එහෙම වුණ එකේ 4වන ⁣කොටස

343 59 7
                                    


පර්ස් එක අරං සල්ලි ගණං කරපු යීබෝ ටිකක් කල්පනා කරා. උදේට කන්න සල්ලි ඇති. ඒත් දෙන්නෙක්ට...

💚ආයිශ්...!!! මං මේ ඇටිකිච්චටත් කන්න අරං දෙන්න ඕනද...? ඒත් ඒ මොකටද? ඕන්නෑ... මං එළියෙන් කනවා....

යීබෝ යන්න ගියා. ශාන් තාම නිදි. කොරිඩෝවෙ ටිකක් දුර යනකොට යීබෝ කල්පනාවට වැටුණා.

💚මූව මොකෙක් හරි උස්සන් යයිද? පොඩි එකෙක් වගේ ඉන්නවනෙ. කිසිම ⁣සමාජ දැනුමක් නෑ. ඕන එකෙක්ට අහු වෙනවා ලේසියෙන්. දැක්කනෙ මං එක්ක ආව හැටි.

ඇත්තට ඇයි යීබෝ ඒවා කල්පනා කරන්නෙ? අනේ මන්දා...

💚ආයිශ්....... මං ඇයි ඒවා හිතන්නෙ...? ඕන එකක් වෙච්චදෙන්...

යීබෝ එතනම නැවතුණා. ආපහු හැරිලා කාමරේට ගියා. කොල්ලා තාම නිදි. යීබෝගෙ ලොකු ටීෂර්ට් එක උඩ ගිහිං. ඉන පේනවා. ෂෝටෙ කලිසම් කකුල් දෙකත් ඉස්සිලා. දණිස්සට උඩින් අඟල් හතරක් පහක් වගේ එළියෙ. යනකොට හිටපු විදිය නෙවෙයි දැං. මුනින් අතට හිටපු එකා උඩ අතට හැරිලා.

💚සුදු...!!! චූටි ඉන...!!! අම්මෝ ඒ කකුල්...!!!

💚නවත්තපං යීබෝ... පිස්සුද...? මොනාද තෝ බලන්නෙ? ඕවා බලන්නද ආවෙ?

යීබෝ අහක බලා ගත්තා. අහක බලාගෙන ම බෙඩ් ෂීට් එක ඇදලා අරං දැම්මා ශාන්ගෙ ඇඟට.

💚ඕයි......... නැගිටිනවා!!!

යීබෝ සද්දෙන් කතා කළා.

ශාන් ගැස්සිලා

❤️එපා.......හ්...!!!

ගාගෙන නැගිට්ටා.

ශාන් ඇඳෙ ඉන්දවුණා. දාඩිය දාලා. කොල්ලා බයවෙලා. ඇස් ලොකු කරං වටපිට බැලුවා. කතා කර ගන්න බෑ. යීබෝට අත දික් කරා.

තප්පර තුනකට විතර පස්සෙ ශාන්ගේ ඇස් උඩ ගියා. හුස්ම උඩට අදිනවා විතරයි. හුස්ම ගන්න පාරට ශාන් ඉස්සෙනවා. යීබෝ ශාන් ළඟට ගියා. ශාන් බෑග් එකට අත දික් කරනවා. යීබෝ බෑග් එක අරං දුන්නා. ශාන්ට පණ නැතුව ඇඳ උඩට වැටෙන්න ගියේ. යීබෝ ශාන්ව අල්ල ගත්තා. ශාන් යීබෝගෙ කමිසෙන් මිරිකලා අල්ලගෙන හුස්ම ගන්න දඟලනවා.

යීබෝ අනෙක් අතෙන් ශාන්ගෙ බෑග් එක ඇඳ උඩට හැළුවා. ඒකෙ තිබ්බා ඉන්හේලර් එකක්. මොකද්ද දන්නැති වුණත් යීබෝ ඒක අරං ශාන්ගෙ කටට තියලා ප්‍රෙස් කරා. යීබෝත් බය වෙලා.

මිනිත්තුවකට විතර පස්සෙ ශාන් සන්සුන් වුණා. යීබෝගෙ පපුවෙමයි තාමත්.
ටිකකින් යීබෝ කතා කළා.

💚මොකද තමුසෙට?

❤️ඇ...ඇස්ත්මා..........

💚එහෙම තියාගෙනද තමුසෙ ආතක් පාතක් නැතුව ඇවිදින්නෙ?

ශාන් යීබෝගෙන් අයින් වෙලා බාත්රූම් ගියා. යීබෝ බලං හිටියා. ටිකකින් ශාන් එයාගෙ ඇඳුම් ඇඳගෙන යීබෝගෙ ඇඳුම් අතේ අරං ආවා.

❤️ම්...මේ...මේවා......හෝදලා දෙන්නද?

💚ඕන්නෑ. තමුසෙ තියා ගන්නවා.

කිවුවා විතරයි ශාන් ඔක්කොම බෑග් එකට ඔබා ගත්තා.

💚දැං කොහෙද යන්නෙ?

❤️..................

💚මං යනවා ටික කාලයක් නවතින්න පුළුවන් තැනක් අඩු ගානට හොයා ගන්න. ඕන්නං තමුසෙට උදේ කෑම අරං දෙන්න පුළුවන්.

❤️හ්ම්......

📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Wo Geschichten leben. Entdecke jetzt