.මං වීදි නර්තනය කරන කෙනෙක්

Jun-ආහ් ඔයා ලස්සනට නටනවනේ

Hobi- බොහොම ස්තූතියි මිත්‍රයා

Jun-මිත්‍රයා ......... කවුරුත් මට ඔහොම කතා කරලා නෑ .

Hobi- ඒ කිව්වේ

ජූන් එයා කවුද?ඇයි එයා පැනලා ආවේ..මේ හැමදේම හෝසොක්ට කිව්වා .එයා හිතුවේ මේ දේවල් අහලා හෝසොක් හිනාවෙයි කියලා.

Hobi- එතකොට ඔයාද රාජ කුමාරයා ...මට නං හිතාගන්නවත් බෑ...ඔයා දන්නවද බාහිර පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ.. අනිත් එක මිත්‍රයා ඔයා හිනාවෙන කොට එන ඔය වල ගැහෙන කම්මුල් හැමෝටම නෑ ..ඒක නිසා ඔයා සතුටු වෙන්න...අනික ඔයා කැත නෑ .....

Jun- මං දන්නවා..ඒත් ...ඒත් එක් කෙනෙක් එහෙම හිතුවට දහයක් හිතන්නේ ඒක එහෙම නෑ කියලා .

Hobi- අයියෝ මිත්‍රයා . මං ඒ එක්කෙනා කියලා හිතන්න කෝ.ඔයයි මමයි දැන් දෙන්නෙක් ..අපිට පුලුවන් මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න.

Jun- ඔයාව හම්බුන එක මට ලොකූ සතුටක් මිත්‍රයා .

Hobi- ඉතින් මේ ඔයා කොහෙ යන ගමන් ද?

Jun- සතුට හොයා ගෙන යන ගමන්..

Hobi- හ්ම් මං නං තියන දෙයින් සතුටු වෙනවා .

Jun- ඔයා හරි ඒත් මට මොනාද නැත්තේ මට තිබිලා මං දුකින් . මං හොයන්නෙ මට සතුට නැති වෙන්න හේතුව...

Hobi- ඔයා කොහොමද ඒ දේ හොයාගන්නේ

Jun- දේදුන්න මට පෙන්නයි . හරි පාර......... මේ පුදුමාකාර ලෝකෙ මේ පුදුමාකාර දේදුන්න මට යන්න ඕන පාර පෙන්නයි . මං දේදුන්නේ අවසානයට යනවා එදාට මං දැක්ක දේවල් වලින් මං සතුට තියෙන්නත් නැතී වෙන්නත් හේතූ හොයාගන්නවා .

Hobi- මිත්‍රයා ඔයානං පුදුමාකාර යි .ඔයා ගොඩක් නිර්භීතයි ......දන්නවද මට දැන් හුගක් මහන්සියි හැමදාම මං පාරේ නටනවා . හැමදාම මිනිස්සු මං දිහා බලනවා . පස්සේ යනවා . අඩුමගානේ එක වචනයක් කියන්නේ නෑ... ඒක නිසා මටත් පොඩි විවේකයක් ඕනා.......

Jun- ඔයත් එනවද මාත් එක්ක..

Hobi- අනිවාර්යයෙන්ම...........හොදම යාලුවෝ..

රන්වන් පාටින් බබළන බැහැ ගෙන යන ඉරත් එක්කම මෙයාලා දෙන්නත් දේදුන්නේ අවසානය හොයාගෙන යනවා .........

______________

අවසානයක් ඇති ද?😁

කමෙන්ට් එකක් දාන්න ඈ 😗

THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now