THE SEVEN PRINCES 🌀 7

23 10 8
                                    


ජූන් කුමාරයයි හොබීයි මුණ ගැහිලා අදට දවස් තුනක් .ඒත් එයාලගේ යාළුකම අවුරුදු තුනකටත් එහා ගිය එකක් උනා .මේ කාලේ ඇතුලත ජූන් කුමාරයා හරි ලස්සනට හිනා උනා .එයාලා දෙන්නත් එක්කම නැටුවා,සින්දු කිව්වා මාලිගාවේ හිටියට වඩා ගොඩක් සතුටින් හිටියා .
හොබියි එයයි දැන් අත්තටු විහිදලා පියාබන කුරුලංලෝ දෙන්නෙක් වගේ.

දවස් තුනේම එයාලා ආවේ දේදුන්න පෙන්නපු පාර දිගේ .......

Hobi-අම්මෝ අද නං පුදුම මහන්සියක් තියෙන්නේ.

Jun- අර අතන පුංචි ගෙයක් තියනවා

Hobi-අපි ගිහින් බලමු ද?

Jun- හරි බලමුකෝ

දෙන්නත් එක්කම ගිහින් පුංචි ගෙදර දොරට තට්ටු කලා .

Hobi- ගෙදර කවුද?

කවුද ඔය

ඒ දොර ඇරගෙන එළියට ආවේ කොන්ඩෙ හොදටම අවුල් වෙලා නිදිමත ඇස් වලින් එයාලා දිහා බලන ඕනවට වඩා සුදු හමක් තියන පිරිමි ළමයෙක් ..

Jun- ආහ් මේ අපිට වතුර ටිකක් ගන්න පුලුවන්ද?

හ්ම් එන්න ඇතුලට

ජූන්ට වතුර කරාමේ පෙන්නලා එතනින් ගිය පිරිමි ලමයා ආයි එලියට ආවේ විනාඩියක් යන්නත් කලින්.ඒත් ඒ විනාඩියට එයා පුදුමාකාර විදිහට වෙනස් වෙලා .

අවුල් වෙච්ච කොන්ඩෙ වෙනුවට ලස්සනට පීරපු කොන්ඩෙ.දීප්තිමත් ඇස් දෙකක් ,ඒ වගේම එයාගේ හිනාව හරිම ලස්සනයි .

ඒත් එක්කම එයා හරියට පූස් පැටියෙක් වගේ කියලයි ජූන්ටයි,හොබීටයි හිතුනේ.දෙන්නත් එක්කම මේ විපර්යාසේ දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා.

ම්.....හ් ...හෙලෝ

Jun- ආහ් . සමාවෙන්න ඔයා කොහොමද මෙච්චර ඉක්මනට ඇදුම් මාරු කලේ?

ආ.... ඒකට කියන්නේ කඩිසර කම කියලා .

Hobi- ඔයාව දැක්ක ගමන් මෙච්චර කඩිසර යි කියලා හිතුනේ නෑ.

මං ටිකක් නිදා ගත්තා උදේ ඉදන් රෑ වෙනකං වෑඩ නිසා අද විතරයි නිවාඩු එදාට මං දවසම නිදා ගන්නවා ...ම්...

___________

කමෙන්ට් එකක් දාන්න ඈ 🌝

කල්පෙකින් නෙහ් 🌚

THE SEVEN PRINCES [Ongoing]Where stories live. Discover now