එහෙම වුණ එකේ 11වන ⁣කොටස

320 61 2
                                    


🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯

පපාත් එක්ක ආව ශාන් ආයෙ ගේ අස්සෙ හිර වුණා. ඒ ශාන්ගෙ කැමැත්තෙන්. ශාන්ගෙ පපා කොච්චර එයාව එළියට ගන්න හැදුවත් එයා ඉස්සර වගේ කාමරේ අස්සටම වෙලා හිටියා. පපා ආයෙමත් ශාන්ට අර මංගල යෝජනාව ගෙනාවා. ශාන් හැමදේකට ම නිශ්ශබ්ද ව හිටියෙ හැඟීමකින් නෙවෙයි.

මාස දෙක තුනකට පස්සෙ ශාන් ඔෆිස් එකේ වැඩ ඉගෙන ගන්න ගියා. ජන්ම පුරුද්දට වගේ එයාට ඉක්මනින් ම ඒවා ඉගෙන ගනන පුළුවන් වුණා. යීබෝ නැති පාළුව මගහැර ගන්න ඕනවට ශාන් හිතා මතාම කාර්යබහුල වුණා. ඒකෙන් අර කෙල්ල ව මගාරින්නත් පුළුවන් වුණා. ඉතිං ශාන් ඔෆිස් එකට ඇබ්බැහි වුණා. ඒක හෝල්ඩින්ග් එකට නං වාසි විදිහට තමයි බලපෑවෙ. මේකෙන් ශාන්ගෙ පපාට විවේකයකුත් ලැබුණා.

මාස දෙකතුනක් යනකොට යීබෝට තනිකම දරාගන්න බැරුව ෂැංහයි ආවා. එයාට නිකම්ම ශාන්ව හොයා ගන්න පුළුවන්කම තිබ්බත් එයා එක පාරම ගියෙ නෑ. ශියාවෝ හෝල්ඩින්ග්ස් හොයාගෙන ඒ හරියෙ පාර්ට් ටයිම් ජොබ් එකක් හොයා ගත්තා. ෂැංහයි වලින් ම රූම් එකක් හොයා ගත්තා. අඩු ගානට. කිසිම පහසුකමක් නෑ. ඇඳක්වත් නෑ. මෙට්ටෙයි බිත්ති හතරයි විතරයි. ෂැංහයිවල මොකුත් ලාබෙට නෑ.

යීබෝට ම හිතා ගන්න බෑ එයා මේ වගේ ගමනක් ආවා කියන එක. ඒත් එයා ඇවිත්........... සිහියෙන් නෙවෙයි වගේ වැඩ කළේ.

හැමදාම යීබෝ හතරට පහට වැඩ ඉවරවෙලා එන්නෙ ශාන්ලගෙ කමපනි එක තියන පාරෙන්. එයා පාර අයිනට වෙලා ඒ ගොඩනැගිල්ල දිහා බලං හිටියා. නිකං නෙවෙයි... කල්පනා කර කර.

'එයා මෙච්චර ලොකු කම්පනි එකක අයිතිකාරයෙ⁣ක්ද? මට එයාට හරියට කන්න දෙන්නවත් බැරි වුණා. '

'පොඩි එකෙක් වගේ මගේ ළඟට වෙලා හිටිය හැටි. රණ්ඩු කරපු හැටි'

හැමදාම යීබෝ ශාන්ගෙ ඔෆිස් එක දිහා බලං ඉඳලා තමයි යන්නෙ. ශාන්ගෙ වාහනේ වෙන්නැති කියලා හිතාගෙන කළු වීදුරු තියන ලක්සරි කැබ් එක යනකං ඉඳලා තමයි යීබෝ කාමරේට යන්නෙ.

💚තමුසෙ නැතුව මේ මාස ගානට ම මට හරියට නින්දක් නෑ කිච්චො............ තමුසෙට නින්ද යනවද මං නැතුව.......?

හූල්ල හූල්ල යීබෝ මෙට්ටෙ දාලා ඇල වුණා.

ඒ අස්සෙ ශාන්ලගෙ ගෙදර ශාන් එක්ක ලෙලේ ලොකු රහස් කතාවක්...

🧔චූටි සර්........ මං දැං දවස් ගානක් දැක්කා මිනිහෙක් පාර අයිනෙ ඉඳලා ඔෆිස් එක දිහා බලං ඉඳලා සර් ආවම හැරිලා යන්න යනවා. මට සැකයක් ආවා. ලොකු සර්ට කියන්න කලිං මං මේ චූටි සර්ට කිවුවෙ.

❤️කවුද ලෙලේ අංකල්? පපාට කියන්න කලිං අපි බලල ඉමු නේද?

'මං දන්නෑ බච්චො..... මට නිකම්ම ඔයාව මතක් වුණේ.'

📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Where stories live. Discover now