එහෙම වුණ එකේ 1වන කොටස

842 67 6
                                    


🏃 🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃

ශාන් දුවගෙන ගිහින් යන්න හදන බස් එකට නැග්ගෙ වැටෙන්නත් යද්දි. දාඩිය පෙරාගෙන දුවගෙන ආව ටිකට කකුල් දෙකත් එක්ක වෙවුලනවා. ඉක්මනට කාඩ් එක මැෂින් එකට අල්ලලා ඇතුල් වුණා. මං හිතන්නෙ කාඩ් එකට වැදුනේ ඊට කලින් නැගපු කෙනාගෙ ටිකට් එක වෙන්නැති. එයා හති දාන ගමන් ම බස් එ⁣ක පුරාම දෑස් යැවුවෙ වාඩිවෙන්න ෂීට් එකක් තියනවද බලන්න. බස් එක පිරෙන්න ම ෂීට් තිබ්බා. හැබැයි ඒ ඔක්කොගෙම කට්ටිය වාඩි වෙලා. මොනා කරන්නද? පොල්ලක් අල්ලන් හිට ගත්තා. හිටගෙන ඉන්නත් හරියට ඉඩක් නැති වුණේ ඊළඟ හෝල්ට් එකෙන් තව ලෝඩ් එකක් නැගපු නිසා. එයා තල්ලු වෙවී මැද්දට ගියා. අමාරුවෙන් පැයක් විතර ගියාට පස්සෙ සෙනග ටිකක් අඩු වුණා. හිටගෙන ඉන්න බැරි තරම් අමාරුවක් දැණුන නිසා ශාන් වට පිට බලලා ශීට් එකක පැති ඇන්දක පස්ස ලාවට තියා ගත්තෙ වෙන කරන්න ම දෙයක් නැති තැන.

     ඒ ශීට් එකේ හිටපු මනුස්සයා මේ ලෝකෙ වගක් නැතුව නිදි. උස බව පෙණුනත් ඒ මනුස්සයා එච්චර මහත නැති නිසා ශාන්ට අයිනෙ වාඩිවෙලා යන්න බාධාවක් වුණේ නෑ.

     තවත් පැයක් වගේ යනකොට ශාන්ටත් හොඳට ම නිදිමත වුණා. ඉන්න බැරි වුණත් කරන්න දෙයක් නෑ. තාම ශාන් ට ශීට් එකක් නෑ.

❤️මේ මිනිස්සු එකෙක්වත් බහින්නෑනෙ. කොහෙ යනවද මන්දා? ඒත් ඉතිං මං මේ කොහෙද යන්නෙ..........?

     විකාරෙන් වගේ එක එක ඒවා හිතමින් ශාන් නිදි කිරමින් ගියා. දැන් ශාන්ගෙ පස්සත් රිදෙන්න අරං. අර ඇන්දෙ වාඩිවෙලා ඉඳලා. එහෙන් නින්ද යනවා. අර වාඩි වෙලා ඉන්න මනුස්සයගෙ ඇඟේ වැටෙන්න යනවා.

     දැං දැං පාරත් ටිකක් සවුත්තු නිසා බස් එක ගැස්සෙනවා වැඩියි. ශාන්ගෙ බඩත් කැලතෙන්න අරං. අමාරුවෙන් නිදිමතේ වැනි වැනී හිටපු ශාන් ශීට් එකේ උස ඇන්දට හිස තියා ගත්තේ ඉන්න බැරි තරම් අමාරුවෙන්. ශාන්ට එහෙම්ම ම නින්ද යාගෙන ආවා. එයා ඇස් දෙක පියාගෙන ම හිටියෙ වමනෙ යන්නත් එන නිසා. මහන්සියයි, අමාරුවයි ඔක්කොමක් එක්ක කොල්ලට නින්ද ගියා.

     එක පාරම බස් එකේ රෝදෙ වලකට වැටිලා කැරකිලා ආව නිසා බස් එක ගැස්සිලා ගියා. ශාන් නින්දෙන් ම උඩ ගිහිං වැටුණා. හැබැයි වැටුණෙ හිටපු තැනට නෙවෙයි. අර වාඩිවෙලා නිදාගෙන හිටපු මනුස්සයගෙ උකුලට...

     අනේ දෙයියනේ කොල්ලට කොච්චර අමාරුද කියනව නං ඒත් ඇහැරුණේ නෑ. ඉඳං හිටපු තැනට වඩා දැං වැටිච්ච තැන හොඳයි කියලා ශාන් තවත් හොඳට හරි බරි ගැහිලා නිදා ගත්තා. පුදුමෙ කියන්නෙ ඒ මනුස්සයත් හෙලවුණේවත් නෑ. දැන් දෙන්නා එක පොදියට නිදි.

     ශාන් අර මනුස්සයගෙ උකුලෙ වාඩි වෙලා, කකුල් දෙක ඇන්ද උඩින් ගිහිං දනිස් දෙකෙන් බිමට එල්ලිලා. ශාන්ගෙ ඔළුව අර මනුස්සයගෙ උරහිසයි බෙල්ලයි අතර .....

එහෙම්ම පැද්දි පැද්දි වැනි වැනී ගිහිං බස් එක නතර වුණා. වෙලාව නවයත් පහු... රෑ.

ඩ්‍රයිවර් පස්ස හැරිලා බැලුවා. ජෝඩුවක් තුරුල් වෙලා නිදි. පොරට හිනා ගියා.

"නැගිටිනවලා........ මෙතනින් එහාට බස් එක යන්නෑ........"

ඉඳං හිටපු මනුස්සයට ඇනලා කිවුවා. එයා ගැස්සිලා ඇහැරුණේ.

💚ම්....හ්...... ආ......ආ....... හරි හරි........ සොරි........

ම්........ යීබෝ නැගිට්ටා.... නෑ....... නැගිටින්න හැදුවා. බෑ...... බර දෙයක් උකුලෙ. මොකද්ද..............?

ගුලියක්.............


නෑ මිනිහෙක්..........!!!


📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Waar verhalen tot leven komen. Ontdek het nu