THE SEVEN PRINCERS 🌀 13

11 7 4
                                    


සද කුමරිය එතනින් ගියාට පස්සේ හත් දෙනාම ටිකක් කැලබීමෙන් හිටියේ... චන්ද්‍ර රජතුමා කොයි වගේ ද කියලාවත් එයාලා දන්නේ නෑ ...කොහොම හරි ජූන් කුමාරයා මූලික වෙලා රජතුමාගේ සිරියහන් ගබඩාවට ඇතුලු උනා ...

ඇතුලට ගියාට එයාලට දකින්න තරම් විශේෂයක් තිබුණේ නැහැ එතනත් චන්ද්‍ර ලෝකයේ හැම තැනම වගේ වටිනා දියමන්තිවලින් හදපු දේවල් තිබුණා ...ඒත් හරිම ලස්සනයි එකිනෙකට වෙනස් දේවල් තිබ්බ එතන මනස සන්සුන් කරන්න පුළුවන් විදිහට හදලා තිබ්බේ...

ඇතුලට ගිය ගමන් කවුරු ත් පේන්න හිටියේ නැති නිසා පිරිමි ළමයි ටික ටිකක් පුදුම උනා ...

බැරිම තැන ජූන් කුමාරයා හඩ අවදි කළා...

Jun- රජතුමනි ...

ඔව් කියන්න නම්ජුන් මං ඔබ කතා කරනකම් තමයි හිටියේ...

හැමෝම පුදුම උනේ රජතුමා මෙච්චර වෙලා මෙතන ඉදලත් පෙනුනේ නැති එකට ...

බය වෙන්න දෙයක් නෑ.මං ඔයාලව පොඩ්ඩක් පරීක්ෂා කළා.. කවුරුත් නැති තැන චන්ද්‍ර රජතුමාගේ සිරියහන් ගබඩාවට ඇවිත් ඔයාලා මොනවද කරන්නේ කියලා...

ඉතින් කියන්න තරම් වරදක් නෑ ...වගකීමක් වගේම හොද හැදියාවක් තියන ළමයි ටිකක් ...

හොදයි ඔයාලා දන්නවා ඇතිනේ ඔයාලට කරන්න තියන රාජකාරිය ...

ඉතින් සද කුමරිය යි මායි තමයි ඔයාලව තෝර ගත්තේ මං බලාපොරොත්තු වෙනවා ඔයාලා ඒක හොදින්  ඉටු කරයි කියලා ...

හැමෝම මාත් එක්ක එන්නකෝ මං මගේ දූ වරු ටික හදුන්වලා දෙන්නම් ...

හත් දෙනාම කිසිම කතාවක් නැතිව චන්ද්‍ර රජතුමාත් එක්ක ගියා..එයාලා ඊළගට ගියේ ඕනම කෙනෙක්  ඇස් පිල්ලම් නොගහ බලා ඉන්න තරම් ලස්සන උද්‍යානයකට ...ලා කොට පාට තණකොල උඩට පිනි බිඳු වැටිලා දිලිසෙනවා ..ඒ වගේම හරිම සිනිඳුයි ... පුංචි රිදි පාට කුරුල්ලෝ සින්දු කියනවා...

ඒ ලස්සන කොයි කවුරුත් ජීවිත කාලය තුළ එක පාරක් හරි දකින්න ඕන දෙයක් ...

උද්‍යානයේ ටිකක් ඇතුලට වෙන්න ගිය එයාලා දැක්කා චන්ද්‍ර රජතුමාගේ දූවරු කියලා කියන්න පුළුවන් කුමාරිකාවෝ හත් දෙනෙක් ඉන්නවා ...

එයාලා හරි ලස්සනට හිනා උනා ...දකින කෙනෙක් ට කියන්න බෑ එයාලා ඉන්නේ ප්‍රශ්න ගොඩක් එක්ක කියලා ...

ඉතින් දරුවනේ මේ ඉන්නේ මගේ පුංචි කුමාරිකාවෝ ටික ...

මං එයාලගේ වයස පිලිවෙලට නම් ටික කියන්නම් කෝ ..

සුසී

රන්වන් කෙස් කලඹක් තිබ්බ ..හරිම ලස්සන කුමාරිකාවක් එයා දිහා කොච්චර බලාගෙන ඉදියත් එපා වෙන්නේ නෑ ...හිත නිවන්න එයාගේ සුන්දරත්වයට පුලුවන් උනා ..

ලියා

අනිත් අයට නැති ලස්සන හිනාවක් එයාට තිබ්බා ...අනිත් අයට වඩා සුදු හමක් තිබ්බ එයා චන්ද්‍ර ලෝකයටම තමයි ගැලපුනේ..කාටවත් පරදින්නේ නැති ලස්සනක් තිබ්බා එයා දිහා ඕනම කෙනෙක් තවත් සැරයක් හැරිලා බැලුවා..

මීරා

මීරා එයාට වල ගැහෙන කම්මුල් දෙකක් තිබ්බා හරියට අපේ ජූන් කුමාරයාට වගේ...එයා හරිම ලස්සනයි කලු කොන්ඩෙ ගොතලා එයාට ලස්සනට ගැලපුනා ...

මියා

මියා හැමවෙලේම හිනාවෙලා හිටියා චූටි දේටත් එයා හරි ලස්සනට හිනා උනා ඒ හිනාව දැකලා අනිත් අයත් හිනා උනා එයාගෙ හිනාවෙන් අනිත් අය සතුටු කළා ...අග කැරලි ගැහුන කොණ්ඩයක් එයාට තිබුණා ...අලු පාට ඇස් ගොඩක් ලස්සනයි...

ආලි

දිග ලස්සන කොණ්ඩයක් තිබ්බ ආලි ටිකක් චූටියි එයාගේ පොඩිම නංගිටත් වඩා ...හිනාවෙනකොට එයා දිග ඇස් හීනි උනා ...ඒ ඇස් දිගම දිග ඇස් පිහාටු වලින් ලස්සන වෙලා තිබ්බා ...රිදි සීනුවක් හඩවනවා වගේ ලස්සන කටහඩක් එයාට තිබ්බා..

රෝස්

රෝස් නම් වගේම හරියට රෝස මලක් වගේ රතු පාට තොල් දෙකක් එයාට තිබ්බා ...නිල් පාටට හුරු කොණ්ඩයක් තමයි එයාට තිබුණේ...හිනාවෙකො ට හරි ලස්සනයි අනිත් අයට නැති හිනාවක් තමයි එයාට තිබුණේ...

ජූහි

ජූහි තමයි පොඩිම කුමාරිකාව ටිකක් කටකාර දගකාරයි එයා ... එයාගේ වැඩවලට හැමෝම හිනා උනා ...ඉන ගාවට දිග ලස්සන කොණ්ඩයක් එයාට තිබ්බා ..ඒ වගේම රිදී පාට ලොකු ඇස් දෙකක් තිබ්බා...

එතන හිටිය හත් දෙනාම එකිනෙකට වෙනස් ඒත් එයාලගේ ලස්සන, සුන්දරත්වය කා එක්කවත් සම කරන්න බෑ ...ඒ තරමට ලස්සනයි...

මේ තමයි මගේ කුමාරිකාවෝ ටික මං මෙයාලට ඔයාලා ගැන කියලා තියෙන්නේ...හොදයි එහෙනම් ඔයාලා කතා කර කර ඉන්න කෝ

_______________

මොනා කතා කරන්න ද නෙහ් 😩

හුග කාලෙකින් 😁

THE SEVEN PRINCES [Ongoing]Donde viven las historias. Descúbrelo ahora