එහෙම වුණ එකේ 9වන ⁣කොටස

333 59 3
                                    


💚ඔයාගෙ ඉන්හේලර් එක ඉවර නිසා එකක් ගෙනාවා. මේ මාසෙ කාමර කුලී දෙන්න එපැයි. ඔයා ළඟ සල්ලි ඉවර බව මං දැක්කා.

❤️ක්..........කාර්ඩ් එ.....එකෙන් ගන්නම්ද?

ශාන් ගොත ගගහ ඇහුවෙ අවදානම දන්න නිසා.

💚ඔයාට ආපහු පපා ළඟට යන්න ඕනද කිච්චො?

යීබෝ ඇහුවෙ ටිකක් කල්පනා කර කර ඉඳලා.........

❤️නෑ..............

💚එහෙනං ඒක පාවිච්චි කරන්න බෑ අපිට. ඒක පාවිච්චි කරොත් පැය භාගයක් යනකොට පපා ඔයාව හොයා ගනී.

❤️හ්ම්..............

ශාන් දිගටම යීබෝගෙ පිට අත ගෑවා. යීබෝට නින්ද ගියා. ශාන්ට රෑ මැදක් වෙද්දි නින්ද ගිහිං. ඒත් එළිවෙන අතේ ශාන්ට ඇහැරුණා.

💚ම්හ්.......... ආ......... ම්........ අනේ........... සීතලයි.............ම්............

❤️ම්........ඇයි...........?

ශාන් නැගිටලා ඇඳේ ඉඳගත්තෙ එයා මුළු රෑම යීබෝ ගැන කල්පනාවෙන් හිටි නිසා හරියකට නින්ද ගිහින් තිබ්බෙ නැති නිසා.

💚......................

❤️බච්චෝ........... ඇයි පිට රිදෙනවද? මං අත ගාන්නද?

ශාන් ආයෙත් යීබෝ⁣ගෙ කමිසෙ උස්සලා පිටෙන් අත තිබබා.

❤️දෙවියනේ බච්චො.............!!! ඔයාට උණ.......... කෝ නැගිටින්න.......... අපි බෙහෙත් ගේන්න යමු.

ශාන් බය වෙලා කෑ ගැහුවෙ එයා බෙහෙතක් දෙන්න දැනං හිටියෙ නැති නිසා.  යීබෝ නැගිට්ටෙ නෑ. ශාන් කොච්චර කතා කළත් යීබෝ කෙඳිරියක්වත් නැගුවෙ නෑ. අල්ලපු කාමරේ කොල්ලවත් අඬ ගහගෙන ශාන් යීබෝව කැබ් එකකට දාගෙන ළඟම තිබ්බ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට අරං ගියේ වෙන කරන්න දෙයක් දැනගෙන නොහිටපු නිසා.

ප්‍රතිකාර නිසා යීබෝට උදේ වෙද්දි තරමක් හොඳ වෙලා තිබ්බා. ඒත් ඇඳෙන් නැගිට ගන්නවත් බෑ. කොන්දෙ අමාරුවටත් බෙහෙත් දීලා බැන්ඩේජ් කරලා තිබ්බා.

👩‍⚕‍ගොඩක්ම දුර්වල වෙලා හිටියෙ. BPත් අඩුයි. ඒ වගේම HB එකත් බැහැලා. හරියට පෝෂණයක් තිබිලා නෑ ඇඟට කාලයක් තිස්සෙ ම.

❤️ආ.......... එයා කාලා නැද්ද? එයා හැම වෙලේ ම වැඩිය කන්න බෑ කිය කියා ඉතුරු කරනවනෙ. දවල්ට කන්න ගෙනියන්නෙත් නෑ. එළියෙන් කන්නං කියනවා. එහෙනං ඒ බොරුද?

👩‍⚕‍හ්ම්..........මං හිතන්නෙ එයා එයාගෙ පංගුවත් ඔයාට කවලා. කාලයත් එක්ක ආව කො⁣න්දෙ අමාරුවක් තියෙන්නෙ. බර වැඩ කරාද?

❤️.................

කොල්ලට ඇඬුණා.

👩‍⚕‍ම්........ මට තේරෙනවා. හැමදේම ඉවසගෙන එයා ඔයාව හොඳින් තියන්න උත්සහ කරලා....... එහෙම නේද?

❤️........................

ශාන් ඔළුව වැණුවා.

👩‍⚕‍කමක් නෑ. අපි හොඳම විදියට එයාට ට්‍රීට්මන්ට් කරනවා. ඉක්මනින් සනීප වෙයි.

එහෙම කියලා ඩොක්ටර් ගියා. ශාන් යීබෝ ළඟට ආවා.  තාම නිදි. උණ අඩුයි කියලා ඩොක්ටර් කිවුවා. යීබෝගෙ වෙහෙස පාට මූණ දකිනකොට ශාන්ට ඇඬෙනවා. ශාන් හොඳට ම ඇඬුවා. හේතු කීපයක් තිබ්බා එයාට අඬන්න.

❤️බච්චියෝ............ බච්චි බෝලේ............ මගෙ බච්චියෝ........... මට සමා වෙන්න........... මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. මට බලං ඉන්න බැරි වුණා............ අනේ මගේ බච්චි බෝලෙ........... තරහා නෑ නේද?

📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Where stories live. Discover now