~දඩුවම ~

202 84 25
                                    

"දනවාකො මුද්ද ඔයී"

එහෙන් ජිමිනුත් කෑ ගහනවා අරහේ මිනිස්සු ඔක්කොම බලන් ඉන්නේ ජන්කුක් මුද්ද දනකන්..

"ටේ මට මුද්දක් හොයල දිපන් මගේ මගුල විනාස කරන්නද ඔනෙ"

"සුට්ටක් ඉන්ටකො එහෙනම්"

කියපු ටේ එතනින් ඉක්මනට දිව්වා. එත් එක්කම මිස්ටර් ජියොන් ජන්කුක් ලගට ආවේ ඇයි කියලා අහන්න වෙලා තියෙන දේ කිවහම එයාත් බැලුවේ මිසිස් ජියොන් දිහා .

හැමොම හිටියෙ ටිකක් කලබල වෙලා. එහෙන් ජිමින් හිටියෙ ජන්කුක් බෙල්ල ගලවන සයිස් එකේ.. තරහටම හොදටම රතු වෙලා.

ජන්කුක් හිමින් ජිමින් දිහා බලද්දි ජිමින් රවාගෙන බලන් හිටියා අයෙම ටක් ගලා ජන්කුක් අහක බලා ගත්තා. පව් අසරනයා.

ටිකකින් ටේ ආවේ දුවගෙන ජන්කුක් ඉන්න තැනට.. හති දදාම කොල්ලා ජන්කුක්ට මුද්දක් දික් කරා. එක කොහෙන්ද කියලා අහන්න ඔනේ උනත් තව වෙලා යන්නේ නැතුව ඉක්මනින් ජිමින්ගෙ ඇගිල්ලට මුද්ද දැම්මා.. ඊට පස්සෙ ජිමිනුත් ජන්කුක්ට මුද්ද දැම්මා.

ෆාදර් කිස් කරන්න කියද්දි ජන්කුක් හෙන සතුටෙන් ජිම්න්ගෙ ලිප්ස් ලගට නැවුනත් ජන්කුක් කටට අත තියලා නතර කරපු ජිමින් එක ඔනේ නැ කිවා..

"හනේ ඇයි ජිමික්කී"

"තමුසේ මුද්ද නැති කරගත්තාට සතියක් යනකන් මාව අල්ලන්න බැ"

කියලා ගස්සලා අහක බලා ගත්තා.

එක ඇහුව ජන්කුක් ඇස් දෙක පොල් සයිස් කරගෙන කෑ ගැහුවා.

"සතියක්!!"

එත් එක්කම එතනට ආවේ තරහා ගිය මුනක් එක්ක පිරිමි කෙනෙක්..

දූවලා ටේ ලගට ආපු එ මනුස්සයා ටේගෙ කොලර් එකෙන් අල්ලගෙන හොල්ලන්න ගත්තේ එයාගෙ මුද්ද දෙන්න කියලා..

ටේ හෙන අසරන මුනෙන් බලාගෙන හිටියෙ ජන්කුක් දිහා කට්ටියටම එතකොට තෙරුනා ටේ මේකාගෙන් මුද්ද උස්සගෙන ඇරන් ඇව්ත් කියලා..

"මගේ මුද්ද දිපන් මිනිහො මගේ ගෑනි මාව මරන් කයී.. ඔකිගෙ ඔම්මා දුන්න මුද්ද ඔක ඉහි ඉහි"

ටේව හෙන හයියෙන් හොල්ලන ගමන් අඩ අඩා කියන මනුස්සයා දිහා හැමොම බලන් හිටියා.. එහෙන් ටේ අර මනුස්සයා කොලර් එකෙන් අල්ලගෙන වනන වැනිල්ලට එයාත් ඔහෙ වැනි වැනි බලාගෙන ඉන්නවා.

"හරි හරි මුද්ද කොහොම හරි දැම්මානේ දැන් ඔක ඔය මනුස්සයට දෙන්න අපි පුතාට එකක් ගෙනත් දෙන්නම්"

කියලා මිසිස් පාර්ක් කියද්දි ජන්කුක් දාගෙන හිටපු මුද්ද ගලවලා අර මනුස්සයට දුන්නා..

"මේ ඔයා බැන්දේ මේයාද"

එ මනුස්සයා මුද්ද ඇරගෙන ජන්කුක්ගෙන් ඇහුවේ ජිමින්ව පෙන්නලා. ජන්කුක් ඔව් කියන්න ඔලුව වැනුවා..

"අහ්හ් ඔන්නම් මන් මුද්ද දාගෙන එයා ලගින් ඉන්නම් ඔයා ගිහින් මගේ ගෑනිව බැද ගන්න"

අර මනුස්සයා නැලවි නැලවි කියද්දි.. ජන්කුක් එහෙමම අර මනුස්සයාගෙ ඔලුවට එතන තිබ්බ පොල් ගෙඩියෙන් දුන්නේ සිහිය නැතුව ඇදගෙන වැටෙන්නම.. ඉට පස්සෙ බිම වැටුනු මුද්ද අරගෙන අයෙම ජිමින්ට දැම්මා..

"ආවා මේතන මගේ සිමික්කි බදින්න හුම් දන්නෑ මේ කුක්ලට්ගේ හැටි දැක්කානේ ගහනවා පොල්"

හැමොටම ඇහෙන්න කියපු ජන්කුක් දාගෙන හිටපු බ්ලොසර් එකත් හදාගෙන එයා දිහා කට ඇරගෙන බලාන් ඉන්න ජිමින්ගෙ අතින් අල්ලගෙන ලගට ගත්තා..

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Where stories live. Discover now